වැසි කාලයේදී නිරෝගීකම වැඩි කර ගන්න ආහාර වර්ග 5 ක්

වැසි සමයේ ආරම්භයත් එක්කම ලෙඩ රෝග පැතිරීමත් ඉක්මනින්ම සිදු වෙනවා. ඒ වගේම තද පෑවිල්ල නිසාත් විවිධ විෂබීජ පැතිරෙනවා. හැබැයි මේ විෂබීජ අපිට පේන්නේ නැහැනේ. ඉතින් එක නිසා මේ බැක්ටීරියා, විෂබීජ වලට ඔරොත්තු දෙන විදියට අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර ගන්න එක අපේ වගකීමක්. කොහොමද මේ ප්‍රතිශක්තිය වර්ධනය කර ගන්නේ? මේක ගොඩක් අයට තියන ප්‍රශ්නයක්නේ. අද කියන්න යන්නේ ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීම සඳහා රසායන ද්‍රව්‍ය වලින් තොරව ගෙදරදීම හදා ගන්න පුළුවන් ආහාර වර්ග 05 ක් ගැනයි.

ඒ වගේම තමයි කෑම වලට අමතරව ඔබේ පිරිසිදිකම ගැනත් සැලකිලිමත් විය යුතුයි. නිතරම ඔබගේ දෑත් පිරිසිදුව තබා ගැනීමත් ඉතාම වැදගත්. ඒ වගේම ප්‍රමාණවත් තරම් නින්දක් ලබා ගැනීම සහ ශරීරරයට අවශ්‍ය විටමින් ආදී අනෙකුත් පෝෂණයන් ලබා දීමත් මේ සඳහා ඉතාම වැදගත්. ඔබත් ඉතාම ඉක්මනින් ලෙඩ රෝග වලට ගොදුරු වන කෙනෙක් නම් මේ ලිපිය අනිවාර්යයෙන්ම වැදගත් වේවි.

fb- like-beg


01) කුකුළු මස් සුප්

ඇතැම්විට ඔබ නොදන්නවා ඇති. කුකුළු මස් සුප් කියන්නේ ඔබේ ශරීරයට හිතකර ආහාරයක්. බොහෝ දෙනෙක් මේ පිලිබඳ නොදන්නවා විය හැකියි. එත් පර්යේෂණ වලට අනුව හෙළි වී ඇත්තේ සීතල හෝ උණුසුම් ජලයට වඩා කුකුළු මස් සුප් ඉතා ක්‍රියාකාරී බවයි. නාසයේ දියරමය ස්වභාවය ඇති වීම සඳහා මෙය විශාල වශයෙන් උපකාරී වන බව පර්යේෂණ වලින් හෙළි වී ඇත. මෙම නාසයේ දියරමය ස්වභාවය ඇති වීම ශරීරයේ රෝගකාරක බැක්ටීරියා හා වයිරස් ආදියට එරෙහිව ක්‍රියා කිරීම සඳහා බෙහෙවින් උපකාරී වේ. එමෙන්ම සුප් මගින් අනෙකුත් දියරමය ආහාර සේම ඔබේ ශරීරය විජලනය වීම වළක්වාලයි. ඒ වගේම ඔබ කැමති නම් මෙම සුප් එකට මිරිස් ටිකක් එකතු කරගන්නත් පුළුවන්. එයින් මෙම බැක්ටීරියා ආදිය විනාශ කිරීම තවත් වැඩි කරනවා. මේ විදියට කුකුළු මස් සුප් වලින් ඔබේ ප්‍රතිශක්තිය වැඩි කර ගන්න අදම පටන් ගන්න ඔබට පුළුවන්.


02) යෝගට්

යෝගට් කියන්නෙත් ඔබේ ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීම සඳහා උපකාරී වන තවත් කෑමක්. මිලදී ගත් ගමන්ම ආහාරයට ගත හැකි නිසා සකස් කිරීම සඳහා වෙනම කාලයක් වැය කිරීමේ අවශ්‍යතාවයකුත් නැහැ. යෝගට් වල ශරීරයට හිතකර බැක්ටීරියා අඩංගු වෙනවා. මේවා ඔබේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කරන අතරම ඔබේ අහාර ජීර්ණයද ක්‍රමවත් කරනවා. ඔබ යෝගට් මිලදී ගැනීමේදී උසස් තත්ත්වයේ නිෂ්පාදනයක් මිලදී ගැනීමට සැලකිලිමත් වන්න.


03) ග්‍රීන් ටී

ඔබත් සිරුරේ බර අඩු කර ගැනීමේ අදහසින් ග්‍රීන් ටී බොනවද? එහෙනම් ඔබ නොදැනුවත්වම ඔබේ ප්‍රතිෂක්තියත් වර්ධනය කර ගන්නවා. ග්‍රීන් ටී වල අඩංගු ඇතැම් සංඝටක ඉන්ෆ්ලුඑන්සා වයිරසයට එරෙහිව ක්‍රියා කිරීමට තරම් බලවත් බව මෑතකදී කළ පර්යේෂණ මගින් හෙළි වී ඇත. ග්‍රීන් ටී වල ඇති තිත්ත රසය නිසා ඇතැම් අය ග්‍රීන් ටී පානය කිරීමට තරමක් මාලි කමක් දක්වයි. මෙයටත් ඉතාම සරල විසඳුමක් ඇත. ඔබේ ග්‍රීන් ටී කෝප්පයට දෙහි ස්වාල්පයකුත් අවශ්‍ය නම් මී පැණි ස්වල්පයකුත් එකතු කර ගැනීමෙන් මෙහි ඇති තිත්ත රසය අඩු කර ගත හැකියි. එමෙන්ම මිනිත්තුවකට හෝ දෙකකට වඩා වැඩි වෙලාවක් ග්‍රීන් ටී බෑග් එක උණු වතුරේ දමා තැබීමෙන් වලකීමෙන් ද තිත්ත රසය අඩු කර ගත හැකියි. එහෙත් ග්‍රීන් ටී වලට කිරි මිශ්‍ර කිරීමෙන් වළකින්න. එයින් ග්‍රීන් ටී ක්‍රියාකාරී වීම අඩාළ කරයි.


04) විටමින් D

මෑතකදී දරුවන් යොදාගෙන කළ පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ. දිනපතා විටමින් D ලබා ගන්නා දරුවන් අනෙක් දරුවන්ට වඩා පොදු උන වයිරස වලට ගොදුරු වීමේ අවදානම 40% න් අඩු බවයි. පර්යේෂණ වලින් හෙළි වී ඇත්තේ. විටමින් D මගින් අප ශරීරයේ ඇති අපව ලෙඩ කිරීමට හේතු වන විවිධ බැක්ටීරියා ආදිය හඳුනා ගැනීමට අපගේ ප්‍රතිශක්තීකරණ පද්ධතියට උපකාරී වන බවයි. ඒ නිසා විටමින් D ලබා ගැනීමත් ඉතාම වැදගත්. මෙහිදී විටමින් D කරල් වශයෙන් ලබා ගත හැකි අතර එසේ නොමැති නම් විටමින් D අඩංගු සමන් මාළු, කිරි ආදී ආහාර වැඩිපුර ආහාරයට ගැනීමත් කළ හැකියි.


05) කෙඳි සහිත ආහාර

මීයන් යොදාගෙන කළ පර්යේෂණයකට අනුව කෙඳි සහිත ආහාර මගින් ද සිරුරේ ප්‍රතිශක්තිය වර්ධනය කරන බව සොයා ගෙන ඇත. මෙහිදී පැඟිරි සහිත පළතුරු, ඕට්ස් ආදී ආහාර වර්ග ප්‍රතිශක්තිය වර්ධනය කිරීමට උදව් වේ. එවැනි ආහාර නිතර ඔබේ ආහාර වේලට එකතු කර ගැනීමෙන් සිරුරේ ප්‍රතිශක්තිය වැඩි කර ගැනීමට හැකි වේ.


ලේසියෙන්ම හොයා ගන්න පුළුවන් මේ කෑම වර්ග පහෙන් ඔබට පහසු කෑම වර්ග නිතරම ඔබේ ආහාර වේලට එකතු කර ගත්තොත් ඔබටත් නිතර නිතර ලෙඩ වෙන එකෙන් වැළකී නිරෝගීමත්ව ඉන්න පුළුවන් වේවි

SHARE

NO COMMENTS