වැඩ කරන කාන්තාවට ආචාරධර්ම

දැන් අපි බලමුකො රැකියා ස්ථානයේ ඔබ පවත්වාගත යුතු වෘත්තීය ආචාරධර්ම මොනවද කියලා. රැකියා ස්ථානයේ ඔබ හොඳ පුරුදු පවත්වාගෙන ගියේ නැතිනම් ඔබට වෙන දේ හොඳින්ම දන්නවානේ? (ඔබේ කීර්ති නාමයට කැලැල් ඇතිවෙනවා.) ඒ කරුණු මත තමයි ඔබට උසස්වීමක් ලැබෙනවාද නැතිනම් රැකියාවෙන් ඔබ දොට්ට වැටෙනවාද කියන එකත් තීරණයවෙන්නේ. අපි බලමු ඒ ආචාර ධර්ම මොනවද කියලා

fb- like-beg


01) වෙලාවට රාජකාරියට පැමිණීම කල යුතුයි.

හැම වැඩකදී වගේම රාජකාරියටත් ටිකක් වේලාසනින් එන්න පුරුදු වෙන්න. එවිට ඔබට නිදහසේ ඔබේ අසුනේ වාඩි වෙලා දවස සැලසුම් කරගෙන වැඩ පටන් ගන්න පුළුවන්. ප්‍රමාද වෙන කෙනා ගැන ප්‍රධානින් අතර ඇති වෙන්නේ නරක අදහසක්. ඔබ කොතරම් දක්ෂයෙක් වුනත් ඔබේ උසස්වීම් නම් ලබන්න වෙන්නේ නැහැ, හැමදාම පුරුද්දට ප්‍රමාද වෙනවා නම්. හදිස්සියේ ප්‍රමාද වීමක් කියන්නේ වලක්වන්න බැරි දෙයක්. නමුත් පුරුද්දට ප්‍රමාද වෙන්න නම් එපා.


02) නිසි ලෙස සැරසීම

ඔබේ රැකියාවට නිල ඇඳුමක් නැත්නම් රැකියාවේ ස්වභාවයට අනුව නිසි ලෙස ලස්සනට ඇඳුම් අඳින්න. මේකප් ටිකක් ගැලපෙන්න දාන්න. චාම්ව උනත් උසස් රුචියකින් අඳින්න. එයින් ඔබේ ආත්ම අභිමානය වැඩි වෙනවා. කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. ඔබේ මිතුරෝ අතර පවා හොඳ පිලිගනීමක් ලැබෙන්නේ නිසි ලෙස ඇඳුම් පැළඳුම් කරොත් විතරයි.


03) සාකච්චා වලට බාධා නොකරන්න

හදිසිම අවස්තාවක ඇරෙන්න, කිසිම සාකාකච්ඡාවකට බාදා කරන්න එපා.


04) ආහාර ගැනීමේදී සැලකිලිමත් වන්න

සමහර කාර්යාල වල ආහාර ගැනීමට ඇත්තේ ඔබ වැඩකරන මේසය මතමයි. හිතන්න, ඔබේ මේසය තියෙන්නේ තවත් සේවකයන් ඉන්න කොටුකර ඇති තැනක කියලා. ඔබ සැර සුවඳ හමන කෑම එහි දිග ඇරගෙන කෑවොත් මොකද වෙන්නේ? ඉතින්, එවැනි කෑම කාර්යාලයට ගෙනියන්න එපා.


05) වැඩ පිළිවෙලට කරන්න

ස්කෑනරයේ, ෆැක්ස් යන්ත්‍රයේ, හා ෆොටෝ කොපි යන්ත්‍රයේ ඔබ විසින් දැමූ ලිපි අරගන්න. ඒවා එම යන්ත්‍ර වලම තියලා යන්න එපා.


06) එකිනෙකා ස්පර්ශ කිරීමේදී

කාර්යාලයේ ඉන්නේ ඔබේ පවුලේ සාමාජිකයෝ නෙවෙයි. අනවශ්‍ය විදිහට ඔවුන් සමග ශාරීරික සම්බන්ධකම් තියා ගන්න එපා. එය කැතයි වගේම දකින අයට හිතෙන්නේ වැරදි විදිහටයි. හැමවිටම සම්බන්ධකම් වල සීමා මායිම් සලකුණු කර ගන්න. සුදුසු වෙලාවන්හි ගැලපෙන ලෙස අතට අත දෙන්න.


07) වචන වලට අගයක් දෙන්න

අනුන්ගේ ඕපදූප කියන චරිත ඉන්නවා. නිතරම වඳුරන් වගේ කෑ ගහන අය ඉන්නවා. නිතරම කෝපයෙන් අනික් මිනිස්සු එක්ක රණ්ඩු අල්ලන අය ඉන්නවා. ඔබ නම් ඔබේ නම් මේ විදිහට හදා ගන්න එපා. තමන් වැඩ කරන ආයතනයේ රණ්ඩු කෙක්ක, කුණු මෝල හෝ කතා පෙට්ටිය වෙන්න එපා. සුහදව ඉන්න. නමුත් අනිසි විදිහට කතා කරලා විනෝද වෙන්න එපා. ඔබේ වුර්තීය ගමන දුරක් නැහැ එහෙනම්.


08) ඔබ කරන වැඩේට විතරක් ප්‍රසංසා ලබන්න

කාර්යාලයේ අනිත් සේවකයන්ගේ ජයග්‍රහන ප්‍රසංශාවට ලක්කරන්න. අන් අයගේ ක්‍රියා වලින් ඔබේ කීර්ති නාමය වැඩිකරගන්න හදන්න එපා. කාර්යාලයට පැමිණෙන සියල්ලටම මිත්‍රශීලී ලෙස සලකන්න. ඔවුන්ට ටික වේලාවක් කාර්යාලයේ රැඳී සිටීමට සිදුවෙනවානම්, හිඳගැනීමට ඔවුනට සැපපහසු ආසානයක් ලබාදෙන්න.


09) පුද්ගලිකත්වය ගැන සැලකිලිමත් වන්න

අන් අයට අයිති දේවල් ඔබ අල්ලන්න යන්න එපා. පෞද්ගලික අවකාශය ගැන ඇති සමාජ ආචාර හොඳින් අධ්‍යනය කරන්න. කාර්යාලයේ පරිත්‍යාගයන් සඳහා දායකත්වය ලබාදෙන්න. නමුත් ඔබ කරන පරිත්‍යාගයේ ප්‍රමාණය ගැන ගැටළු ඇතිකරගන්න එපා. ඔබ කාර්යාලයේ සිටින කුටිය අලංකාර කරනවා නම්, ඔබේ වෘත්තීය මට්ටමට හානියක් නොවන ලෙසින් එය කරන්න.


10) මිතුරන් සමග හැසිරීමේදී

කාර්යාලයේ පිරිස සමග සමාජගත වනවිට, පසුව ප්‍රකාශ කිරීමට නොහැකි කිසිවක් කරන්න එපා. ඒ වගේම නිතරම අමතක කරන්න එපා ඔවුන් කාර්යයාලයේ සගයෝ මිස මිතුරන් නොවෙයි කියල. ඔබේ අතීතයේ දේවල්, පෙම්වතුන්, ලැබෙන වැටුප , දේශපාලනය වැනි මාතෘකා ඔවුන් සමග කතා කරන්න එපා.

SHARE

NO COMMENTS