වියළි සමට මේකප් දාන ක්‍රමය ඉගෙන ගමු

වියළි සමට මේකප් දානවා කියන්නේ පහසු කාර්යයක් නෙවෙයි. ඔබට තියෙන්නේ වියළි සමක් නම් අත්දැකීමෙන්ම ඔබ මේ ගැන දන්නවා ඇති. මේකප් යොදන විට හොඳින් ආලේප නොවීම, මේකප් හොඳින් මිශ්‍ර නොවීම, මුහුණේ විවිධ ස්ථාන විවිධ වර්ණයන් ගැනීම ආදිය වියලි සමට මේකප් යොදන විට ඇති වන ගැටළු වශයෙන් හඳුනා ගන්න පුළුවන්. මේ අවස්තාව වන විටත් ඔබ ඔබේ සම රැක ගැනීමට ප්‍රමාදයි. ඔබ මුල සිටම සැමට නිසි ප්‍රතිකාර කළේ නම් ඔබට මෙම ගැටළු ඇති වෙන්නේ නැහැ.

එහෙත් මේ ගැටළු වලට විසඳුම් තියනවා. මේකප් යොදන විට නාසය මතුපිට පොතු ගැලවීම, ෆවුන්ඩේෂන් යෙදු පසු ගැලවී යාම, මේකප් යෙදු මුහුණේ තැන තැන වල කඩතොළු ඇති වීම ආදී වියලි සමට මේකප් යෙදීමේදී ඇති වන ගැටළු වලට විසඳුම් තමයි අද කියන්න යන්නේ.
fb- like-beg


1) මුහුණ හොඳින් පිරිසිදු කරන්න.

ඔබට තිබෙන්නේ වියළි සමක් නම් මේකප් කිරීමට ප්‍රථම ඒ සඳහා ඔබේ සම මනාව සුදානම් කිරීම ඉතාම වැදගත්. මුලින්ම ඔබේ සම හොඳින් පිරිසිදු කල යුතුයි. අපිරිසිදු සමට මේකප් යෙදුවහොත් වැඩි වෙලාවක් මේකප් රඳවා ගැනීමට අපහසු වේ. ඒ නිසා ඔබ භාවිතා කරන ෆේස් වොෂ් එකෙන් මුහුණ පිරිසිදු කර පසුව ඔබේ සැමට ගැලපෙන හොඳ තත්ත්වයේ ක්ලේන්සර් එකක් සහ ස්ක්‍රබ් එකක් භාවිතා කර ඔබේ සම හොඳින් පිරිසිදු කර ගන්න. මෙයින් ඔබේ සමේ මතු පිට ඇති මැරුණු සෛල ඉවත් වී යයි. එවිට සම මතු පිට හොඳින් සිනිඳු වී මේකප් ආලේප කිරීම ඉතා පහසු වේ. එමෙන්ම මැරුණු සෛල ඉවත් කිරීමෙන් මේකප් යෙදු පසු පොතු ගැලවී යාම ද වැළකේ. එයින් ඔබට කිසිදු අපහසුවකින් තොරව මේකප් ආලේප කිරීමටත් ඒවා වැඩි වෙලාවක් තබා ගැනීමටත් හැකියාව ලැබේ.


2) ඉක්මනින් සමට උරා ගන්නා සීරම් එකක් භාවිතා කරන්න.

ඔබ සාමාන්‍යයෙන් භාවිතා කරන මොයිස්චරයිසර් එක වෙනුවට මේකප් යොදන විට ඔබේ සමට ඉතා ඉක්මනින් උරා ගන්නා සීරම් එකක් භාවිතා කරන්න. මෙය මොයිස්චරයිසර් වලට වඩා ඉතා ඉක්මනින් ඔබේ සමට උරා ගන්න බැවින් ඉක්මනින් ක්‍රියාකාරී වේ. එයින් ඔබේ සමේ වියලි බව නැති කරයි. ඔබේ සමට නිසි පරිදි මොයිස්චරයිසර් භාවිතා කරන්නේ නම් ඔබේ සමේ ඇති වියලි බව නැති වී යයි. එහෙත් මෙය එක දවසකින් කල නොහැක. දිනපතා මොයිස්චරයිසර් භාවිතා කිරීමෙන් පමණයි ඔබට නිරෝගී සමක් ලබා ගත වන්නේ. එවිට ඔබට සමේ වියලි බව ගැන වද වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා වියළි සමක් ඇති ඔබ මේකප් භාවිතා කිරීමට පෙර පිලියමක් ලෙස සේරම් එකක් භාවිතා කළ ද ඉන් පසුව මොයිස්චරයිසින් භාවිතා කර ඔබේ සම නිරෝගී කර ගන්නටත් අමතක කරන්න එපා. එතෙක් තාවකාලික පිලියමක් ලෙස ඔබට මෙවැනි සේරම් එකක් භාවිතා කල හැකියි. ඉන් පසුව ඔබට කිසිදු අපහසුවකින් තොරව මුහුණට මේකප් ආලේප කළ හැකි වේවි.


3) ප්‍රයිමර් එකක් භාවිතා කරන්න.

මේකප් ආලේප කිරීම සඳහා ඔබේ සම සුදානම් කිරීමේදී ඉතාම වැදගත් පියවරක් වන්නේ ප්‍රයිමර් ආලේප කිරීමයි. ප්‍රයිමර් එකක් මගින් ඔබේ සමට ඉතා හොඳින් මොයිස්චරයිසර් ලබාදී සමට අවශ්‍ය තෙතමනය ලබා දී මේකප් සඳහා ඉතා හොඳින් සම සුදානම් කරයි. එමෙන්ම ප්‍රයිමර් එකක් මගින් සමේ ඇති සිදුරු වසා මේකප් සඳහා මනා පදනමක් සකසයි. එනිසා වියලි සමකට වුවද ප්‍රයිමර් ආලේප කිරීමෙන් පසු කිසිදු අපහසුවකින් තොරව මෙන්ම කඩතොලුවීම් වලින් තොරව අලංකාර මේකප් එකක් දමා ගත හැකියි.
නිවැරදි නිෂ්පාදන භාවිතා කිරීමට ප්‍රවේසම් වන්න.


4) වියලි සමකට වඩාත්ම අවශ්‍ය වන්නේ නිවැරදි පෝෂණයයි

එනිසා වියළි සමට තවත් රළු සහ ගණ මේකප් නිෂ්පාදන භාවිතා කිරීමෙන් ඔබේ මේකප් එක මෙන්ම මුහුණ ද තවත් නරක අතට හැරේ. එනිසා නිතරම දියරමය නිෂ්පාදන භාවිතා කිරීමට වග බලා ගන්න. ඔබ භාවිතා කරන ෆවුන්ඩේෂන් සඳහා දියරමය ෆවුන්ඩේෂන් (Liquid Foundation) භාවිතා කරන්න. එමෙන්ම මේවා ආලේප කිරීම සඳහා කෘත්‍රිම බුරුසුවක් භාවිතා කරන්න. එයින් ඉතාමත් සුමුදුව සහ මනා නිමාවකින් යුතුව ඔබට ඔබගේ මේකප් එක කර ගත හැකි වේ.


5) බ්ලෂර් කියන්නෙත් මේකප් එකක අනිවාර්යය අංගයක්.

ඔබට තියෙන්නේ වියලි සමක් නම් බ්ලෂර් තෝරා ගැනීමේදීත් ඔබ සැලකිලිමත් විය යුතුයි. වියලි සමක් සඳහා පවුඩර් බ්ලෂර් සුදුසු නැත. පවුඩර් භාවිතා කිරීම නිසා ඔබේ සම තවත් වියළි ස්වභාවයට පත් වේ. ඒ නිසා ඒ වෙනුවට ක්‍රීම් බ්ලෂර් එකක් භාවිතා කරන්න. එයින් ඔබේ මේකප් එකට මනා නිමාවක් ලබා ගත හැකි වේවි.


6) වියළි සමට මේකප් දැමීමේදී නොකළ යුතු දේවල්

  • වියලි සමට මේකප් යෙදීමේදී කිසිදු අවස්තාවක ඔබේ අතැගිලි භාවිතාකර මේකප් ගැල්වීමෙන් වළකින්න.
  • වියළි සම සඳහා පවුඩර් මේකප් නිෂ්පාදන භාවිතය හැකි තාක් අවම කරන්න. පවුඩර් මගින් ඔබේ සම තවත් වියලි බවට පත් කරයි. අවශ්‍ය නම්  T Zone එකට පමණක් පවුඩර් ස්වල්පයක් භාවිතා කල හැකියි.
  • වියලි සම සඳහා වතුරට ඔරොත්තු දෙන නිෂ්පාදන භාවිතා කිරීමෙන් වලකින්න. එමගින් ඔබේ සමේ මොයිස්චරයිසින් ශ්‍රාවය වීම වලකයි. එවිට ඔබේ මේකප් එක ගැලවී යාමට ඇති ඉඩකඩ වැඩි වේ. එනිසා වතුරට ඔරොත්තු දෙන නිෂ්පාදන භාවිතයෙන් වළකින්න. එවිට ඔබට දවස අවසානයේ පහසුවෙන්ම මේකප් එක සෝදා හැරිය හැකියි.

මෙම උපදෙස් අනුගමනය කරමින් මේකප් භාවිතා කළහොත් ඔබේ වියලි සමටත් ඉතාම සුන්දර මේකප් එකක් දමා ගන්නටත් ඔබේ සම ආරක්ෂා කර ගැනීමටත් හැකි වේවි.

SHARE

NO COMMENTS