“ජීවිතේ මේ වගෙයි.” – 12 කොටස

සමුදිගේ වයස 34 ක්. ඇය පුද්ගලික අංශයේ විධායක නිලධාරිනියක්. ඇය විවාහ වෙලා ඉන්නේ තාරික එක්ක. තාරික කියන්නේ නැවු සමාගමක විධායක රැකියාවක් කරන කෙනෙක්. ඔවුන් විවාහ වුනේ විශ්ව විද්යාලේදී දැන හඳුනා ගෙන. නිමුන් දරුවෝ වෙච්ච විහස් හා විමාශ තමයි ඇගේ පුත්තු දෙන්නා. මෙන්න මෙහෙමයි ඇගේ ජීවිතය ගත වෙන්නේ.

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව

fb- like-beg


අපේ කාලේ දියණියකගේ කථාවක් – 12 කොටස

“පන්ති ගිහින් ආව නම් මොනවද මේ කරන්නේ? අම්මි කියල තියනව නේද ආව ගමන් ඇඟ හෝදන්න කියල. ඔය දෙන්නා හැම තැනම… මම දැන් දෙනවා දෙකක් වෙලාවක”

පහල පත්තරයක් කියවමින් හිටපු තාරික සමුදී අද කෑ ගහන්නේ මොකද කියල කල්පනා කළා. සාමන්‍යයෙන් ඇය දරුවන්ට කෑ ගහන්නේ නැහැ.

“ මල කෙලියයි. අද හෙට මෙයාට පීරියඩ්ස් හැදෙන්න නේද තියෙන්නේ ? මම ටිකක් පරිස්සමෙන් මේ දවස් දෙක පහු කර ගන්න ඕනේ “ ඔහු කල්පනා කළා.

කොතරම් සුමිහිරි, ලඳ බොළඳ ගැහැනියක් වුනත් සමුදිට මාස් ශුද්ධිය හැදෙන මුල් දවස් දෙක තුන නියම යකා තමයි ඉතින්. මේක හැම ගැහනියටම වෙනවා. මොකද කාන්තා සිරුරේ සිදුවෙන හදිස්සි හෝර්මෝන වෙනස්කම් ගැන අවබෝධයක් මේ වගේ වෙලාවට පිරිමින්ට තිබෙන්න ඕනේ.

මේ දවස් වල ඔවුන්ගේ මොලයේ සිදු වෙන රසායන වෙනස්කම් නිසා ඉක්මනින් තරහා යනවා, වෙනදා සාමාන්‍ය ලෙස දකින දෙයක් වුනත් ඇයට කෝප වෙන්න හොඳටම ප්‍රමාණවත්. ඒ වගේම දුක හිතෙනවා. අඬනවා. වෙහෙසෙනවා.

මේ තත්වය පොත පතින් කියවපු නිසා තාරික ගොඩක් පරිස්සමෙන් ඉන්නේ. මේ දින දෙක ඔහු ඇයට විශේෂයෙන් ආදරය කරනවා. පුළුවන් තරම් ඇය එක්ක ඉන්නවා. අයිස් ක්‍රීම් වගේ ඇය කැමති ආහාර නිහරම දෙනවා.

ළමයි වරදක් කරලා කියල හිතපු තාරික ඔවුන් දෙන්නට අවවාද කරන්න උඩට ගියා. යද්දීම සමුදී ඔහුව දැක්කා. ඔහුත් පෙර දිනයක බිමට විසික් කරපු ඇඳුම් වගයක් අල්මාරිය යටට ගිහින්. ඔහුව දැක්කා විතරයි සමුදිගේ තරහා තවත් වැඩි උනා.

“ ආ ..මේ එන්නේ තාත්තා. කොහෙද ඔයා වැරදි කරද්දී මේ දරුවෝ හදන්නේ කොහොමද මම? බැන්ඳ දවසේ ඉඳල උදේ හවස කියනවා. කිසි කෙනෙක් හැදෙන්නේ නැහැ. මම කොච්චර අමාරුවෙන්ද මෙවුවා තියා ගන්නේ”

වරද තමන්ගේ නිසාත් අද තත්වය නරක නිසාත් තාරික කර බා ගත්තා. “ සොරි අම්මි” කියපු ඔහු වහාම පොඩි එවුන්ගෙයි තමන්ගෙයි රෙදි සේරම වොෂින් මැෂින් එකට දාන්න අරගෙන ගියා.

ඉන් පස්සේ ඔහු සමුදිට කතා කරලා උයන්න එපා කිවුවා. ඔහුම කුස්සියට ගිහින් දරුවන්ටත් කැමති විදිහට ඉතාම රසට පීසා දෙකක්ම හැදුවා. සමුදී පලතුරු කපලා හොඳ පලතුරු සැලඩ් එකක් හැදුවා.

ඉරිදා උනත් ඔවුන් කොහෙවත් ගියේ නැහැ. රාත්‍රියට සමුදිලගේ අම්මලාගේ ගෙදර යන්න ඕනේ. ඒ නිසා දරුවෝ සෙල්ලම් කරද්දී සමුදී සහ තාරික මදක් විවේක ගත්තා. ඔහු ඇයගේ කොන්ද රිදෙන නිසා මුළු ඇඟටම හොඳ මසාජ් එකක් දුන්නා.

මේ සත්කාර නිසා සමුදී මදක් සැහැල්ලු වුනා කියල ඔහුට දැනුණා. ඇඟේ අමාරුවටම ඇය හවස නිදාගත්තා. නැගිටලා එද්දී තාරික ඔවුන්ගේ ඇඳුම් ඔක්කොම මැදල දාල.

ගෙදර වැඩට කෙනෙක් හිටියොත් හොඳයි. නමුත් දරුවන්ගේ පාසල් ගාස්තු ඉතාම වැඩි නිසා ඔහුට ඒ පිළිබඳව හිතන්න හැකියාවක් තිබුනේ නැහැ. බලමුකෝ ඔහු කල්පනා කළා.

සමුදිගේ උසස් අධ්‍යාපන කටයුතු ඇය කලෙත් නැහැ. ඒව වෙනුවට පහුගිය වසර තුනම බර තමන්ගේ කරට අරගෙන තාරිකට උදවු කරා.

ඔහු ඇවිත් සමුදිට ඇඟ හෝදන්න උදවු කරලා දරුවොත් ලැහැස්ති කරලා සමුදිගේ මහ ගෙදර යන්න සූදානම් වුනා. අත්තම්මයි සීයයි එක්ක හය දෙනාම ගෝල් ෆේස් එකට ගියා. සමුදිගේ පියා ඉතින් මුණුබුරෝ දෙන්නත් අරගෙන ඇවිද්දා. අත්තම්මා අසනීපෙ සුව වුනේ ලඟදි නිසා සමුදී එක්ක බැංකුවේ වාඩි වෙලා හිටියා.

“හෙට වැඩ නේද පුතේ “

ඔවු අම්මේ ….

“එහෙනම් අපි යමු දැන්. ඔයාල විවේක ගන්න ඕනෙනේ. අපි නම් ඉතින් පැන්ෂන් ගිය නාකි ජෝඩුව……”

හ්ම්ම්ම්…. ඉස්සර අම්ම කරපු යුද්දේ දැන් මම කරනවා. ඕක තමයි ඉතින් ජීවිතේ කියන්නේ.

මම කරපු හැමදේම හොඳින් කරා පුතේ. මට අද මැරුණත් දුකක් නැහැ. කාටවත් කතාවක් නොකියන්න අපි ජීවත් වුනා. රත්තරන් වගේ දරුවෝ හැදුවා. මට තව මොනවද පුතේ…..

SHARE

NO COMMENTS