කාන්තාවන් ලස්සන වීමේ රහස් – 13 ක් – 2 කොටස

මහරු හිතනවා ලස්සන වීම රඳා පවතින්නේ ඔබේ මේක් අප් පෙට්ටියේ තියෙන දේවල් වල ප්‍රමාණය අනුව කියල. අවාසනාවට ඒ මතය වැරදියි. ලස්සන කියන්නේ ජීවන ක්‍රමයක්. ලස්සන කියන්නේ ඔබේ ඇතුලත සහ පිටත දෙකේම ඇති නිරෝගීකම පෙන්වන හොඳම සාක්කියක්. ලස්සන කාන්තාවක් වීම අමාරු නැහැ. නමුත් නිවැරදි ආකල්ප වගා කර ගැනීම තමයි වැදගත්ම දේ. අද අපි ඔබට කියල දෙන්නේ තරුණ වියේදී වගේම ඕනෙම වයසකදී දුටු අය නැවත හැරී බලන අන්දමේ ලස්සනක් ඇති කර ගන්න පිළිවෙල. Goodhousekeeping.lk අපේ වෙබ් අඩවිය කියවන ඔබ අනික් කාන්තාවන් අතරින් කැපී පෙනෙන්නේ ඔබේ ආකල්ප නිසාමයි.

fb- like-beg


7) වයසට යද්දී ලස්සන වෙන්න උත්සහ කරන්න

වයසට යද්දී තරුණ වෙන්න තමයි ගොඩ දෙනෙක් උත්සහ කරන්නේ. එමගින් වෙන්නේ ස්වභාව ධර්මය යන පැත්තට විරුද්ධ දිශාවට යාමට උත්සහ කිරීමක්. එහෙම වෙන්න එපා. ඔබ වයසට යන බව පිළිගන්න. ඒ අනුව ඇඳුම් පැළඳුම්, මේකප් කරන්න. විශේෂයෙන්ම හැම හොඳින් Moisturizer ක්‍රීම් ගාල නිතරම තෙතමනය රැක ගන්න. වියලි සම රැලි වැටෙන්න බලනවා.

ඒ වගේම වයසට ගැලපෙන ලෙස මේකප් යොදන්න. එවිට ලස්සනයි. ගොඩක් කාන්තාවෝ ඉන්නවා වයස ගත වෙන්න වෙන්න ලස්සනයි. ඒ ඔවුන් වයසට යාම පිළි අරගෙන වැඩ කරන නිසයි. නිදි මැරීම, අධිකව වෙහෙසීම වගේ දේවල් වින් ඉවත් වෙන්න.


8) මේකප් දමන්නේ වෙනස් වෙන්න නෙවෙයි. ලස්සන් වෙන්නයි

ඇතැම් අය තමාගේ පාටට වඩා ගොඩක් සුදු පාට පවුඩර් දානවා. හැම විටකම සමේ වර්ණයට සමාන ෆවුන්ඩේෂන් පාවිච්චි කරන්න. ඇත්ත වර්ණයට වඩා වෙනස් වර්ණයක් ගනිද්දී ඒක අස්වාභාවිකයි. යක්කු වගේ. ඔබේ තිබෙන ස්වභාවික ලස්සන මතු වෙන විදිහට මේකප් එක නෙවෙයි ඔබේ මුහුණ පෙනෙන විදිහට මේකප් දමන්න. ඇතැම් අය මගුල් ගෙවල් වල ගිහාම එයින් එක් වෙන්නේ ලස්සන නෙවෙයි. භයංකර , අස්වාභාවික , අවලස්සනක් එක වෙන්න මේකප් කරන්න එපා.


කියවන්න :-

මේකප් ( Make up) කරද්දී පොදුවේ කරන වැරදි 10 ක්


9) තමා ගැන ආත්ම විශ්වාසයක් ඇති කර ගැනීම

තමන් ලස්සන කාන්තාවක් කියල දන්න කෙනක් නිතරම හැසිරෙන්නේ හොඳ ආත්ම විශ්වාසයකින්. ආත්ම විශ්වාසයක් ඇති කර ගන්න නම් ඔබ ශරීරයෙන් නිරෝගී සහ ශක්තිමත් විය යුතුයි. අනික තමාගේ උපතින් ලැබුන පෙනුම සුන්දරයි. ඒ බව නිතරම විශ්වාස කරන්න. උපතින් ලැබුන ලස්සන සම බ්ලීචින් වගේ නරක ක්‍රම මගින් රෝගී කර ගන්න කොයි වෙලාවක වත් උත්සහ දරන්න එපා.


10) ඇවිදීම කියන්නේ ජීවිතේ කොටසක් කර ගන්න

මිනිස්සු ව්‍යායාම කරන්න ඕනේ බර අඩු කරන්න කියන එක මිත්‍යාවක්. මිනිස්සු ජීවත්වීම වෙනුවෙන් දිනපතා ස්වභාවික ව්‍යායාම කල යුතුයි. අපේ ලෙඩ රෝග සියල්ලටම හේතුව තමයි අපි දැන් තාක්ෂණයේ දියුණුව සමග ශරීරය වෙහෙස කරන්න තියන කම්මැලි කම. හොඳින් දහදිය පිට වෙන්න දවසට විනාඩි 45 ක් විතර පයින් ඇවිදින්න. කාලෙකදී ඔබේ මිතුරියෝ පුදුම වේවි ඔබ කොහොමද මෙතරම් තරුණ පෙනුමක් රැකගෙන ඉන්නේ කියල.


11) මේකප් මත යැපෙන්න එපා

මේකප් දැමීම හොඳ දෙයක්. එයින් ඔබේ මුහුණට හොද පෙනුමක් එක කරනවා. ඒ වගේම ඔබේ ආත්ම විශ්වාසයත් වැඩි වෙනවා. නමුත් එයින් අදහස් වෙන්නේ නැහැ දිනපතා මේකප් දැමිය යුතු බව. කොතරම් ආරක්‍ෂිත වුනත් මේ නිෂ්පාදන වල නොයෙක් රසායන තිබෙනවා. එම නිසා ඔබේ සැමට නිදහසේ ඉන්න අද දෙන්න ඕනේ. ඕනෙම වෙලාවක මේකප් නැතුව උනත් ලස්සනට ඉන්න පුළුවන් වෙන විදිහට සත්කාර මගින් ඔබේ සම රැක ගැනීම තමයි කල යුත්තේ.


12) සාද වලට යාමට පෙර

සමාජ ජීවිතේ නිසා තමයි අපිට පිටින් කන්න වෙන්නේ. අනික ඔබ ජීවත් වෙන කාලේ දැඩිව කැමති ආහාර නොකා ඉන්න ඒකත් සුදුසු නැහැ. හිතන්න ඔබ Pizza කන්න ගොඩක් කැමති නම් මාසෙකට දෙපාරක් කන්න. හැමදාම කන්න එපා. අනික සෞකයට හිතකර නැති ආහාර කන දවසට අනික් ආහාර වෙල් අඩුවෙන් ගන්න. කොළ සලාදයක්, පලතුරු , වතුර සමග අනෙක් ආහාර වේල් ගත්තහම අධිකව ගන්න ආහාරයේ නරක ප්‍රතිපල නොදනී යනවා. අහිතකර ආහාර ගැනීම ඉඳහිට පමණක් කරන්න


13) ඔබව අනුන් සමග සන්සන්ධනය කරන්න එපා

මා තරුණ කාලේදී නිතරම මහන්සි වුනා අනික් අය මා ගැන මොනවා හිතාවිද, අනික් අය ඉදිරියේ මම අවලස්සනට පෙනේවිද කියල. නමුත් ඒක ඇත්තටම විකාර හිතුවිල්ලක්. හැමෝම හැමෝටම අවේනික අයුරින් ලස්සනයි. අනික ලස්සන කියන එක සාපේක්ෂයි.


මෙම ලිපියේ පලමු කොටස සදහා පිවිසෙන්න :-

කාන්තාවන් ලස්සන වීමේ රහස් – 13 ක් – 1 කොටස

SHARE

NO COMMENTS