ගර්භනී සමයෙන් පසු කැළැල් සුව කර ගන්නේ කෙසේද? – 2 කොටස

ස්ට්‍රෙච් මාර්ක් කියන්නේ මවක් වූ පසු කාන්තා සැමටම ඇතිවන ගැටළුවක්. මහත්වීම නිසා ඇදී තිබුණු සම කෙට්ටු වීමෙන් පසු හැකිලීම මෙම ස්ට්‍රෙච් මාර්ක් ඇති වීමට හේතුව වේ. මුලින්ම රතු පැහැති ඉරි ලෙස හටගන්නා මේවා පසුව ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වේ. කාන්තාවන් බොහෝ දෙනෙකු සිතන්නේ මෙම ස්ට්‍රෙච් මාර්ක් ඇති වීම වළක්වා ගත නොහැකි බවයි. එහෙත් ඔබ නිසි පරිදි මේවාට ප්‍රතිකාර කරන්නේ නම් ඔබට මෙම ස්ට්‍රෙච් මාර්ක් නැති කර ගත හැකියි. අද කියන්න යන්නේ මෙම ස්ට්‍රෙච් මාර්ක් නැති කර ගැනීම සඳහා අනුගමනය කළ හැකි ක්‍රම 03 ක් පිළිබඳවයි. ඔබත් ස්ට්‍රෙච් මාර්ක් වලින් පීඩා විඳින හෝ මවක් වීමට බලාපොරොත්තුවෙන් සිටින කෙනෙක් නම් ඔබටත් මේ ලිපිය වැදගත් වේවි.

fb- like-beg


04) ක්‍රමානුකුලව බර වැඩි කර ගන්න.

ස්ට්‍රෙච් මාර්ක් ඇති වීමට එකවර සිරුරේ බර වැඩි වීම හේතුවක් වේ. එනිසා එකවර සිරුරේ බර වැඩි කර ගැනීමෙන් වැළකී වෛද්‍ය උපදෙස් ද ගෙන ක්‍රමානුකුලව බර වැඩි කර ගන්න. මෙමගින් ද ඔබේ ස්ට්‍රෙච් මාර්ක් ඇතිවීම වළක්වා ගත හැක.

  • දෙදෙනෙකු සඳහා ආහාර ගැනීමෙන් වලකින්න. මෙම කාලයේදී ඔබ පෙරට වැඩ වැඩිපුර කැලරි ප්‍රමාණයක් ආහාරයට ගැනීම අවශ්‍ය වේ. ඒත් ඒ සඳහා දෙගුණයක් ආහාර ගැනීමේ අවශ්‍යතාවයක් නැත. අවශ්‍ය වන්නේ පෝෂ්‍යදායි ආහාරයි.
  • ඔබට යමක් කෑමට දැඩි ආශාවක් ඇති වූ විට එයින් ටිකක් ආහාරයට ගන්න.

05) හොඳින් සම රැකගැනීම ආරම්භ කරන්න

වියලි බුරුසුවකින් ඔබේ සම පිරිමැදීමෙන් ඔබේ සමේ රුධිර සංසරණය ක්‍රමවත් කරයි. එය ඔබේ සම නිරෝගී කිරීමට උපකාරී වේ. මෙම ක්‍රමය මගින් පවතින ස්ට්‍රෙච් මාර්ක් නැති කර ගැනීමට ද හැකි අතර ස්ට්‍රෙච් මාර්ක් ඇති වීම වැළක්වීමේ ක්‍රමවේදයක් ලෙස ද මෙය භාවිතා කල හැක.

  • ඔබේ සම පිරිසිදු කිරීම සඳහා ස්වභාවික කෙඳි වලින් සාදන ලද බුරුසුවක් භාවිතා කරන්න. වඩාත් රළු නොමැති, සමට හානි නොවන තරමේ තරමක් රළු කෙඳි ඇති බුරුසුවක් භාවිතා කරන්න. (මේ සඳහා ඔබට වියළි වැටකොළු ගෙඩියක පොතු ඉවත් කර ගත පසු ඉතුරු වන කෙඳි සහිත කොටස භාවිතා කල හැක. එය ස්වභාවික බැවින් ඉතා සුදුසු වේ.)
  • සම ඇතිල්ලීමේදී ඔබේ පාද වල සිට ආරම්භ කර ක්‍රමයෙන් ඉහලට පිරිමදින්න. මෙහිදී ස්ට්‍රෙච් මාර්ක් මතු විය හැකි උදරය සහ තට්ටම් ආදී ප්‍රදේශ වලට වැඩි අවධානයක් යොමු කරන්න. ඔබ සම ඇතිල්ලීම අවසන් වූ පසු ජලයෙන් ඔබේ ශරීරය හොඳින් සෝදා හරින්න. එයින් ඔබේ සමේ මැරුණු සෛල ඉවත් වී යයි.
  • ඔබේ පියයුරු වැනි සිනිඳු සමක් ඇති ප්‍රදේශ වලට වියලි, රළු බුරුසුවක් භාවිතා කිරීමෙන් වළකින්න

06) සමට නිසි පෝෂණයක් ලබා දීම

ඔබේ සම සඳහා සැර අධික රසායන ද්‍රව්‍ය වලින් යුතු නිෂ්පාදන භාවිත කිරීමෙන් වළකින්න – සම පිරිසිදු කිරීම සඳහා වෙළඳපොලේ ඇති බොහොමයක් නිෂ්පාදන වල සල්ෆේට් අඩංගු වේ. එමගින් ඔබේ සම වියලි භාවයට පත් කරයි. එනිසා එවැනි සැමට අහිතකර රසායනික ද්‍රව්‍ය ඇති නිෂ්පාදන වලින් වැළකී ස්වභාවික තෙල් වලින් යුතු සමට හිතකර නිෂ්පාදන භාවිතා කරන්න.

  • පොල්තෙල් යනු ඔබේ සමට මනා පෝෂණයක් ලබා දෙන්නකි. පොල්තෙල් ස්වල්පයක් ගෙන ඔබේ සමේ හොඳින් ආලේප කර තරමක් පිරිමැද මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න. පසුව සිනිඳු තුවායකින් තෙත මාතු කරන්න.
  • ඔබට ඇත්තේ වියලි සමක් නම් ඔබේ සමට ක්ලේන්සර් භාවිතා කිරීම අත්‍යාවශ්‍ය නැත. ඒ වෙනුවට මද උණුසුම් ජලයෙන් ඔබේ ශරීරය සෝදා පිසදමන්න.
  • මොයිස්චරයිසර් භාවිතා කරන්න – ස්ට්‍රෙච් මාර්ක් ඇතිවේ යැයි සිතිය හැකි ඕනෑම තැනක මොයිස්චරයිසර් ආලේප කිරීම අනිවාර්යය වේ. එනිසා ඔබේ උදරය, පාද, කලවා ආදී මේ සෑම තැනකම හොඳින් මොයිස්චරයිසර් ආලේප කරන්න. එහිදී සාමාන්‍ය අයට ඇති මොයිස්චරයිසින් ක්‍රීම් වලට වඩා ගර්භනී කාන්තාවන් සඳහාම නිෂ්පාදනය කර ඇති ස්වභාවික තෙල් අඩංගු නිශ්පාද භාවිතා කිරීම වඩා ඵලදායී වේ.
  • ගර්භනී සමයේදී සමට පෝෂණයක් ලබා දෙන දේවල් ලෙස කොකුම් කුඩු, ආමන්ඩ් තෙල්, කඩල පිටි ආදිය දැක්විය හැක. මෙලෙස සැමට හොඳින් මොයිස්චරයිසින් ලබා දෙන ස්වභාවික ද්‍රව්‍ය ද හැකි තාක් භාවිතා කරන්න.
  • උදෑසන සහ රාත්‍රී ස්නානයෙන් පසු සමේ හොඳින් මොයිස්චරයිසර් ආලේප කරන්න. සමේ යම් තැනක් වැඩි වියළි ස්වභාවයක් දැනෙන්නේ නම් එම ප්‍රදේශයේ වැඩිපුර මොයිස්චරයිසර් ආලේප කරන්න.
  • සන් ක්‍රීම් භාවිතා කරන්න – ඔබ පිහිනුම් සඳහා හෝ හිරු එලියට නිරාවරණය වන කාර්යයකට යන්නේ නම් අනිවාර්යයෙන්ම සන් ක්‍රීම් ආලේප කිරීමට මතක තබා ගන්න. මෙහිදී හිරු එලියට නිරාවරණය වන ශරීරයේ සෑම තැනකම සන් ක්‍රීම් ආලේප කරන්න.


මෙම ලිපියේ පළමු කොටස සදහා :-

ගර්භනී සමයෙන් පසු කැළැල් සුව කර ගන්නේ කෙසේද? – 1 කොටස

SHARE

NO COMMENTS