නිවසේ අපද්‍රව්‍ය කළමනාකරණය කරමු – 3 කොටස – කොම්පෝස්ට් හැදීම

කුණු, කොම්පෝස්ට් බවට පත්කිරීම ගැන ඔබත් අසා ඇතිනේ. නිවසෙන් බැහැර කෙරෙන ආහාර ද්‍රව්‍යය වලින් ඔබට හොඳ කොම්පෝස්ට් පොහොරක් හදාගන්න පුළුවන්. මේ පොහොර ඔබේ ගෙවත්තේ ඇති පැළ තාවාන ඉහල මට්ටමකට ඔසවා තබයි. ඔබ කොම්පෝස්ට් භාවිතා කරන්නේ නැතිනම්, වෙන කෙනෙක්ට පරිත්‍යාග කරන්න පුළුවන්නෙ. කොම්පෝස්ට් වර්ග ඔබට මස් හා කිරි අපද්‍රව්‍ය වලින් හා එළවළු හා පළතුරු අපද්‍රව්‍ය වලින් වෙන වෙනම හදාගන්න පුළුවන්. කොළ වර්ග (එළවළු පොතු, කෝපි කුඩු, තේ බෑග්, තණකොල හා ශාක කොටස් ඉක්මනින් දිරවන නිසා පහසුවෙන් කොම්පෝස්ට් හදාගන්න පුළුවන්.) කොළ අතු/දඬු, කඩදාසි, කාඩ්බෝඩ්, හා බිත්තර කටු භාවිතා කර දුඹුරු කොම්පෝස්ට් හදාගන්න.

fb- like-beg


01) කොම්පෝස්ට් පොහොර අඩවියක් නිර්මාණය කරන්න.

හිරු එළිය හොඳින් වැටෙන හෝ තරමක් සෙවන වැටෙන කොටසක් ඔබේ ගෙවත්තෙන් තෝරගන්න. ඔබට වැඩි ඉඩ සහිත ගෙවත්තක් නැතිනම් කොන්ක්‍රීට් බිමක වුණත් මෙය කරන්න පුළුවන්. අපි බලමු කොපෝස්ට් ලේසියන් හදාගන්න ක්‍රම මොනවද කියලා.


02) ලේසිම විදිය තමයි කුණු ගොඩක් ගැසීම.

ගෙවත්තේ ඔබ තෝරගත්ත තැනේ මේ කුණුගොඩ ගසන්න. හැබැයි ඔබේ නිවස ලඟින්ම නම් කුණුගොඩ ගහන්න එපා. මොකද, කුණුගොඩට මීයෝ හා කෘමි සතුන් ඇදෙන නිසා. ඔබට කොම්පෝස්ට් පෙට්ටියක් හදන්නත් පුළුවන්. ගෙවත්තේ ඇති ඉඩ ප්‍රමාණයට අනුව කොම්පෝස්ට් පෙට්ටිය හදන්න. ඒ දෙකටම ඔබ කැමති නැතිනම්, කොම්පෝස්ට් නිපදවන බක්කි ඔබට මිළදීගන්න පුළුවන්. ඔබට කැමති හැඩයෙන් හා ප්‍රමාණයන්ගෙන් ඒවා වෙළඳපොළේ තියෙනවා.


03) එක්කෝ සීතල නැතිනම් උණුසුම් කොම්පෝස්ට් ගොඩක් හදාගන්න ඔබට හැකියි.

සිසිල් කොම්පෝස්ට් හදන්න හරි ලේසියි. උණුසුම් කොම්පෝස්ට් හැදීම නම් ටිකක් අමාරු කාර්යක්. හැබැයි සති 6-8ක් පමණ කෙටි කාළයකින් උණුසුම් කොම්පෝස්ට් හැදී භාවිතයට ගන්න පුළුවන් වෙනවා. අපි බලමුකො සිසිල් කොම්පෝස්ට් හදන්නේ කොහොමද කියලා. දුඹුරු හා කොළ අපද්‍රව්‍යව අඟල් කීපය බැගින් බක්කිය පිරෙන තුරුම දමන්න. බක්කිය පිරිණු පසුව එය කොම්පෝස්ට් වීම සඳහා තියලා තියන්න විතරයි ඕනේ. කාළය තමයි සිසිල් කොම්පෝස්ට් සැදීමේදී ඇති සෘණාත්මක පැත්ත. මුළු බක්කියේම ඇති කුණු කොම්පෝස්ට් වීම සඳහා වසරක් ගතවෙන්න පුළුවන්. හැබැයි බක්කිය යට එකතුවෙන ප්‍රමාණය ඔබට භාවිතයට ගන්න පුළුවන්.


04) දැන් අපි බලමු උණුසුම් කොම්පෝස්ට් හදාගන්නේ කොහොමද කියලා.

කොළ හා දුඹුරු අපද්‍රව්‍ය බක්කිය පිරෙන තුරුම දමන්න. නැතිනම් ඔබට මේ කුණු ගොඩක් ගසන්නත් පුළුවන්. මෙහිදී උෂ්ණත්වය සෙල්ශියස් අංශක 55-65ත් අතර රඳා පවත්වාගන්න ඕනේ. නිතරම කුණු කන්ඳ ඔබට පෙරලන්න වෙනවා. දින 14-21 අතර මේ උණුසුම් කොම්පෝස්ට් ඔබේ භාවිතය සඳහා සැකසී අවසන්වෙනවා.


05) ඔබේ කොම්පෝස්ට් කන්ඳ ඉක්මනින් කුණුවී සෙවල ගතියක් ගන්නත් පුළුවන්.

එවිට ඔබට කරන්න දෙයක් තියෙනවා. ඒ, දුඹුරු අපද්‍රව්‍ය එයට එකතුකිරීමයි. කොම්පෝස්ට් කන්ඳ වියළි ස්භාවයක් ගනීනම්, කොළ අපද්‍රව්‍ය හෝ වතුර එකතුකරන්න. ඔබ වැඩි ආයාසයක් දරණ විට කොම්පෝස්ට් කන්ඳ ඉක්මනින්ම ඔබට භාවිතයට ගන්න පුළුවන් වෙනවා.


06) කොම්පෝස්ට් තද දුඹුරු හෝ කළු පැහැයට හැරී පස් සුවඳ හමන විට තමයි භාවිතයට සුදුසු වෙන්නේ.

ඔබේ ගෙවත්තේ ඇති එළවළු හා මල්පැල සඳහා පොහොරක් වශයෙන් කොම්පෝස්ට් භාවිතා කරන්න. නැතිනම් ඔබේ ගෙවත්ත පුරා ඉහ තණකොළ සඳහා අමතර පෝෂණයක් ලබාදෙන්න.


මෙම ලිපියේ පළමු කොටස සදහා පිවිසෙන්න :-

නිවසේ අපද්‍රව්‍ය කළමනාකරණය කරමු – 1 කොටස – කුණු අඩු කිරීම


මෙම ලිපියේ දෙවන කොටස සදහා පිවිසෙන්න :-

නිවසේ අපද්‍රව්‍ය කළමනාකරණය කරමු – 2 කොටස – නැවත භාවිතා කිරීම

SHARE

NO COMMENTS