දිගු සුන්දර කෙස් කළඹක හිමිකාරියක් වෙන්න ට්‍රික්ස් 12ක් – 2 කොටස

07) ඔබේ කොණ්ඩය රත්තරන් යයි සිතා ගෙන කොණ්ඩය පීරන්න

තදින් කොණ්ඩය පීරීම නිසා කොණ්ඩයට හානි විය හැක. විශේෂයෙන්ම අවුල් වුනු තෙත කොණ්ඩය පීරන විට මෙම හානිය වැඩි වේ. එනිසා ඔබ කොණ්ඩය පීරන විට අග සිට මුලට පීරීමට පුරුදු වන්න. සාමාන්‍යයෙන් කාන්තාවන් පුරුදු වී සිටින්නේ හිස්කබලේ පහලට පීරීමටයි. එහෙත් මෙය වැරදි ක්‍රමයකි. මෙමගින් කෙස් ගස්වල මුල ඇති කුඩා අවුල් ද පහලට විත් පහල ඇති ගැට ගැසුණු තැන් සමග එකතු වී විශාල අවුලක් සාදයි. එවිට එම විශාල අවුල පීරීමේදී ඔබේ කොණ්ඩය විශාල වශයෙන් ගැලවී යයි. එනිසා නිවැරදි ක්‍රමය වන්නේ කොණ්ඩයේ අග සිට පීරමින් මුල දක්වා පීරා ගැනීමයි. මෙයින් ඔබේ කොණ්ඩයට සිදු වන විශාල හානියක් වළක්වා ගත හැක. එමෙන්ම අවුල් වූ කොණ්ඩය පීරීමේදී දැති ලොකු පනාවක් භාවිතා කිරීම මගින් ද ඔබේ කෙස්වලට සිදුවන හානිය වළක්වා ගත හැක.


fb- like-beg


08) කොණ්ඩයට හිතකර කොට්ට උරයක් භාවිතා කරන්න

බොහෝ විට කොට්ට උර සඳහා යොදා ගන්නේ කපු රෙදිය. එහෙත් කපු රෙදි වල ඇති ඝණ පෘෂ්ටය නිසා ඔබේ හිස කෙස්වල අවුල් ඇති වීමේ ඉඩ කඩ වැඩි වේ. එනිසා තරමක් සුමුදු මතුපිටක් ඇති සැටින් වැනි රෙදි වලින් මැසූ කොට්ට උරයක් භාවිතා කිරීමට පුරුදු වන්න. එවිට ඔබගේ කොණ්ඩයේ අවුල් ඇති වීම අවම වේ. මෙයින් ඔබේ කොණ්ඩයට වැඩි ආරක්ෂාවක් ලබා දිය හැක.


09) විශාල තුවා වලින් කොණ්ඩය බැඳීමෙන් වලකින්න

බොහෝ කාන්තාවන් පුරුදු වී සිටින්නේ නෑමෙන් පසු තුවායෙන් කොණ්ඩය තදින් ඔතා බැඳීමටයි. ඔබ දන්නවාද මෙයින් ඔබේ කොණ්ඩයට විශාල හානියක් සිදු වන බව. තුවායේ ඇති නූල් ආදියේ කොණ්ඩය එතීම හා පැටලීම නිසා කොණ්ඩය ගැලවී යාමේ හැකියාව වැඩි කරයි. එමෙන්ම කොණ්ඩය තුවායේ එතීමෙන් කොණ්ඩය තදින් ඇදීමකට ලක්වන අතර එයින් තෙත කොණ්ඩය ඉක්මනින්ම ගැලවී යයි. එනිසා දිගු වරලසක් ලබා ගැනීමේ සිහිනය සැබෑ කර ගැනීමට නම් මින් පසු නෑමෙන් පසු විශාල තුවාවලින් කොණ්ඩය බැඳීමෙන් වලකින්න.


10) ඔබගේ පෝනි ටේල් විලාසිතාව වෙනස් කරන්න

නිතර එකම ආකාරයෙන් කොණ්ඩය බැඳීම ඔබේ කොණ්ඩයට කරන හානියකි. එකම ආකාරයට පෝනි ටේල් දැමීමද මෙයට අයත්. එනිසා ඔබ පෝනි ටේල් එකක් දාන විට එකම ස්ථානයෙන් එය බැඳීමෙන් වැලකි විවිධ ස්ථානවල විවිධාකාරයෙන් යෙදීමට පුරුදු වන්න.


11) ඔබේ කොණ්ඩය බ්ලීච් කර ඇත්නම් හෝ ඉතාමත් ඉක්මනින් කැඩෙනසුලු නම් නිතර කොණ්ඩය බැඳීමෙන් වලකින්න.

පෝනි ටේල් විලාසිතාවේදී කොන්ඩය තදින් බැඳීමක් සිදු කරයි. එහිදී කොණ්ඩය තදින් ඇදීමකට ද ලක් වේ. මෙයින් දුර්වල කෙස් ගස් ඉක්මනින් ගැලවී යයි. එනිසා බ්ලීච් කල කොණ්ඩයක් ඇති අය සහ වියලි මෙන්ම දුර්වල කොණ්ඩයක් ඇති අය කොණ්ඩය තදින් ඇදෙන විලාසිතා නිතර භාවිතා කිරීමෙන් වැළකී සිටීම ඉතා වැදගත් වේ. ඒ වෙනුවට කොණ්ඩය ගෙඩියක් ලිහිල්ව බැඳීම, කොන්ඩ කටුවක් භාවිතා කිරීම ආදිය කල හැකියි.


12) ස්නානය අවසානයේදී සීතල වතුරෙන් කොණ්ඩය සෝදා හරින්න

මෙය කොණ්ඩය ඉක්මනින් වැවීමට මෙන්ම නිරෝගී කොණ්ඩයක් ලබා ගැනීමටත් බෙහෙවින් උදව් වෙනවා. ඔබේ කොණ්ඩයේ මතුපිටින් සීතල වතුර ගලා යෑමට සැලැස්වීමෙන් ඔබේ කොණ්ඩයේ ඇති මොයිස්චරයිසර් ඉවත්වී යාම වැළකේ. එයින් ඔබේ කොණ්ඩයට අවශ්‍ය පෝෂණය ඉවත්වී නොයයි. වැඩි වෙලාවක් මෙසේ කිරීමේ අවශ්‍යතාවයක් නැත. තත්පර කිහිපයක් කිරීම ප්‍රමාණවත් වේ. එහෙත් නිරන්තරයෙන් මෙය සිදු කිරීමෙන් ඔබට පැහැදිලි වෙනසක් ලබා ගත හැකි වේවි.


මෙම උපදෙස් නිසි පරිදි අනුගමනය කොලොත් ඔබටත් අනිවාර්යයෙන්ම නිරෝගී දුගු වරලසක හිමිකාරියක් වීම සිහිනයක් නොවේවි.


මෙම ලිපියේ පළමු කොටස සදහා පිවිසෙන්න :-

දිගු සුන්දර කෙස් කළඹක හිමිකාරියක් වෙන්න ට්‍රික්ස් 12ක් – 1 කොටස

SHARE

NO COMMENTS