අලුත්ම බැක් නෙක් ( Back Neck) සාරි හැට්ට විලාසිතා

යාලුවෙක්ගෙ, නෑ කෙනෙක්ගේ වෙඩින් එකකට යද්දී සාරියක් අඳින එක කාන්තා අපේ පුරුද්දක්. සාරිය කියන්නේ ආසියාතික අපිව වඩාත්ම ලස්සන කරන ඇඳුමක්. සාරිය කොතරම් ලස්සන උනත් වැඩක් නැහැ එයට අඳින සැට්ටය නිසි පිළිවෙලට මහල නැත්නම්. එම නිසා අපි හිතුවා මීළඟ සැරේ අපේ වෙබ් අඩවිය කියවන ඔබ වෙඩින් එකකට යද්දී ගැලපෙන සාරි හැට්ට විලාසිතා රාශියක් ලබා දෙන්න. පින්තූරේ ෆෝන් එකට සේවු කරගෙන හැට්ට මහන කෙනා ලඟට යන්න, ඔබට අවශ්‍ය විදිහ පෙන්වල මහ ගන්න. හැබැයි ඉතින් වෙඩින් එකේදී අනික් අයගේ ඊර්ශයාවට ලක් වුනොත් එහෙම ඔන්න අපි නම් නැහැ.

fb- like-beg


1) කොළ පාට සහ රිදී පාටින් මල් එම්බ්‍රොයිඩර් කළ හැට්ට විලාසිතාව.

මේ විලාසිතාව චාම්, එමෙන්ම සරලයි. මැදින් බැඳ ඇති කොලපාට පටිය හැට්ටයේ සුන්දරත්වය තවත් වැඩි කරනවා.


2) රන් පැහැයෙන් වැඩ දැමු උස් කර විලාසිතාව

සංකීර්ණ බව වගේම ගෞරවාන්විත බවේ සංකේතයක් ලෙස හඳුන්වන්න පුළුවන් මේ හැට්ටය පිටුපසින් එහා මෙහා පෙනෙන ආකාරයට නිර්මිතයි. මෙවැනි සැට්ටයක් ඇඳීමට පෙර නිසි යට ඇඳුම් තිබේද යන්න සැලකිලිමත් වෙන්න ඕනේ. නැත්නම් බ්‍රෙෂියර් එක වෙනුවට කප්ස් යොදන්න අමතක කරන්න එපා.


3) උස් කර සහිත පිටුපසින් ඇරුණු කළු සැට්ටය

මෙය වයස බේදයක් නොතකා ඕනෙම කාන්තාවකට ගැලපෙන ඉතාම කදිම විලාසිතාවක්.


4) ගැඹුරු කර සහිත මොනර නිල් සහ රත්රන් පැහැ විලාසිතාව

පිටුපසින් ඇරී ඇති කර දෙපැත්ත ශක්තිමත් වීමට වගේම අලංකාරයටත් මැදින් බඳින නූල ඉවහල් වෙනවා. මෙය වෙඩින් එකකට වගේම සාමාන්‍ය ගමනකටත් අපූරු විලාසිතාවක්.


5) උස් කර සහ ඕවලාකාර පිටුපස සහිත විලාසිතාව

ඉතාම උසස් අයුරින් නිමවා ඇති මෙය දුර්ලභ විලාසිතාවක්.


6) අත් නැති , පිට නැති සැට්ටය

මෙය ඉතින් යෞවන වියේ ඉන්න දඟ කාරියෙක්ට නම් අපූරුයි. ඒ වගේම මහන්නත් එතරම් අමාරු නැහැ.


7) දිග අත් සහිත බුරුල් සැට්ටය

මේක ලෙහෙන්ගා එකකට වගේ තමයි ගොඩක්ම ගැලපෙන්නේ.


8) අත් නැති පොලි ජෝජට් සැට්ට විලාසිතාව

මෙය ඉතාම නවීන විලාසිතාවක්. ඕනෙම වයසකට අපූරුයි. ඒ වගේම සරලයි, සන්දරයි.


9) සමනලයෙක් වගේ පිටුපස ඇති විලාසිතාව

තද වර්ණ වලින් මනහර සාරියකට වඩා සුදුසු විලාසිතාවක්. ඒ වගේම අමුතුවෙන් කියන්න දෙයක් නැහැ තරුණියන්ට තමයි ඉතින් මෙවැනි විලාසිතා හොඳින් ගැලපෙන්නේ.


10) V හැඩයේ පිටුපස සහ කර විලාසිතාව

70 දශකයට ඔබව මනසින් ගෙන යනවා. නමුත් නවීන බවේ සහ විලාසිතාවේ සංඛේතයක්. අනික් ඇයට වඩා වෙනස් වෙන්න කැමති ඔබට නම් කදිමයි.

SHARE

NO COMMENTS