නිවසේ අපද්‍රව්‍ය කළමනාකරණය කරමු – 2 කොටස – නැවත භාවිතා කිරීම

බේ නිවසේ එකතුවෙන කුණු/අපද්‍රව්‍ය නිසිලෙස කළමනාකරණය කරගන්න ඔබට බැරිවෙලාද? අපද්‍රව්‍ය නිසිලෙස කළමනාකරණය කිරීම ගැන ඔබ අවධාණය යොමු කළොත්, එය ඔබට හොඳින් කරන්න පුළුවන් වෙනවා. එය හොඳින් සැළසුම් කිරීම මඟින් ඔබට මුදල් ඉතිරිකරගන්න පුළුවන් වෙනවා වගේම පරිසරයට ඇතිවෙන හානිත් අවම කරගන්න හැකිවෙනවා. මේ ලිපියෙන් විස්තර කෙරෙන්නේ ඔබේ නිවසේ එදිනෙදා එකතුවෙන අපද්‍රව්‍ය කොහොමද නිසි ආකාරයෙන් කළමනාකරණය කරන්නේ කියන එකයි. පියවරෙන් පියවර අපි මෙය තේරුම් ගමු.

fb- like-beg


01) පාවිච්චි නොකරන දේවල් තව කෙනෙක්ට දෙන්න

ඔබ තවදුරටත් භාවිතා නොකරන දේවල් පරිත්‍යාග කරන්න. ඔබ අඳින්නේ නැති ඇඳුම්, හොඳ තත්වයේ ඇති ඔබ භාවිතා නොකරන ඉලෙක්ට්‍රොණික භාන්ඩ ඔබට පරිත්‍යාග කරන්න පුළුවන්. ඒවා කුණු ගොඩට දානවට වඩා නැතිබැරි කෙනෙකුට දීම උතුම් ක්‍රියාවක් නේද? ඔබේ පරණ ඇඳුම් රෙදි ප්‍රතිචක්‍රකරණය කරන ආයතනයකට දෙන්න. පරිගණක වැනි භාණ්ඩ පාසැල් වලට පවා පරිත්‍යාග කරන්න පුළුවන්. නැතිබැරි පවුලක් සොයා ඔබට අනවශ්‍ය නමුත් හොඳ තත්වයේ ඇති භාණ්ඩ ලබාදෙන්න


02) බහාලන නැවත නැවත භාවිතා කරන්න

කාලයක් භාවිතා කළ හැකි භාජන හා බහාලනයන් එක් වරක් භාවිතා කිරීමෙන් පසුව කුණු බක්කියට දාන්න එපා. ඒවා ඔබට නැවත නැවත භාවිතා කරන්න පුළුවන්නෙ. බෝතල්, කාඩ්බෝඩ් පෙට්ටි, සහ බෑග් ඔබ නැවත භාවිතා කරන්න. කඩදාසි වුණුත් ඔබට දෙපත්තම භාවිතා කරන්න පුළුවන්. රසායණික ද්‍රව්‍යය නොතිබුණු වීදුරු බෝතල් ඔබට ඉතිරි ආහාර දැමීමට භාවිතා කරන්න හැකියි. ඔව්, ඔබට ප්ලාස්ටික් භාජනත් නැවත ප්‍රයෝජනයට හන්න හැකි වුණත්, ඒවායේ ආහාර දැමීමේදී දෙපාරක් සිතිය යුතුයි. පල්ස්ටික් භාජන වලින් රසායණික ද්‍රව්‍යය පිටවෙන බව ඔබ අසා ඇතිනෙ?


03) කුණු දිරන සහ නොදිරන ලෙස වෙන් කරන්න

ඔබේ නගරයේ ප්‍රතිචක්‍රකරණ ප්‍රතිපත්තිය අනුගමනය කරන්න. ඔබ දන්නවනෙ, කුණු අපි වෙන්කරල තමයි කුණු රථයට භාරදෙන්න ඕනේ කියලා. දැන් මුලු ශ්‍රී ලංකාවේම ක්‍රියාත්මක වෙන නීතිය තමයි ඒ. පරිසරයේ ආරක්ෂාව ගැන සිතා ඔබ එම ප්‍රතිපත්තිය නිසි ලෙස අනුගමනය කරන්න. දිරණ හා නොදිරණ ද්‍රව්‍යය වෙන්කර කුණු රථයට භාරදෙන්න.


04) උපද්‍රව සහිත දෑ ප්‍රවේසමෙන් බැහැරකරන්න

අප නිවසේ නැවත වතාවක් භාවිතා කළ නොහැකි හා ප්‍රතිචක්‍රකරණය කළ නොහැකි දේවලුත් එකතු වෙනවනෙ. ඒවා බැහැර කිරීමේදී නිසි ක්‍රමවේදයක් අනුගමනය කරන්න. බැටරි, තීන්ත වර්ග, විද්‍යුත් භාණ්ඩ, හා විදුලි බුබුලු ඒවාට උදාහරණයි. පුළුවන් තරම් මේවා භාවිතය අඩුකරන්න.


මෙම ලිපියේ පළමු කොටස සදහා පිවිසෙන්න :-

නිවසේ අපද්‍රව්‍ය කළමනාකරණය කරමු – 1 කොටස – කුණු අඩු කිරීම


මෙම ලිපියේ තෙවන කොටස සදහා පිවිසෙන්න :-

නිවසේ අපද්‍රව්‍ය කළමනාකරණය කරමු – 3 කොටස – කොම්පෝස්ට් හැදීම

SHARE

NO COMMENTS