නිවසේ අපද්‍රව්‍ය කළමනාකරණය කරමු – 1 කොටස – කුණු අඩු කිරීම

බේ නිවසේ එකතුවෙන කුණු/අපද්‍රව්‍ය නිසිලෙස කළමනාකරණය කරගන්න ඔබට බැරිවෙලාද? අපද්‍රව්‍ය නිසිලෙස කළමනාකරණය කිරීම ගැන ඔබ අවධාණය යොමු කළොත්, එය ඔබට හොඳින් කරන්න පුළුවන් වෙනවා. එය හොඳින් සැළසුම් කිරීම මඟින් ඔබට මුදල් ඉතිරි කරගන්න පුළුවන් වෙනවා වගේම පරිසරයට ඇතිවෙන හානිත් අවම කරගන්න හැකිවෙනවා. මේ ලිපියෙන් විස්තර කෙරෙන්නේ ඔබේ නිවසේ එදිනෙදා එකතුවෙන අපද්‍රව්‍ය කොහොමද නිසි ආකාරයෙන් කළමනාකරණය කරන්නේ කියන එකයි. පියවරෙන් පියවර අපි මෙය තේරුම් ගමු.

එදිනෙදා නිවසේ එකතුවෙන කුණු/අපද්‍රව්‍ය අඩුකරන්න පුළුවන්නම් නම් හොඳයි නේද? ඔව්, ඒක අපිට කරන්න පුළුවන්.

fb- like-beg


01) බඩු ගේන්න ෂොපින් එපා

ප්ලාස්ටික් බෑග් වෙනුවට රෙදි බෑග් භාවිතා කරන්න. මෙසේ කිරීමෙන් ඔබට නිවසේ එකතුවෙන කුණු ප්‍රමාණය සැලකියයුතු ප්‍රමාණයකින් අඩු කරගන්න පුළුවන්. ඔබ වෙළඳසැලට යන විට ඔබේම රෙදි බෑග් එකක් අරගෙන යන්න. වෙළඳසැලෙන් දෙන පොලිතීන් හා ප්ලාස්ටික් බෑග් භාරගන්න එපා. නැවත භාවිතා කරන්න පුළුවන් බෑග් කීපයක් ගන්න. ඒවා ඔබට මතක්වෙන තැනක තියන්න. අපි හිතමු ඔබට රෙදි බෑගය වෙළඳසැලට ගිනියන්න අමතක වුණා කියලා. ඒත් ඔබට කරන්න පුළුවන් දෙයක් තියෙනවා. අනවශ්‍ය ලෙස පොලිතීන් හා ප්ලාස්ටික් බෑග් බෑග් දෙක ගානේ භාවිතා කරන්න එපා. බෑග් කියන දේ අපිට නිතරම අවශ්‍ය වෙනවානේ. ඉතින්, තව රෙදි බෑග් එකක් ලෝභ නොවී වෙළඳසැලෙන් මිළදීගන්න. නිවසට අවශ්‍ය දෑ ගැනීමට යන හැම මොහොතකම රෙදි බෑග්ම ගෙනියන්න අමතක කරන්න එපා.


02) එකවර දින කීපයකට මිලදී ගන්න

ආහාර මිළදී ගැනීමේදීත් වැඩිපුර අසුරණයන් ඇති ආහාර මගහරින්න. සමහර ආහාර පෙට්ටිවල දමා පොලිතීන් තුල තනි-තනියෙන් අසුරා තියෙනවා. ඔබ එවැනි ආහාර ගැනීම අවම කරන්න. ප්ලාස්ටික් අසුරණයන් ඇති ආහාර අවම කිරීම පරිසරයත් ආරක්ෂා වෙනවා. ආහාර මිළදී ගැනීමේදී එකවර දින කීපයකට සෑහෙන ප්‍රමාණයෙන් ගන්න. එම ආහාර පවත්වා ගැනීම සඳහා වීදුරු හෝ ප්ලස්ටික් භාජන නිවසේ තියාගන්න.


03) ප්ලාස්ටික් බෝතල් අඩු කිරීම

අත්‍යාවශ්‍යම අවස්තාවක ඇරෙන්න බෝතල් කර ඇති ජලය හා බීම වර්ග නිවසට ගේන්න එපා. ප්ලාස්ටික් බෝතල් ඔබේ නිවසේ එකතුවෙන කුණු කන්ද දෙගුන තෙගුන කරනවා. ටැප් වතුර පෙරාගත හැකි ආරක්ෂාකාරී ක්‍රමයක් ගැන හිතන්න. අපි හිතමු ඔබ දුර ගමනක් යනවා කියලා. එවැනි ගමනක් යන විටත් ඔබට ප්ලාස්ටික් බීම හා වතුර ගන්න අවශ්‍ය නෑනේ. ඇයි ඔබ නිවසේම පානයක් සකසාගන්නේ නැත්තේ? හරි, අපි හිතමු ඔබට පිටින් වතුර ගන්නම ඕනේ කියලා. ඉතින් පොඩි පොඩි ප්ලාස්ටික් බෝතල් ගන්නේ නැතිව ලොකු එක බෝතලයක් ගන්න.


04) කඩදාසිත් අවම කරන්න

ඔබ නිවසේ භාවිතා කරන කඩදාසි ප්‍රමාණයත් පාලනය කරන්න. ඔබේ නිවසේ පරිගණකයක් තියෙනවා නම්, කඩදාසි පාලනය කරන්න ඔබට පුළුවන්. ඔබට කිරීමට ඇති ගෙවීම් අන්තර්ජාලය හරහා කරන්න. නිවසට පත්තර ගන්නවා වෙනුවට අන්තර්ජාලය හරහා ප්‍රවෘත්ති බැලීමට පුරුදු වෙන්න. ඔබට තැපෑල මඟින් ලැබෙන ලිපිත් අඩු කරගන්න උත්සාහ කරන්න. හැබැයි කඩාදාසි කියන්නේ දිරන දෙයක් නිසා ඉන් පරිසරයට නම් වැඩි හානියක් වෙන්නේ නෑ.


මෙම ලිපියේ දෙවන කොටස සදහා පිවිසෙන්න :-

නිවසේ අපද්‍රව්‍ය කළමනාකරණය කරමු – 2 කොටස – නැවත භාවිතා කිරීම


මෙම ලිපියේ තෙවන කොටස සදහා පිවිසෙන්න :-

නිවසේ අපද්‍රව්‍ය කළමනාකරණය කරමු – 3 කොටස – කොම්පෝස්ට් හැදීම

SHARE

NO COMMENTS