“ජීවිතේ මේ වගෙයි.” – 15 කොටස

සමුදිගේ වයස 34 ක්. ඇය පුද්ගලික අංශයේ විධායක නිලධාරිනියක්. ඇය විවාහ වෙලා ඉන්නේ තාරික එක්ක. තාරික කියන්නේ නැවු සමාගමක විධායක රැකියාවක් කරන කෙනෙක්. ඔවුන් විවාහ වුනේ විශ්ව විද්යාලේදී දැන හඳුනා ගෙන. නිමුන් දරුවෝ වෙච්ච විහස් හා විමාශ තමයි ඇගේ පුත්තු දෙන්නා. මෙන්න මෙහෙමයි ඇගේ ජීවිතය ගත වෙන්නේ.

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව

fb- like-beg


අපේ කාලේ දියණියකගේ කථාවක් – 15 කොටස

දැන් තාරික කොච්චර නම් වෙනස් වෙලාද සමුදී කල්පනා කළා. සමුදිගේ පෙනුම නිසා ඉස්සර විශ්ව විද්යාලේදීත් නොයෙක් කොල්ලෝ ඇයගේ පස්සෙන් ආව. නමුත් ඒ දවස් වල කුකුල් කේන්ති කාරයෙක් වුන තාරික මේ කොල්ලෝ සමග ගුටි බැට හුවමාරු වලට පවා ගිහින් තිබෙනවා. නමුත් ඔහු දැන් කල්පනාවෙන් වැඩ කරන නිමුණ ,සැනසුන පියෙක්. ඒ වගේම ඔහු තමන්ගේ බිරිඳගේ උසස් ගතිගුණ ගැන ගොඩක් විශ්වාස කරා. මේ යුවල තුල තිබුන ලොකුම සාර්ථකත්වය තමයි එකිනෙකා විශ්වාස කිරීම.

හැම සරල දේම දෙන්න අතර බෙදා ගත්ත. ඒ වගේම ඇයවත් ඔහුවත් එකිනෙකාගේ වචන වලට පිටින් කිසිම දෙයක් විශ්වාස කරන්නේ නැහැ. කවදාවත් සමුදිගේ ෆෝන් එක නිදහසේ තිබ්බත්, තාරිකගේ ෆෝන් එක නිදහසේ තිබ්බත් කිසිම කෙනක් ඒවා හොරෙන් බලන්න උත්සහ දරන්නේ නැහැ.

තාරික බොහෝ වෙලාවට වෙලාවක් අවේලාවක් නැතුව වැඩ කරනවා. ඔහුගේ වචනේ සමුදී කිසිම දවසක අවිස්වාස කලේ නැහැ. තාරිකත් එහෙමයි.

අඹු සැමියෝ දෙන්නා විවාහ වුනාම සලකන්නේ එකම කණ්ඩායමක් ලෙසයි. ඔවුන් දෙදෙනා මුළු ලෝකයේම තිබෙන ප්‍රශ්න සමග එකට සටන් කිරීමක් එයින් අපේක්ෂා කරනවා. නමුත් බොහෝ අඹු සැමියෝ කරන්නේ ලෝකය සමග අරගල කිරීම පසෙක තියලා එකිනෙකා සමග රණ්ඩු කරමින් මුළු දවසම කළහ කරන එකයි.

සමුදිගේ යෙහෙලියක් වුන ශාමිණි පවා එහෙමයි. ඇය සැමියාව නිතරම අව්ශ්වාස කරා. රාජකාරි කරලා ගෙදර එන ඔහුගෙන් හොරෙක්ගෙන් වගේ ප්‍රශ්න කරනවා. නිකරුනේ බැන ගන්නවා. එම නිසා අයගේ සැමියාට ගෙදර ඒම ඉතාම අප්‍රසන්න වුනා. පීඩනය දුරු කර ගන්න ඔහු මත්පැන් පානයට සහ වෙනත් නරක දේවල් වලට ඇබ්බැහි වුනා. හොඳින් ජීවත් වෙන්න තිබුන පවුල විනාශ වෙලා ගියේ මේ නිසයි.

මේ වගේ ප්‍රශ්නයකදී තාරික සමුදී එක්ක කොන්දේසි විරහිතව සිටගත් නිසා ඇගේ මනස ශක්තිමත් වුනා. බැරි වුනොත් දාල එනවා කියන මානසික තත්වයෙන් තමයි සමුදී එදා වැඩට ගියේ. දවසම කිසිම කරදරයක් නැතුව ගෙවුනා. නමුත් රාත්‍රියේ තිබුන උත්සවය අවසන් උන විගසම දයාන් තිලකරත්න ඇය ඉදිරියේ මතු වුනා.

“ අහ්හ් …සමුදී..හරිම ලස්සනයි ඔය රතු සාරිය ඔයාට”

ඔහු ඇය ලඟට එනවා ශාලාවේ එහා කොනේ සිටි තාරික බලාගෙන හිටියා. එසැනින්ම ඔහු එහි මතු උනා. සමුදිට දැනුනේ මහා සහනයක්. ඇය ඔහුගේ අත අල්ලලා දයාන් තිලකරත්නට හඳුන්වලා දුන්නා.

“සර් ..මේ මගේ හස්බන්ඩ්”

“අහ්හ්..නළලේ රැලි මතු කරගෙන ඔහු උදාසීනව තාරිකට අත දිගු කරා”

විනීතකම වෙනුවෙන් ඔවුන් දෙදෙනා වචන කීපයක් කතා කරා. දයාන්ගේ හිත මදක් පසු බා ගිය බව පෙනුනා.

සමුදී තාරිකගේ අතේ එල්ලීගෙන එලියට යද්දී අපේක්ෂා සුන් වුන දයාන් ඒ දෙස නොබලා ඉන්න උත්සහ කරා. පළපුරුදු නරියෙක්ගේ වගේ කපටි ඔහුගේ දෑස දිලිසුනා.

“ කිරිල්ලි අද පැන්න නේ… හෙට අනිද්දට මම මොකක් හරි අඹරන්නම්. “

ඒ සමගම තමන්ගේ බිරිඳ තරුණ කාලෙකවත් තමන්ට මේ වගේ තැනක් දුන්නේ නැහැ නේද කියල මතක් වෙද්දී දයාන්ගේ හිත සසල වුනා. ඔහු හෙමින් හෙමින් තමන්ගේ තරුණ කාලෙට පිය මැන්නා.

දයාන් තිලකරත්න පැමිණියේ ඉතාම දුප්පත් පවුලකින්. ඥාති වෙන හාමුදුරු කෙනෙක්ගේ පිහිටෙන් අධ්‍යාපනය නිමා කළ ඔහු ශිෂ්‍යත්වය සමත් වෙලා අගනුවර ඉහලම පිරිමි පාසලක ඉගෙන ගත්තා. අධ්‍යාපනයෙන් වුර්තියෙන් ඉදිරියට ගියේ ගොඩක් මහන්සි වෙලා. තමන්ගේ පවුලෙන් වෙන් වුනේ ඔවුන් ඇසුරු කිරීම ලැජ්ජාවක් ලෙස සලකලා. ඔහුට කොළඹින් ඉතාම ඉහල පවුලක රන්සිරිනි හම්බ වුනේ මේ කාලේ. ඔහුගේ දක්ෂකම නිසා රන්සිරිනිගේ හිත ඔහු වෙත ගියා. නමුත් ඇය මුළු ජීවිත කාලෙම ඔහුට සැලකුවේ දාසයෙක්ට වගේ. ඔහුට සහ පවුල් පසුබිමට නිතරම නින්දා කිරීම රන් සිරිනිගේ සිරිතක්. මේ ප්‍රශ්න නිසා දයාන් කාර්යාලයේ තම බලය පාවිච්චි කරලා අයතා සම්බන්ධකම් පැවැත්තුවා. හරියට ලෝකේ ඉන්න හැම ගැහැනිගෙන්ම පලිගන්න වගේ.

“අර ගෝරිල්ලෙක් වගේ තඩියාව නේද මේ කෙල්ල බැදලා ඉන්නේ? පුදුම ආදරෙයි වගේ. “කියල හිතපු ඔහු ජනේලය ලඟට ගිහින් හෙමින් එලිය බැලුවා.

තාරික කාර් එකේ දොර ඇරලා සමුදිව පරිස්සමෙන් නග්ගන හැටිත් කාර් එකේ අඳුරු චායාව අතරින් ඇය ඔහුට හාද්දක් දෙන හැටිත් දැකපු දයාන්ගේ නෙත් දෙකත් තෙත් වුනා. ඒ තමාගේ ජීවිතේ කොච්චර ආදරෙන් තොර කාලකන්නි ජීවිතයක්ද කියා කල්පනා වුන නිසා.

ඒ වගේම තාරික එක්ක තරහෙන් ඔහුගේ හිත පුපුරු ගැසුවා.

කෙල්ල වැඩ කරන්නේ මගේ යටතෙනේ. මම මෙච්චර කාලෙකට පැරදිලා නැහැ. ඔවු තඩියා මා දිහා බලපු බැල්ම. ඌ මට හිතෙන් හිනා වෙනවා ඇති. බලමුකෝ. කවුද දිනන්නේ කියල…. ඔහු ගෙරෙවුවා.


වෙච්ච සිද්ධිය ගැන ආනන්දයෙන් හිනා වෙමින් දෙන්නා ගෙදරට සැපත් වුනා. සමුදී හිතුවා අදින් පස්සේ මේ කරදරය ඉවර වේවි කියල. නමුත් තාරිකට ඒ ගැන විශ්වාසයක් තිබුනේ නැහැ.

නින්ද ගිහින් හිටපු පොඩ්ඩෝ දෙන්නව වඩාගෙනම ඔවුන් ඇඳට ගෙනිච්චා. ඔවුන් සුවසේ නිදි.

“පවු අද දවසම කතා කරන්න බැරි වුනා” සමුදී කිවුවේ සුසුමක් හෙලලා.

ගෙයක් දොරක්, පවුලක් ආදරයක් නැති පවුකාර මිනිස්සු සතුටු වෙන්නේ අනුන්ගේ ජීවිත විනාශ කරලා. ලොකු හාමිනේ නිතරම කියන කතාව තාරිකට මතක් වුනා.

වෙහෙසකර දවස නිමා කරලා දෙන්න දෙමහල්ලෝ ඇඳට යද්දී එකත් පහු වෙලා.

SHARE

NO COMMENTS