අභිමානවත් බිරිඳක් ලෙස ජීවිතේට මුහුණ දෙන්නේ මෙහෙමයි…

විවාහය යනු ඔබගේ ජිවිතයේ වැදගත් අවස්ථාවක්. මෙතෙක් ස්වාධීනව ජීවත් වූ ඔබ, අනාගතය සහකරු සමග බෙදාගෙන ගත කිරීමට යන අවස්ථාවේ පවුලේ ආර්ථිකයද ඔබ දෙදෙනා විසින් කළමනාකරණය කරගත යුතුයි. නමුත් ඔබට සිතේ සතුටින් පෙර ඔබ ජිවත් වූ ආකාරයේ ශක්තිමත් චරිතයක් ආකාරයෙන්ම පවත්වාගැනීමට හැකිනම් එය ඔබගේ ජීවිතය සහ මනස සැහැල්ලුවෙන් හා පහසුවෙන් තබාවි. ස්වාධීන, ශක්තිමත් කාන්තාවක් මෙන්ම බිරිඳක් වෙන්න මේ දේවල් සපුරා ගන්න.

fb- like-beg


  1. ඔබටම අවේණික වූ චින්තනයක් පවත්වා ගන්න. එය ප්‍රකාශ කිරීමට බිය නොවන්න.
  2. රැකියාවක නිරත වී ඔබගේ වියදම් සඳහා අවශ්‍ය මුදල් ඔබම සොයාගනිමින් අදායම සහ වියදම් නිවැරදි ලෙස තනිව  කළමනාකරණය කරගැනීමට හුරුවන්න.
  3. ඉතිරි කිරීමේ ගිණුමක් ආරම්භකර හදිසි අත්‍යවශ්‍ය කාරණයකට හැර වෙනත් කිසිදු දෙයකට එම මුදල් නැවත ගැනීමෙන් වලකින්න.
  4. ණය නොවී විවාහ උත්සවය සිදු කිරීමට අවශ්‍ය මුදල් වෙනම ඉතිරි කර ගන්න.
  5. වෙනත් ණයකට ඔබ යටත් වී ඇත්නම් ඒවා සම්පුර්ණයෙන් ගෙවා අවසන් කරන්න. එය විවාහ වූ පසු ගෙවීමට ඇති ණය පිලිබඳ ඇතිවන අනවශ්‍ය පීඩනයන්ගෙන් ඔබව  මුදා ගනු  ඇත.
  6. ඔබ කැමති සිරුරේ හැඩය ලබා ගැනීමටත් එය පවත්වා ගැනීමටත් උත්සහ කරන්න. ඒ සඳහා සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට සහ දිනපතා ව්‍යායාම් සඳහා යොමුවන්න.
  7. ඔබගේම නිවසක ජීවත් වීමට අවශ්‍ය පරිසරය සකසාගන්න. සහෝදර සහෝදරියන් , මිතුරන් , නෑදෑයන් සමග හවුලේ වාසය කරනවා වෙනුවට තමන්ගේම ස්ථානයක ජීවත් වීමට අවශ්‍ය සම්පත් සහ පහසුකම් සකස් කරගන්න.
  8. ඔබ ආසා කරන දේ ලඟා කර ගැනීමට අවශ්‍ය සියලු දේ කරන්න.
  9. කරන රැකියාවට අමතර යහපත් අදායම් මාර්ගයක් ලබා ගැනීමට උත්සහ කරන්න.
  10. සහකරු තෝරා ගැනීමේදී හදවතට මෙන්ම බුද්ධියට ද ඉඩ දෙන්න. ඔබේ අදහස් වලට සමාන ඔබව තේරුම් ගත හැකි සහ ඔබේ සිහිනයන් ඉටු කරගැනීමට  සහාය වන්නකු තෝරාගන්න. සහකරු පිලිබඳ අධ්‍යයනය කර ඔහුගේ ආකල්ප පිලිබඳ අවබෝධයක් ලබාගන්න. නැතිනම් ජිවිත් කාලය පුරාවටම ඔබට ඉතිරි වන්නේ පසු තැවීම පමණයි.
  11. ඔබ වැඩිහිටියකු ලෙස සහ ධනාත්මකව සිතන්නට පුරුදු වන්න.
  12. පැරණි අමිහිරි මතකයන්, වැරදීම්, පසු තැවීම් අමතක කර අනාගතයට ශක්තිමත්ව මුහුණ දීමට අදිටන් කරගන්න.
SHARE

NO COMMENTS