ගර්භනී සමයෙන් පසු කැළැල් සුව කර ගන්නේ කෙසේද? – 1 කොටස

ස්ට්‍රෙච් මාර්ක් කියන්නේ මවක් වූ පසු කාන්තා සැමටම ඇතිවන ගැටළුවක්. මහත්වීම නිසා ඇදී තිබුණු සම කෙට්ටු වීමෙන් පසු හැකිලීම මෙම ස්ට්‍රෙච් මාර්ක් ඇති වීමට හේතුව වේ. මුලින්ම රතු පැහැති ඉරි ලෙස හටගන්නා මේවා පසුව ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වේ. කාන්තාවන් බොහෝ දෙනෙකු සිතන්නේ මෙම ස්ට්‍රෙච් මාර්ක් ඇති වීම වළක්වා ගත නොහැකි බවයි. එහෙත් ඔබ නිසි පරිදි මේවාට ප්‍රතිකාර කරන්නේ නම් ඔබට මෙම ස්ට්‍රෙච් මාර්ක් නැති කර ගත හැකියි. අද කියන්න යන්නේ මෙම ස්ට්‍රෙච් මාර්ක් නැති කර ගැනීම සඳහා අනුගමනය කළ හැකි ක්‍රම 03 ක් පිළිබඳවයි. ඔබත් ස්ට්‍රෙච් මාර්ක් වලින් පීඩා විඳින හෝ මවක් වීමට බලාපොරොත්තුවෙන් සිටින කෙනෙක් නම් ඔබටත් මේ ලිපිය වැදගත් වේවි.

fb- like-beg


01) සමට හිතකර පෝෂ්‍යදායි ආහාර ගන්න.

ඔබ ගර්භනී කාන්තාවක් නම් ඔබේ දරුවාට අවශ්‍ය විටමින් සහ පෝෂණය සපුරාලීම සඳහා ඔබ දැනටමත් පෝෂ්‍යදායි සහ සමබල ආහාර ගන්නවා ඇති. මීට අමතරව ඔබේ සැමට අතිරේක පෝෂණයක් සපයන ආහාර ඔබේ ආහාර වේලට එකතු කර ගැනීමෙන් ඔබේ සමට වැඩි පෝෂණයක් ලබා දෙයි. එමගින් ස්ට්‍රේච් මාර්ක් ඇති වීම වළක්වාලයි. පහත දක්වා ඇති කෑම වර්ග ඔබේ ආහාර වේලට එකතු කර ගැනීමෙන් ඔබට සැමට වැඩි පෝෂණයක් ලබා දී ස්ට්‍රෙච් මාර්ක් ඇති වීම වළක්වා ගත හැක.

  • අන්ටිඔක්සිඩන්ට් වැඩිපුර අඩංගු ආහාර ඔබේ සමට වැඩි පෝෂණයක් ලබා දෙමින් සම ආරක්ෂා කරයි. ඒ සඳහා වැඩිපුර නිවිති, ස්ට්‍රෝබෙරි, නිල් බෙරි සහ තවත් නැවුම් එළවලු සහ පලතුරු ඔබේ කෑමට එකතු කරගන්න.
  • විටමින් E අඩංගු ආහාර සමේ සෛල ආරක්ෂා කරයි.  විටමින්  E ලබා ගැනීම සඳහා ධාන්‍ය, අලිගැටපේර, ගෝවා මල් ආදිය වැඩිපුර ආහාරයට එක කර ගන්න.
  • විටමින් A අඩංගු ආහාර මගින් සමේ ටිෂූ නැවත යථා තත්ත්වයට පත් කරයි. ඒ සඳහා කැරට්, බතල, අඹ, රතු පැහැති බෙල් පෙපර් ආදිය වැඩිපුර ආහාරයට ගන්න.
  • ඔමේගා 3s අඩංගු ආහාර මගින් සමේ සෛල වලට මනා පෝෂණයක් සපයන අතර එයින් සම නිරෝගිමත් කර සම දීප්තිමත් කරයි. මේවා ලබා ගැනීම සඳහා මාළු, මාළු තෙල්, බිත්තර, ආදිය ආහාරයට එක් කර ගන්න. ඔබ බිත්තර ආදිය උයන විට හොඳින් උයා ගැනීමට මතක තබා ගන්න. එමෙන්ම මාළු තෝරා ගන්නා විට රසදිය අඩංගු මාළු තෝරා ගැනීමෙන් වළකින්න. ගර්භනී සමයේදී රසදිය අඩංගු ආහාර වැඩිපුර ගැනීම මගින් මොළයට හානි සිදු විය හැකි අතර වර්ධනය බාල වීම ද සිදුවිය හැක. එනිසා රසදිය වලින් තොර මාළු තෝරා ගැනීමට වග බලා ගන්න.

02) නිතර ජලය පානය කරන්න.

ජලය මගින් ඔබේ සිරුරට අහිතකර විෂ හරණයක් සිදු කරන අතර එමගින් ඔබේ සිරුරේ සෛල ප්‍රාණවත් කිරීමක් ද සිදු කරයි. එමගින් ඔබේ සිරුර සෞඛ්‍යමත් කරන අතර ආතතිය හේතුවෙන් ඇති වන හානි ද නැවත යථා තත්වයට පත් කරයි. පහත පුරුදු භාවිතා කරමින් වැඩිපුර ජලය පානය කිරීමට පුරුදු වන්න.

  • දිනකට වතුර වීදුරු 08 ක් පානය කරන්න. මෙලෙස වතුර වීදුරු 08 ක් පානය කිරීම ඔබට අපහසු යැයි හැඟෙන්නේ නම් තරමක් විශාල බෝතලයක් ගෙන වතුර වීදුරු 02 (අවුන්ස 16)ක ප්‍රමාණය පුරවා දිනකට 04 වරක් එය පුරවමින් පානය කරන්න. දිනකට 08 වරක් වීදුරු පිරවීමට වඩා එය පහසු වේ. එයින් ඔබට දිනකට අවශ්‍ය ජලය ප්‍රමාණය සපුරා ගත හැකි වේ.
  • ශාකමය තේ වර්ග පානයට පුරුදු වන්න. කැෆෙන් අඩංගු නොවන පානයන් මගින් ඔබේ සිරිර විජලනය වීමෙන් වලකාලයි. එමෙන්ම ජලය පමණක් පානය කිරීම නිසා ඇතිවන අපහසුව මගහරවා ගැනීමට මෙම තේ වර්ග මනා ආදේශකයක් වේ.
  • ජලය අඩංගු එළවලු සහ පළතුරු හැකිතාක් ආහාරයට ගන්න. මෙලෙස වැඩි වශයෙන් ජලය අඩංගු එළවලු පළතුරු ආහාරයට ගැනීමෙන් ද ඔබගේ ජාල අවශ්‍යතාව සපුරා ගත හැක. කොමඩු, පිපිඥ්ඥා, බෙල් පෙපර්, ස්ට්‍රෝබෙරි, පැණි සහ අනෙකුත් ජලය වැඩිපුර අඩංගු එළවලු පළතුරු ආහාරයට ගන්න.

03) ගර්භනී සමයේදීත් ව්‍යායාම වල යෙදෙන්න.

ව්‍යායාම මගින් ඔබේ සිරුරේ රුධිර සංසරණය ක්‍රමවත් කර ඔබේ සමේ ඇදෙන සුලු ස්වභාවය ඇති කරයි. එමෙන්ම ව්‍යායාම මගින් අනවශ්‍ය ලෙස ඔබේ බර වැඩි වීමද වලකාලයි. එය ද ස්ට්‍රෙච් මාර්ක් ඇති වීම වළකාලයි. පහත දැක්වෙන ක්‍රම අනුගමනය කරමින් ඔබේ දින චර්යාවට ව්‍යායාම එකතු කර ගන්න.

  • ව්‍යායාම මගින් ඔබගේ දරු ප්‍රසුතිය පහසු කරවයි. එය අරමුණු කරගෙන ව්‍යායාම වලට හුරු වන්න. මෙහිදී ඇදීමේ ව්‍යායාම ආදී ඉතා සරල හා පහසු ව්‍යායාම කිහිපයක් සිදු කරන්න.
  • ගර්භනී සමය සඳහා ඇති යෝගා ව්‍යායාම වලට හුරු වන්න. එවැනි දෑ මගින් ඔබේ සිරුරට වැඩි අපහසුවක් නොමැතිවම අවශ්‍ය ව්‍යායාම ලබා ගත හැකි වේ.

මෙම ලිපියේ දෙවන කොටස සදහා :-

ගර්භනී සමයෙන් පසු කැළැල් සුව කර ගන්නේ කෙසේද? – 2 කොටස

SHARE

NO COMMENTS