දිව පිනවන චොක්ලට් චිප් කුකීස් හදමු – Chocolate Chip Cookies

චොක්ලට් චිප් කුකීස් කියන්නේ අපේ රටේ හැදෙනවා අඩු උනාට වෙන රටවල එදිනෙදා ගෙවල් වල හදන රසවත් ආහාරයක්. අද අපි ඔයාලට හදන හැටි කියලා දෙන්නම්. මෙය හදන්න පහසුයි . ඒ වගේම රසයි.

fb- like-beg


අවශ්‍ය ද්‍රව්‍ය :-

  • සුදු සීනි කෝප්ප ¾ යි
  • දුඹුරු සීනි කෝප්ප ¾ යි
  • බටර් හෝ මාගරින් කෝප්ප 1 යි
  • වැනිලා තේ හැඳි 1 යි
  • බිත්තර 1 යි
  • පාන් පිටි කෝප්ප 2 ¼
  • බේකින් සෝඩා තේ හැඳි 1 යි
  • ලුණු තේ හැඳි භාගයයි
  • හොඳින් කැබලි කරගත් කජු ඇට කෝප්ප 1 යි
  • කුඩාවට කඩාගත් චොකලට් කැබලි අවුන්ස 12 යි

හදන ක්‍රමය :-

  • අවන් එක ෆැරන්හයිට් අංශක 375ට රත් preheat කරන්න. ( සෙල්සියස් අංශක 190)
  • සීනි , බටර් , වැනිලා සහ බිත්තරය විශාල බෝල් එකක දමා හොඳින් මිශ්‍ර කරන්න.
  • හලාගත් පිටි, බේකින් සෝඩා සහ ලුණු එයට එක කරන්න. ( මිශ්‍රණය තරමක් ඝන වේවි.)
  • කඩාගත් කජු ඇට සහ චොක්ලට් කැබලි එයට එක් කරන්න.
  • මේස හැඳි එකක ප්‍රමාණය බැගින් ගෙන තෙල් කඩදාසියක් මත තැබූ තැටිය මත රවුමට අතුරන්න.
  • ලා දුමුරු පාට වෙන තුරු විනාඩි 8 ක් 10 ක් පමණ බේක් කරන්න. ( මැද මෘදුවට තිබේවි)
  • කඩදාසියෙන් ඉවත් කර කම්බි රැක් එක මත තබා සිසිල් කරන්න.

හදන හැටි මේ වීඩියෝවෙන් බලන්න පුළුවන්. හදල අපිටත් කියන්නකෝ රහයිද කියල.

SHARE

NO COMMENTS