සමාජයේ හැසිරෙන විට මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න

හොඳ සිරිත් විරිත් කියන්නේ ශ්‍රී ලාංකිකයෝ අතින් ඇතැම් විට මගහැරෙන දේවල්. එම නිසා අපි හිතුවා ඔබට කියා දෙන්න සමාජයේ හැසිරෙන විට සැලකිය යුතු දේවල් ගැන. එවිට ඔබ ශීලාචාර ගැහැනියක් ලෙස සමාජයේ ප්‍රසංසාවට ලක් වෙනවා. ඔබේ සැමියා ඔබ පිළිබඳව ආඩම්බර වේවි. ඒ වගේම ඔබට යහළු යෙහෙළියෝ ගොඩක් සිටීවි.

fb- like-beg


1) ප්‍රමාදය නම් එපා

ඔබට ලැබුණු ආරාධනාවන් සියල්ලටම වේලාවට යන්න. ඔබ පමාවීම හොඳ නෑ වගේම ඉන් ඔබ අන් අයගේ වේලාවට ගරු නොකරන බවයි පෙන්වෙන්නේ. ඔබ වෙනුවෙන් බලා සිටින අයගේ කාලය විනාශ වෙනවා වගේම ඔබේ දියුණුවට සහ ප්‍රතිරූපයට ලොකු හානියක් වෙනවා.


2) නිසි ලෙස බලන්න

ඔබේ බැල්ම කියන්නේ ගොඩක් වැදගත් දෙයක්. ඔබ තව කෙනෙකු සමග කතා කරන විට සුදුසු ප්‍රමාණයෙන් ඇස් දිහා බලන්න. කතාකරන මුළු වේලේම කෙලින්ම ඇස් දිහා බලන්නත් එපා. කතාකරන විට කෙනෙකුගේ උරහිසට උඩින් බලන්නත් එපා (ඔබට අනතුරක් පෙනෙනවානම් පමණක් එසේ බලන්න.)


3) සංවාදය අතරතුර බාධා නොකිරීම

කිසිවිටෙක අනිත් තැනැත්තාට බාදා කරන්න එපා. ඔහු ඇය කතා කරන තුරු සාවධානව අසා සිටින්න. ඉන් පසු ඔබේ අදහස පවසන්න. සමහරු බලාගෙන ඉන්නේ කෙසේ හෝ තමන්ගේ අදහස කියා පාන්න. නමුත් ඒක ඉතාම කැතයි. ඒ වගේම අන් අයගේ ප්‍රසාදයට ලක්වෙන සුලු හැසිරීමක්. ඔබ සමග කතා කරන්න අනික් අයට ප්‍රිය වෙන්නේ ඔබ නියමිත විදිහට සංවාදයට සහභාගී වෙනවා නම් විතරයි.


4) නිසි ලෙස ප්‍රසංසා කරන්න

අපි ශ්‍රී ලාංකිකයෝ පුරුද්දක් ලෙස අනුන්ගේ වැරදි නම් පෙන්වන්න හරිම දක්ෂයි. ඔයාගේ මූණ කලු වෙලා, කැත වෙලා නැත්නම් ඔයාගේ ඇඳුමේ පිටිපස්ස කැතයි වගේ දේවල් නම් ඇති තරම් කියනවා. නමුත් බොහොම හොරයි අනුන්ගේ හොඳක් කියන්න, ප්‍රසංසා කරන්න. ඔබට පෙරලා ප්‍රසංසා ලබන්න නම් නිතරම අනුන්ට දිය යුතු ගෞරවය, ප්‍රසංසාව නිසි ලෙස දිය යුතුයි. එයින් ඔබැ හැමෝටම ප්‍රිය වෙනවා.


5) ඕපදූප නම් එපාමයි

ඔබේ මිතුරන් සමග හා මිතුරන් ගැන ඕපාදූප කතා කරන්න එපා. එවිට ඔබ ගැන මිතුරන් තුල ඇති විශ්වාසය නැතිවෙනවා. ඔබ සෑම කෙනෙක් ගැනම එසේ ඕපදූප කතාකරනවා ඇති කියා ඔවුන්ට සිතෙන්න පුළුවන්. කෙනෙක්ගේ ජීවිතේ තව කෙනෙක්ගේ ජීවිතේට වඩා වෙනස්. හැමෝටම තමන්ගේ හේතු තිබෙනවා. කොහොමටවත් අනුන්ගේ දේවල් කතා කිරීමෙන් වැළකීම ඔබේ නුවන, ගුණවත්කම පෙන්වන සාධකයක් වෙනවා.


6) කරුණාවන්ත වීම

වයෝවෘද්ධ අයට, ආබාධිත අයට, හා දරුවන් වඩාගෙන එන අයට දොරවල් විවෘතකර දෙන්න. දුබල කෙනෙක්ට උදවුවක් අවශ්‍ය බව පේනවා නම් උදවු ඉල්ලන තුරු ඉන්න එපා. ඔබේ විනීතකම කියන්නේ කරුණාවන්ත හදවතක් ඇති බවයි.


7) හිස් අතින් යන්න එපා

ඔබට සාදයකට ආරාධාණාවක් ලැබුණොත්, කිසිදා හිස් අතින් යන්න එපා. ඔබට ආරාධනා කළ තැනැත්තාට පොඩි තෑග්ගක් නැතිනම් බෙදාගැනීමට දෙයක් අරගෙන යන්න.


8) බෝවෙන රෝග වලින් සමාජය බේරමු

ඔබට යම් බෝවෙන රෝගයක් වැළදුනා කියමුකො. ඒ බව නොසඟවා අන් අයට පවසන්න. ලෙඩේ ඔබේ මිතුරන්ට බෝනොවෙන්න ඔබ වගබලාගත යුතුයි. ඔබේ රෝගය සුවවෙන තුරු අවසන් කිරීමට ඇති ක්‍රියා හා යාමට ඇති ගමන් බිමන් කල් දමන්න.


9) තමාගේ වියදම තමා ගෙවන්න

හිතන්න, ඔබ මිතුරන් පිරිසක් සමහ ආපාශනශාලාවකට ගියා කියලා. ඉතින් ඔබ වෙනුවෙන් ගෙවිය යුතු මුදල ඔබ ගෙවන්න ඕනේ. එසේ නොකලොත් ඔබට නැවත ආරාධණා නොලැබෙන්න පුළුවන්. ඔබේ මිතුරියකගේ උපන්දින සාදයකට ඇය විසින් පැමිණි සැම සඳහා මුදල් ගෙවනවා නම් කමක් නෑ. හැම වෙලාවකම ඔබේ ආත්ම ගෞරවය රැක ගැනීම ඔබට බාරයි.

SHARE

NO COMMENTS