ආහාර ගැනීමේ ආචාර ධර්ම – Dining Etiquette – 2 කොටස

සාදයකදී නිසි ලෙස ආහාර ගැනීම කියන්නේ ඔබේ පෞර්ෂයට ගොඩක් වැදගත් දෙයක්. ඔබේ රාජකාරී භෝජන සංග්‍රහ, උසස් සාද ආදියට ඔබට ආරාධනාවක් ලැබුනහම කොහොමද හැසිරෙන්නේ කියන එක ඉගෙන ගැනීම ගොඩක් වැදගත් වෙනවා. මේ ලිපිය අනිවාර්යයෙන්ම කියවන්න.

fb- like-beg


09) නිවැරිදි ලෙස ආහාර ගැනීම

ඇයි මේ ශිෂ්ඨ රීති ඇතිවුණේ? අපි මිනිස්සු. අපි සත්තු වගේ ආහාර ගැනීම නවත්වන්න තමයි මේ වටිනා රීති ඇතිවුණේ. මේසයක ඔබ ආහාර ගන්නා විට පැමිණ සිටින ආරාධිතයන්ගේ පිළිකුල් අවධාණය ඔබ වෙත යොමු නොවීමට වගබලා ගන්න. සමාජය මැද ආහාර ගන්නා විට ඔබ නුගමනය කළයුතු ශිෂ්ඨ රීති පහතින් දැක්වෙනවා

  1. හිඳගැනීමට පෙර ඔබ ජංගම දුරකතනය ක්‍රියා විරහිත කරන්න. අන් අය ඉදිරියේ දුරකතනයන් කතා කිරීම හා කෙටි පණිවිඩ යැවීම නොකළ යුතුයි.
  2. කටේ කෑම පුරවගෙන කතා කරන්න එපා. එය පිළිකුල උපදවන ක්‍රියාවක්. කවුරුන් හෝ ඔබෙන් ප්‍රශ්නයක් ඇසුවොත්, කටේ ඇති කෑම ගිලීමෙන් පසුව පමණක් පිළිතුරු දෙන්න.
  3. ලුණු, ගම්මිරිස් හා අනිත් රසකාරකයන් එකතු කිරීමට පෙර කෑම එක් වරක් හෝ රසවිඳින්න. කෑම රස නොබලා එසේ කිරීම මඟින් ඔබට ආරාධනා කළ මිතුරියට අවමානයක් සිදුවෙන්න පුළුවන්.
  4. ඔබේ පිඟානේ ඇති ආහාර සියල්ල එකවර කපා සකසන්න එපා. කටකට හෝ දෙකකට සෑහෙන ප්‍රමාණයක් පමණක් කපා සකසන්න.
  5. කෑමට කිසිවිට පිඹින්න එපා. ඔබේ කෑම උණු වැඩිනම්, තරමක් සිසිල් වෙනතුරු මිනිත්තු කීපයක් ඉන්න. සුප් බොන විට හැන්ඳ ඔබෙන් ඉවතට යන ලෙසින් හැන්ඳට සුප් පුරවගන්න.
  6. සමහර ආහාර ගැනීම සඳහා ඔබට ඇඟිලි භාවිතාකරන්නම සිදුවෙනවා. ඉතින්, ඔබට ආරාධනා කළ මිතුරියව අනුගමනය කරන්න.
  7. වයින් වීදුරුවක් ඇල්ලිය යුත්තේ එහි කඳෙනි. වීදුරුවේ උඩ කොටසින් අල්ලන්නේ නෑ.
  8. ඔබ පාන් පෙත්තක් කැඩිය යුත්තේ එක් කටකට සෑහෙන ප්‍රමාණයේ කැඹලි වලටයි. බටර් ගාන කොටත් එක කැබැල්ලකට පමණයි එකවර ගාන්න ඕනේ.
  9. ඔබේ කෑම පිඟානේ ඇති සියල්ලෙන්ම අඩුම තරමෙන් කටක් හෝ දෙකක් කන්න. හැබැයි ඔබට යම් කෑමක් ඇලජික් නම්, එය පමණක් මගහරින්න.
  10. ඔබ ආහාර වේල රස වින්ඳා නම්, ඔබේ මිතුරියට ඒ ගැන වර්ණනා කරන්න. ඔබ රස වින්ඳේ නැතිනම්, කිසිවක් කියන්න එපා.
  11. ආහාර ගැනීමට පමණක් හැඳි/ගෑරැප්පු ආදිය භාවිතා කරන්න. අහිනය සඳහා ඒවා භාවිතා කරන්න එපා.
  12. ඔබේ වැලමිට මේසය මත තියන්න එපා. ඔබ භාවිතා නොකරන අත උකුල මත තියාගන්න.
  13. ආහාර ගැනීමේදී ඔබට ආරාධනා කළ මිතුරුයගේ වේගයෙන්ම ආහාර ගැනීමට උත්සාහ කරන්න.
  14. කන විට තලු මැරීම, ගුඩුස් යැවීම වැනි දේ කරන්න එපා.
  15. වැරදීමකින් ඔබේ අතින් අවන්හලක මේසයේ යමක් ඉහුරුනොත්? අවන්හලේ මෙහෙකරුවන්ගේ උපකාරය පතන්න. ඔබ පුද්ගලික සාදයක මේසය මත යමක් ඉහුරුවොත්, ඔබ විසින් පිරිසිදු කිරීමක් කළ යුතුයි. අවශ්‍යනම්, අමතර පිරිසිදුකිරීමක් සඳහාද දායකත්වය ලබාදෙන්න.
  16. ඔබ ආහාර ගැනීම අවසන් කළ පසුව, ඔබේ හැඳි/ගෑරැප්පු ආදිය ඔබේ පිඟානේ හෝ භාජනයේ තියන්න.
  17. ටූත් පික් එක හෝ දත් පිරිසිදුකරණය මේසය මත තියන්න එපා.
  18. ආහාර ගැනීමෙන් පසුව ඔබට එතැන හිඳගෙනම නැවත වතාවක් ඔබේ තොල් ආලේපනය ගල්වන්න පුළුවන්. නමුත්, මුළු මේකප් එකනම් එතැනම සිට කරන්න එපා.

10) ආහාර ගැනීමෙන් පසුව

ඔබේ නැප්කිනය දැන් භාගෙට නමා මේසය මත පිඟානේ වම් පැත්තෙන් තියන්න. ඔබට ආරාධනාව කළ මිතුරිය “දැන් අවසන්” බව පැවසීමෙන් පසුව ඔබට කෑම මේසයෙන් නැගිටින්න පුළුවන්. කාපු ගමන් ගෙදර දුවන්න නම් හදන්න එපා. ආහාර වේල ගැනීමෙන් පසුව අවම වශයෙන් පැයක් වත් මිතුරියගේ නිවසේ කාළය ගතකරන්න. ඔබට හදිසි වෙන වැඩක් තියෙනවා නම්, ඇයට ඒ වග පවසන්න පුළුවන්. සාදයෙන් පිටවී යාමට පෙර ඔබට ආරාධණාව කළ මිතුරියට හා ඇගේ පවුලේ අයට ස්තූති කරන්න. ඔබේ හොඳම මිතුරියට නම් සුද්ද පවිත්‍ර කරන්න උදව්වක් දෙන්නත් ඔබට පුළුවන්.


11) අවසානයේ

ඔබට ආරාධණා කළ මිතුරියට ස්තූති පණිවිඩයක් යවන්න. ඔබට කාඩ් එකක් යවන්න පුළුවන්, නැතිනම් ඊමේල් එකක් යවන්නත් පුළුවන්. හැබැයි දිනක් හෝ දෙකක් ඇතුලත මෙය කරන්න ඕනේ. එම පණිවිඩයෙන් ඇයට ස්තූතිකරන්න. ඒ සමගින් ධණාත්මක වර්ණනාවක් කරන්නත් පුළුවන්. එය හදවතට දැනෙන කෙටි පණිවිඩයක් වෙන්න ඕනේ.


ඔන්න ඔබ දැනගත යුතු වැදගත් ශිෂ්ඨ රීති රැසක්. මේ හැම දෙයක්ම මතකයේ තියාගන්න එක අමාරු දෙයක් කියලා ඔබට හිතෙන්න පුළුවන්. නමුත්, කාලයත් සමග ඔබට මේ දේවල් මතකයේ රැඳේවි. නිතරම මෙවැනි ලිපි කියවන්න.


මෙම ලිපියේ පළමු කොටස සදහා පිවිසෙන්න :-

ආහාර ගැනීමේ ආචාර ධර්ම – Dining Etiquette – 1 කොටස

SHARE

NO COMMENTS