විවාහ ජීවිතය අසාර්ථක වීමට හේතුවන පිරිමින් කරන වැරදි 11 ක් – 2 කොටස

විවාහ ජීවිතයකදී බිරිඳ සහ සැමියා යන දෙදෙනාටම සිය විවාහ ජීවිතය පිලිබඳ වගකීමක් ඇත. දෙදෙනාම තමන්ගේ වගකීම් නිසියාකාරයෙන් ඉටු කරන්නේ නම් ගැටළු ඇති වීම බොහෝ දුරට වළක්වා ගත හැක. පහත දැක්වෙනුයේ විවාහ ජීවිතය අසාර්ථක වීමට හේතුවන පිරිමින් අතින් සිදුවන වැරදි කිහිපයකි. ඔබේ විවාහ ජීවිතයේත් මෙවන් දේ සිදු වනවා නම් අදම ඒ පිලිබඳ විමසිලිමත් වී ඔබේ විවාහ ජීවිතය ආරක්ෂා කර ගන්න.

fb- like-beg


05) කවදාවත් ඇයගෙන් සමාව නොඉල්ලීම

සෑම විවාහයකම යම් යම් ගැටළු ඇති වේ. තමන් අතින් යම් වරදක් සිදු වූ විට සමාව නොඉල්ලීම ගැටළු රාශියකට මුලපුරයි. යම් වරදක් සිදු වූ විට ඔබේ බිරිඳගෙන් සමාව ඉල්ලෙමෙන් ඇය තුළ ඔබ කෙරෙහි ඇති කෝපයද නැති වී යයි. එහෙත් ඔබ සමාව ඉල්ලන්නේ නැතිනම් ඔබ සමාව නොඉල්ලීම පිළිබඳව ද ඇය තුළ කනගාටුවක් ඇති වේ.

බොහෝ පිරිමින් සිතනුයේ සමාව ඉල්ලිම යනු තමන්ගේ දුර්වලකමක් කියයි. තමා සිය බිරිඳගෙන් සමාව ඉල්ලුවහොත් ඇය තමාට ගරු නොකරනු ඇතැයි බොහෝ ඇය සිතයි. එහෙත් සැබවින්ම සිදු වන්නේ එහි විරුද්ධ පැත්තයි. ඔබ අතින් යම් වරදක් වූ විට ඔබ ඇයගෙන් සමාව ඉල්ලා සිටින්නේ නම් ඇය සියලුම ආරවුල් අමතක කර දමයි. එයින් මොන දේ සිදු වුවත් ඒවා විසඳාගෙන ඇය සමග සිටීමට ඔබ සුදානම් බව එයින් ඇය තේරුම් ගනී. එනිසා ඇයගෙන් සමාව නොඉල්ලා සිටීමේ වරද කිසිදාක කරන්න එපා.


06) ඇය ආවදානම් ලෙස සළකන දේ ගැන සැහැල්ලුවෙන් සිතීම

ඔබේ බිරිඳ දැඩි ලෙස ඔබට නතු වී ඇත. ඔබ වෙනත් කාන්තාවන් දෙස බලනවා ඇය දුටුවහොත් එය ඇය තුළ කනස්සල්ලක් ඇති කරයි. ඔබ ඇයගේ විශ්වාසය බිඳ දමාවි යයි ඇය බිය වේ. එය ඇයව අපහසුතාවයට පත් කරන අතර එනිසා ඇය ඔබව ප්‍රශ්න කිරීමට පටන් ගනී. මෙවන් අවස්තාවක ඇය තරමක අවධානමකින් සිටියි. එවිට ඇයට අවශ්‍ය වන්නේ ඔබ ඇගේ විශ්වාසය තහවුරු කිරීමයි. ඒ වෙනුවට ඔබ ඇගේ සිතිවිලි ඉතා සැහැල්ලුවෙන් සළකා ඇයව විහිලුවට ලක් කළහොත් එය ඔබ දෙදෙනා අතර ගැටළු ඇති කරයි. ඔබ වෙනත් කාන්තාවන් දෙස බලනු ඔබේ බිරිඳ දුටුවහොත් තමාව ඔවුන් සමග සංසන්දනය කර ඇගේ දුර්වලකම් දකියි. ඔබ තවදුරටත් ඇයට ආදරය නොකරන බව සිතයි. මෙවන් අවස්තාවක ඔබ කල යුත්තේ ඔබ තවමත් ඇයට ආදරය කරන බව ඇයට තහවුරු කිරීමයි. ඔබ වෙනත් කාන්තාවන් දෙස බැලීම සාමාන්‍ය දෙයකි. එහෙත් ඉන් පසු ඇය ක්‍රියාකරන ආකාරය සැහැල්ලුවෙන් සැලකීම නම් ඔබේ සම්බන්ධතාවයට යහපත් දෙයක් නොවේ.

තමන්ගේ මංගල මුදුව නොපැළඳීම පිරිමින් කරන තවත් වැරදි ක්‍රියාවකි. මංගල මුදුව යනු ඔබේ විවාහයේ මෙන්ම ඔබේ ආදරයේ සංකේතයයි. කාන්තාවන් එය ඉතා වැදගත් කොට සළකයි. ඔබ ඔබේ මංගල මුදුව නොපැළඳ නිවසින් එලියට ගියහොත් ඔබ විවාහක බව සමාජයෙන් සැඟවීමට උත්සහ දැරීමක් වේ. මෙය ඇය තුළ බියක් ඇති කරයි. ඔබ සමාජය ඉදිරියේ අවිවාහක ලෙස හැසිරී වෙනත් කාන්තාවන්ගේ ආකර්ෂණය ගැනීමට උත්සහ කරන බවට ඇය සිතයි. එනිසා ඒ වරද සිදු කිරීමෙන් ඔබේ සම්බන්ධතාවය විනාශ කර ගන්න එපා.

ඔබේ බිරිඳට ඔබේ ආදරය පිළිබඳ යම් අවධානමක් දැනුනු විට ඇය පෙර මෙන් ලස්සනදැයි ඔබෙන් අසාවී. වෙනත් කාන්තාවන් පෙන්වා ඔවුන් වඩා ආකර්ශනීයදැයි අසයි. මෙය උගුලක් නොවේ. ඇයට අවශ්‍ය වන්නේ ඔබ පෙර සේම ඇයට ආදරය කරන බව තහවුරු කර ගැනීමටයි. එනිසා ඇය එසේ අසන විට එය විහිලුවකට ගැනීමෙන් ඇය තවදුරටත් අසහනයට පත් වේ. එනිසා නැවත ඒ වරද නොකර එවන් අවස්ථාවල ඇය දෙස බලා ඇය ඉතා ලස්සන බවත් ආදරණීය බවත් පවසන්න. එවිට ඇය තුළ ඇති සියලු සක සංකා දුරු වී ඇය තවත් ඔබට සමීප වේවි.


07) ඇයව සතුටු කරන සුළු සුළු දේවල් මගහැරීම

ඔබේ බිරිඳට වටිනා අභරණ හෝ මිළ අධික තැන්වල ආහාර ගැනීමට යාමට හෝ අවශ්‍යතාවයක් නැත. ඔබ ඔබේ බිරිඳට වටිනා දේවල් තෑගී දීමට කැමැත්තක් දක්වනවා ඇති. එහෙත් ඒ දේවල් හැමවිටම අවශ්‍ය වන්නේ නැත.

ඇයව සතුටු කිරීමට ඉතා කුඩා දෙයක් වුවද ප්‍රමාණවත්. ඇයට අවශ්‍ය වන්නේ ඔබට ඇයව නිතර සිහිවන බව දැනගැනීමටයි. ඔබට ආදරය කිරීමට ඒ ප්‍රමාණවත්. ඔබේ රාජකාරී වැඩ අවසන් වී නිවසට එන විට පුංචි රෝස මලක් ගෙනවිත් ඇයට තෑගී කරන්න. ඒ පුංචි ක්‍රියාව ඇයට මහා මෙරක් තරම් වටී. ඔබ රාජකාරී කරන අතරතුර ඉඩක් ලැබුණු විට ඇයට දුරකථන ඇමතුමක් දෙන්න, නැතිනම් කෙටි පණිවිඩයක් යවන්න. ඔබට ඇයව සිහි වන බව ඇය තේරුම් ගනීවි. නිවසට පැමිණි පසුද කෙතරම් වෙහෙස වුවත් රෑ කෑම සෑදීමට ඇයට උදව් වන්න. ඔබ උදව් නොවුවද ඇය කෑම සාදන තුරු ඔබ ඇය අසළ ඇය සමග කතා කරමින් සිටියද එයත් ඇයට ඉතා වටී. පිඟන් සේදීම වැනි සුළු දේවල් වලින් ඇයට උදව් කරන්න. ඇය ද රැකියාව අවසන් වී පැමිණ මහන්සියෙන් සිටිය ද නිවසේ කටයුතු ද කරයි. ඔබ එය අගය කරන බව ඇයට හඟවන්න. ඔබේ දිනයෙන් සුළු වෙලාවක් ගෙන ඔබ කරන මේ දේවල් ඇයට ලෝකයක් තරම් වටී.

ඔබේ බිරිඳට ඇගේ උපන් දිනය හා විවාහ වූ දිනය ඉතා වැදගත් වේ. ඇය සමගම සිටිමින් මේ දිනයන් සමරන්න. මිළ අධික තෑගී වලට වඩා ඇය එය අගය කරාවි. ඇයට අවශ්‍ය වන්නේ ඔබට ඇයව සුවිශේෂී බව දැනීමටයි. ඇය සමග තනිවම කාලය ගත කිරීමෙන් ඇයට එය දැනේ. නිවසේදී වෙනත් කාර්යයක් සිදු කරන විට පවා ඇය අසළ වාඩි වී ඇය සමග සිටින්න.

මෙවැනි සුළු දේවල් මගින් ඔබේ සම්බන්ධතාවය තවත් ශක්තිමත් වේ.


මෙම ලිපියේ පළමු කොටස සදහා :-

විවාහ ජීවිතය අසාර්ථක වීමට හේතුවන පිරිමින් කරන වැරදි 11 ක් – 1 කොටස


මෙම ලිපියේ තෙවන කොටස සදහා :-

විවාහ ජීවිතය අසාර්ථක වීමට හේතුවන පිරිමින් කරන වැරදි 11 ක් – 3 කොටස

SHARE

NO COMMENTS