ගණන්කාර කෙල්ලෝ හදලා “දංගල්” චිත්‍රපටයෙන් ජාත්‍යන්තරයට ගිය තාත්තා – මහාවීර් සිං පොගට්

සාමාන්‍යයෙන් ව්‍යවහාරයේ කියන්නේ සියුමැලි , ලස්සන දුවල හදන තාත්තලා තමයි නියම දක්ෂයෝ කියල. නමුත් Goodhousekeeping.lk පාඨක අපි නම් දුවෙක් හදන්නේ ගුණෙන්, බුද්ධියෙන් , රැකියාවෙන් , මිල මුදලින් හැම අතින්ම පිරිමි දරුවෙකුට සමාන වෙන්න.

fb- like-beg


මේ කතාව තරමක් වෙනස් විදිහට දූවරු හදලා දෙස් විදෙස් සම්මානයට පාත්‍ර වුන පියෙක් ගැනයි.

අපේ අසල්වැසි ඉන්දියාවේ ග්‍රාමීය පලාත්වල සාමාන්‍යයෙන් දුවෙක්ව ඇති දැඩි කරන්නේ අනාගතේ හොඳ බිරිඳක්, ලේලියෙක් වෙලා ගෙදර දොර යුතුකම් ඉටු කිරීම සදහා පමණයි. එහිදී ඔවුන්ට උගන්වන්නේ තම රූපය රැක ගැනීම, ආහාර පිළියෙළ කිරීම, පවිත්‍ර කිරීම් වගේ දේවල් විතරයි. ස්වප්නා කතාවෙන් පිළිබිඹු වෙන ආකල්ප තමයි ගොඩක් ග්‍රාමීය දෙමාපියෝ තුල තිබෙන්නේ.

මේ වගේ පරිසරයක මහාවීර් සිං නම් මිනිසා එකල ගැහැණු ළමයි විසින් නොකරන ක්‍රීඩාවක් ලෙස සැලකුව මල්ලව පොර නැත්නම් Wrestling ක්‍රීඩාව කිරීමට පුහුණු කරවනවා.

මහාවීර් සිං සහ දියණියෝ

දංගල් චිත්‍රපටය සහ මහාවීර් සිං ගේ කතාව

2012 වසරේ ආදායම් වාර්තා බිඳ හෙලමින් මේ අසාමාන්‍ය පියාගේ කතාව “දංගල්” චිත්‍රපටයට නැගුනා. එහිදී ඔහුගේ චරිතය රඟපාන ලද්දේ අමීර් ඛාන් විසිනුයි. ඉන්දියාවේ හර්යානා පළාතේ හින්දු පවුලක උපන් ඔහුට තරුණ වියේදීම මල්ලව පොර ක්‍රීඩාව අතහරින්නට සිද්ධ වෙන්නේ ඔහුගේ පවුලේ තිබුන දුප්පත්කම නිසයි. නමුත් ඔහු අධිෂ්ටාන කරගන්නවා තමාට පුතෙක් ඉපදුනහම ඒ හීනය සැබෑ කරගෙන පුතාව රටේ ප්‍රසිද්ධ මල්ලව පොර ශූරයෙක් කරනවා කියලා.

නමුත් ඔහුගේ දයාබර භාර්යාවට උපදින දරුවෝ හතර දෙනාම ගැහැණු ළමයි. එයින් බොහෝ වේදනාවෙන් පසු වෙද්දී දිනක් ඔහුගේ වැඩිමල් දියණිය සහ දෙවෙනි දියණිය පාසල් ඇරිලා ගෙදර එන අතරතුර තමන්ට විහිලු කරපු පිරිමි ළමයෙක්ට හොඳටම ගහනවා. මේ සිද්ධියෙන් පස්සේ ගැහැණු දරුවන් ගැන මහාවීර් තුල තිබුන අදහස් ඉවත් වෙනවා.

දංගල් චිත්‍රපටයේ අමීර් ඛාන් මහාවීර් ගේ චරිතය නිරූපණය කරමින්.

ඔහු හිතා ගන්නවා දියණිවරු නිසි ලෙස පුහුණු කළ යුතුයි කියල. ඉන් පස්සේ තද ශාරීරික පුහුණුවක් සහ ආහාර ලබා දීමක් එක්ක මේ දරුවෝ දෙන්නා මල්ලව පොර ක්‍රීඩාවට යොමු වෙනවා. දහසකුත් එකක් කම්කටොලු සමාජ අපවාද, කොන් කිරීම් මැද නොසැලී ඔහු දියණිවරු පුහුණු කරනවා.

මේ වෙනුවෙන් ඔහුගේ භාර්යවගෙන්ද නොමද සහයෝගයක් ලැබෙනවා.

මහාවීර්ගේ දැඩි පුහුණුව හා දඬුවම් ඔවුන්ව ජාත්‍යන්තරයට ඔසවා තබනවා. චිත්‍රපටයේ දඬුවමක් ලෙස දියණියන් ගඟට පන්නවන දර්ශනයක්

ලෝක ශූරියෝ තුන් දෙනා – ගීතා , බබිතා සහ විනේෂ් පොගට් සහෝදරියෝ

අවසානයේ ඔහුගේ වැඩිමහල් දියණිය පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී මල්ලව පොර ක්‍රීඩාව වෙනුවෙන් පළමු රන් පදක්කම දිනා ගත් ඉන්දියානු කාන්තාව බවට පත් වෙනවා. දෙවෙනි දුව බබිතා අක්කාගේ අඩිපාරේ යමින් ඉන්දියාවේ ජාතික මල්ලව පොර ශූරිය වෙනවා.

මියගිය සිය සොයුරාගේ දියණියන් දෙදෙනාවත් හදා වඩා ගන්න ඔහු ඔවුන්වත් මෙම ක්‍රීඩාවට පුහුණු කරනවා. විනේෂ් පොගට් කියන්නේ එයින් එක දියණියක්. ඇයත් පසුව පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් දිනනවා.

ලෝක ශූරියන් තිදෙනා මහාවීර් සහ බිරිඳ සමග

ඔහුගේ කතාව අපිට වැදගත් ඇයි?

  • ගමක උපන් ඔහුගේ දියණිවරු හදා වඩා ගත් කතාව මුළු ඉන්දියාවේම දෙමාපියන්ට නව ආදර්ශයක් සැපයුවා.
  • ඔහු කතාවෙන් වචන වලින් වැඩ කල මිනිසෙක් නොවේ, ඔහු වැඩ කලේ ක්‍රියාවෙන්. අරමුණක් ඇති කර ගැනීම , ඒ අරමුණ වෙනුවෙන් දිවා රාත්‍රී කැප වීම, ඒ අරමුණට එන බාධා ඉදිරියේ නොසැලී ක්‍රියා කිරීම ඔහුගේ චරිතයේ හැම විටකම කැපී පෙනුනා.
  • ඔහු නිතරම් ඇදහුවා ඔබ සැබෑ දෙමාපියෙක් නම් ඔබේ දුවට විවාහයට බල කිරීම පසෙක තබා ඔවුන්ගේ ජීවිතයේ ප්‍රර්ථනා , සිහින මුදුන්පත් කර ගන්න හැකි සැම සහයෝගයම දිය යුතුයි කියල.
  • දියණියට සමතැන දීම ආරම්භ විය යුත්තේ ගෙදරදී යයි ඇදහු ඔහු ධෛර්යය කියන්නේ සාර්ථක ජීවිතයකට වටිනාම ගුණ ධර්මයක් බව පෙන්වා දුන්න කෙනෙක්.
  • මේ අසාමාන්‍ය පියා කියන්නේ ඇත්තටම හැම පියෙක්ටම ආදර්ශයක්.
දංගල් චිත්‍රපටය අතරතුර ගීතා , බබිතා , මහාවීර් අමීර් ඛාන් සමග
SHARE

NO COMMENTS