ඔබේ ශරීරයේ විෂ ඉවත් කරන ස්වභාවික ප්‍රතිකාර 5 ක්

ර්තමානයේ තාක්ෂණයේ දියුණුවත් සමගම මිනිසාගේ ජීවිත ද බෙහෙවින් සංකීර්ණ වී ඇත. ඒ නිසාම රසායනික ද්‍රව්‍ය හා ගනුදෙනු කිරීම ද වැඩි වී ඇත. නොදැනුවත්වම අප ගන්නා ඇතැම් ආහාර වලින් අපේ ශරීරයට විෂ ඇතුළු වේ. ඒ නිසාම වර්තමානය වනවිට මිනිසුන් විෂ රහිත ආහාර තෝරා බේරාගෙන ආහාරයට ගැනීමේ ප්‍රවනතාව වැඩි වී ඇත. පර්යේෂකයන්ට අනුව නම් මිනිස් ශරීරයට ස්වභාවිකවම විෂ හරණය කිරීමේ හැකියාවක් ඇති බව කියවේ. එහෙත් ශරීරය තුල ඇති ශරීරයට අහිතකර දෑ ස්වභාවිකවම ඉවත් කිරීම වඩා සෞඛ්‍යමත් වේ. යම් යම් ආහාර පාලනය කිරීමෙන් සහ තවත් ආහාර වැඩිපුර ගැනීමෙන් ඔබට මෙය පහසුවෙන්ම කර ගත හැකිය.

fb- like-beg


පළමු ක්‍රමය

විෂ සහිත ශරීරයට අහිතකර දේවල් ආහාරයට ගැනීමෙන් වළකින්න. කැෆෙන් අඩංගු ආහාර, මත්ද්‍රව්‍ය, සංතෘප්ත මේදය සහිත ආහාර, කෘත්‍රිම රසකාරක අඩංගු ආහාර සහ විවිධ රසායනික ද්‍රව්‍යන් අඩංගු ආහාර ඔබේ ආහාරයට එකතු කර ගැනීමෙන් ඔබේ ශරීරයට විවිධාකාරයේ විෂ ඇතුළු විය හැකිය. මෙවැනි ආහාර මගින් ඔබේ ශරීරයේ වර්ධනය අඩු කර ශරීරයට හානි කරන අතර එයින් ඔබේ නිරෝගීකම නැති කරයි. ඒ නිසා එවැනි ආහාර ගැනීම හැකිතාක් අඩු කිරීමට පුරුදු වන්න. මෙවැනි ආහාර ගැනීම සම්පුර්ණයෙන්ම නතර කිරීම ඔබට අපහසු කාර්යයක් විය හැකියි. ඒ නිසා මාසයකට දින තුන හතරක් පමණවත් සම්පුර්ණයෙන්ම මෙවැනි ආහාර වලින් වැළකී ඉන්න. ක්‍රමයෙන් මෙය වර්ධනය කර ගැනීමෙන් ඔබට සම්පුරණයෙන්ම මෙම ආහාර වලින් වැළකී සිටීමට හැකි වේවි.


දෙවන ක්‍රමය

මාසයකට දින කිහිපයක් අනෙකුත් සියලුම ආහාර වලින් වැළකී පළතුරු හා එළවලු යුෂ පමණක් ආහාරයට ගන්න. නැවුම් පළතුරු හා එළවලු යුෂ පමණක්ම ආහාරයට ගන්න. එම දිනය තුල ජලය හැර වෙනත් කිසිවක් ආහාරයට ගැනීමෙන් වළකින්න. ඔබට අධික ලෙස කුසගිනි දැනුනහොත් කෙටි ආහාරයක් සමග පළතුරු හා එළවලු වැඩිපුර ආහාරයට ගන්න. මෙය ඔබේ ශරීරය නිරෝගී කර ගැනීමට ඇති හොඳම ක්‍රමවේදයකි. නැවුම් එළවලු හා පළතුරු යනු ස්වභාවික ආහාරය. ඒවායෙහි ශරීරයට අහිතකර කිසිදු රසායනික ද්‍රව්‍යයක් අඩංගු නැත. එනිසා මෙයින් ඔබේ සිරුරේ ඇති විෂ නැති කර සිරුරට මනා පෝෂණයක් ලබා දෙයි. මාසයකට දින තුනේ සිට දින හතක දක්වා ඔබට මෙය සිදු කළ හැකිය. පළමුව එක දිනයකින් ආරම්භ කර පසුව ක්‍රමයෙන් එය වැඩි කර ගන්න.


තෙවන ක්‍රමය

වැඩිපුර ජලය පානය කරන්න. ඔබ පළතුරු යුෂ පමණක් පානය කරන දින තුළ හැකිතාක් ජලය පානය කරන්න. දිනකට ජලය අවුන්ස 32 ත් 64 ත් අතර ප්‍රමාණයක් පානය කිරීමට පුරුදු වන්න. වැඩිපුර ජලය පානය කිරීම මගින් අක්මාවේ හා වකුගඩු වල ක්‍රියාකාරීත්වය වර්ධනය කරවයි. එයින් ඔබේ සිරුරේ ඇති සිරුරට අහිතකර දේවල් සිරුරින් බැහැර කරයි.


සිව්වන ක්‍රමය

දහදිය මගින් ඔබේ සිරුරේ ඇති විෂ ඉවත් කරන්න. ඔබ ආහාර පාලනය කිරීමට අලුත් කෙනෙක් නම් දැඩි ව්‍යායාම වල නිරත වීම සුදුසු නැත. එහෙත් සිරුරින් දහදීය පිටවන තරමේ සුළු ව්‍යායාම කිහිපයක හෝ නිරත වන්න. දහදිය හරහා ඔබේ සිරුරේ ඇති අනවශ්‍ය ද්‍රව්‍ය ද ඉවත් වී යයි. මෙලෙස ව්‍යායාම වල නිරත වන අතර වැඩි වශයෙන් ජලය පානය කිරීම මගින් සිරුරේ සමබරතාවය පවත්වා ගත හැකි අතර එමගින් ඔබට නිරෝගී සිරුරක් ලබා දෙයි.


පස්වන ක්‍රමය

ඔබේ ශරීර පද්ධතිය පිරිසිදු කර එය ක්‍රමවත් කිරීමට උදව් වන්න. මේ සඳහා ඔබට දෙහි භාවිතා කල හැක. දෙහි වල අන්ටිඔක්සිඩන්ට් අධි මාත්‍රාවෙන් අඩංගු වේ. එමෙන්ම දෙහි වල විටමින් C ද වැඩි වශයෙන් අඩංගු වේ. මේවා මගින් අක්මාවේ සහ වකුගඩු වල ක්‍රියාකාරීත්වය ක්‍රමවත් කර වර්ධනය කරයි. එමෙන්ම නැවුම් දෙහි යුෂ ස්වල්පයක් ජලයට එකතු කර ගැනීමෙන් ඔබට ජලය පානය කිරීමේදී ඇති වන අපහසුතාවය ද මගහරවා ගත හැක.


අමතර ක්‍රියා

ඔබේ බාහිර ශරීරය ද පිරිසිදු කරන්න. ඔබ ශරීරය පිරිසිදු කරන විට සමට හානි නොවන සිනිඳු බුරුසුවක් භාවිතයෙන් ඔබේ සම පිරිසිදු කරන්න. එයින් ඔබේ මතුපිට සමේ ඇති මැරුණු සෛල ඉවත් වන අතර සමේ රුධිර සංසරණය ද ක්‍රමවත් කරයි.


සැලකිලිමත් වන්න

ඔබ ආහාර පාලනය කරමින් මෙම ක්‍රියාවලියේ නිරත වන විට ඔබට කරකැවිල්ල හෝ ආහාර ජීර්ණයේ ගැටළු ඇති වුවහොත් මෙය නවත්වන්න. ඔබේ සිරුර දුර්වල නම් ආහාර පාලනය කිරීම නුසුදුසු විය හැක. ඒ නිසා වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

SHARE

NO COMMENTS