කාන්තාවන් ලස්සන වීමේ රහස් – 13 ක් – 1 කොටස

මහරු හිතනවා ලස්සන වීම රඳා පවතින්නේ ඔබේ මේක් අප් පෙට්ටියේ තියෙන දේවල් වල ප්‍රමාණය අනුව කියල. අවාසනාවට ඒ මතය වැරදියි. ලස්සන කියන්නේ ජීවන ක්‍රමයක්. ලස්සන කියන්නේ ඔබේ ඇතුලත සහ පිටත දෙකේම ඇති නිරෝගීකම පෙන්වන හොඳම සාක්කියක්. ලස්සන කාන්තාවක් වීම අමාරු නැහැ. නමුත් නිවැරදි ආකල්ප වගා කර ගැනීම තමයි වැදගත්ම දේ. අද අපි ඔබට කියල දෙන්නේ තරුණ වියේදී වගේම ඕනෙම වයසකදී දුටු අය නැවත හැරී බලන අන්දමේ ලස්සනක් ඇති කර ගන්න පිළිවෙල. Goodhousekeeping.lk අපේ වෙබ් අඩවිය කියවන ඔබ අනික් කාන්තාවන් අතරින් කැපී පෙනෙන්නේ ඔබේ ආකල්ප නිසාමයි.

fb- like-beg


1) හරි විදිහට ආහාර ගැනීම

මම බොහෝ ගැහැණු ළමයි සහ කාන්තාවන් මේකප් කරනවා. එහිදී පැහැදිලිව පෙනෙන දෙයක් තිබෙනවා. ඒ තමයි නිසි ලෙස පරිස්සමෙන් කන බොන අයගේ ලස්සන සහ නිරෝගීකම ඉතාම වැඩියි. මියෙන දවස වෙන තුරුම ලස්සනට ඉන්න ඕනේ නම් අනිවාර්යයෙන්ම ඔබේ ආහාර වේලා ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ.

හැම විටම සමබල ආහාර වේලක් ගැනීම, කෘතීම ද්‍රව්‍ය සහ තෙල් අධික ආහාර ගැනීම ඔබේ පෙනුමට අහිතකරයි. හැකි හැම විටකම ප්‍රධාන ආහාර වෙල් වලට නැවුම් එළවලු සහ පලතුරු එක් කරන්න. දිරවීම පහසු කිරීමට යෝගට් එකක් ආහාරයට එකතු කර ගන්න. ඒ වගේම විටමින්, ඛනිජ ලවන නිසි විදිහට ලබා ගන්න ඇති ලාභම ක්‍රමයක් තමයි බිත්තර ආහාරයට ගැනීම කියන්නේ. බිත්තර කෑම අහිතකරයි වගේ මිත්‍යා මත සමාජයේ පැතිරිලා ඇති නිසා ඔබේ පෝෂණ මාර්ග අවහිර වෙලා.


2) මානසික පීඩනය අවම කර ගැනීම.

අවාසනාවට අපි ජීවත් වෙන්නේ ස්වභාවික ආපදා, නරක දේශපාලන ප්‍රවාහයන් , ආර්ථික කරදර, නරක මිනිස්සු උතුරලා ගියපු සමාජෙක. මේ තත්වේ නිසා ගැහැනියක් පීඩාවට ලක් වෙන හේතු ගොඩයි. වෙන දෙයක් තියා නිදහසේ ගමනක් බිමනක් යන්න පවා බැරි පරිසරේක තමයි අවාසනාවට අපි ජීවත් වෙන්නේ. ඒ මදිවට අපි පීඩනේ දුරු කර ගන්න කියල බලන නාට්‍යක පවා ඇත්තේ ලෝකෙත් නැති ප්‍රශ්න.

එම නිසා ඔබ රුපවාහිනිය බලන කාලය අඩු කරලා ඒ වෙනුවට හිත ඇත්තටම සන්සුන් කරන යමක් කිරීම වටිනවා. යෝග ව්‍යායාම තමයි දිගු කාලීන ලස්සන පවත්වා ගන්න තිබෙන හොඳම ක්‍රමය. ඒ වගේම ඔබ කැමති සුන්දර සංගීතයකට නින්දට පෙර සවන් දෙන්න. කෙලි භාවනාවක යෙදෙන්න. දින 21 ක් ඇතුලත ඔබේ මුහුණේ පැහැදිලි වෙනසක් දකින්නට ලැබේවි.


3) වතුර තමයි ලස්සන වෙන මැජික් එක

ස්නානය ගත සුවපත් කරනවා. හිතේ පීඩනය අඩු කරනවා. ඒ වගේම දිනකට වතුර ලීටර පහක් පමණ බොන්න පුළුවන් නම් එය ශරීරයේ පරිවුර්තීය ක්‍රියා වේගවත් කරලා වයසට යද්දිත් ඔබේ පෙනුම රැක දේවි. ඒ විතරක් නෙවෙයි උදේ නැගිට්ට ගමන් හිස් බඩම වතුර වීදුරුවක් බොන්න. කෝපි බොන ප්‍රමාණය අඩු කරලා ඒ වෙනුවට ජලය බීම පුරුද්දක් කර ගත්තොත් කිසදා නොවූ විරු පැහැපත් කමක් සහ සුන්දරත්වයක් ඔබේ මුහුණට එක් වේවි. ඒ අභ්‍යන්තර පැහැපත්බව ක්‍රීම් වර්ග දහයකින් වත් ගන්න බැහැ.


4) සම හොඳින් පිරිසිඳු කිරීම

සම දිනපතා නිසි ලෙස නඩත්තු කල යුතුයි. දිනපතා සවස කුණු දුවිලි හොඳින් ඉවත් වෙන්න ක්ලේසර් එකක් යොදා මුහුණ සෝදන්න. ඉන් පසු හොඳින් තෙත මාත්තු කර ටෝනර් එකක් යොදන්න. ලොකු වෙලාවක් යන්නේ නැහැ. නමුත් ප්‍රතිපල දීර්ඝ කාලීනයි. සති දෙකකට වගේ වරක් සක්‍රබ් එකක් කරන්න. මී කිරි, පැණි, කඩලපිටි වගේ වටිනා කුස්සියෙන්ම හොයාගන්න පුළුවන් ස්වභාවික අමුද්‍රව්‍ය හැකි තරම් පාවිච්චි කරන්න. අපේ වෙබ් අඩවියේ Beauty කොටසේ ඕනේ තරම් උපදෙස් තිබෙනවා.


කියවන්න :-

සාමාන්‍ය සමක් නඩත්තු කරන්න ඕන කොහොමද?


5) අධිකව මේකප් දමන්න එපා

සමහර වෙලාවට ඔබට පේනවා ඇති ඔබේ මුහුණ මලානික වෙලා. එයට විසඳුම මේකප් තට්ටුවක් දැමීම නෙවෙයි. වහාම ශරීරය ජලයෙන් පෝෂණය කරන ශීත කරන තැඹිලි වැනි පානයක් ලබා ගැනීමයි. බොහෝ විට ඔබේ මුහුණ අවලස්සන වීමට හේතුව විජලනයයි.


6) මත් පැන් සහ සිගරට් වෙනුවට හොඳ දේවල් බොන්න

දුම් පානය කරනවා නම් වහාම නවත්වන්න. මත් පැන් උනත් ඔබේ ලස්සනට නම් ඉතාම හතුරුයි. ඒ වෙනුවට හොඳ සෞක්‍ය සම්පන්න පුරුදු ඇති කර ගන්න. මගේ මිතුරෙක් උදේට කොළවලින් ජූස් එකක් හැමදාම පානය කරනවා. ඔහු ඉතාම සුන්දර සමක් ලබා තිබෙනවා. තව මිතුරියක් දිනකට දෙවරක් Green Tea නැත්නම් කොළ තේ බොනවා. හතලිස් ගණන් වල ඉන්න ඇය හරියට විසි ගණනක තරුණියක් වගෙයි. මගේ අත්තම්මා සතියට වරක් විතර වෙනිවැල් ගැට තම්බා බීවා මැරෙන තුරුම ඉතාම පැහැපත් සුන්දර සමක් තිබුන ඇය ලෙඩ උනෙත් කලාතුරකින්.


මෙම ලිපියේ දෙවන කොටස සදහා පිවිසෙන්න :-

කාන්තාවන් ලස්සන වීමේ රහස් – 13 ක් – 2 කොටස

SHARE

NO COMMENTS