සැමියාව සතුටු කරන්න සරල ක්‍රම 07 ක්

හැමදාම එකම විධියට දවස් ගෙවෙන නිසා පවුල් ජීවිතය කම්මැලි වෙලාද? සැමියාගේ අවධානය දිනා ගන්න ඕනද? එහෙනම් ඔබටත් පලමුවෙන්ම සැමියා වෙනුවෙන් යමක් කරන්න වෙනවා. අද කියන්න යන්නේ ඔබේ සැමියාව සතුටු කිරීමට ඔබට කළහැකි ඉතා සරල දේවල් පිළිබඳවයි. ඔබටත් ඔබේ සැමියා වෙනුවෙන් විශේෂ දෙයක් කරන්න ඕනේ නම් මෙය ඉතාම වැදගත් වේවි.

fb- like-beg


01) ඔහු වෙනුවෙන් කාලය වෙන් කරන්න

ඔහුගේ තොරතුරු විමසන්න. ඔහුගේ දවස කෙසේද? කාර්යාලයේ කටයුතු කොහොමද? මේ දේවල් විමසමින් ඔහු සමග සංවාදයේ යෙදෙන්න. ඔහු මේ දවස්වල කියවන පොත හෝ නැරඹු චිත්‍රපටය ආදිය පිළිබඳ සාකච්ඡා කරන්න. ඔහු සමග මෙසේ සමීප වීමෙන් ඔබ ඔහුට ආදරය කරන බව ඔහුට දැනේ. එවිට ඔහු තුළ ද ඔබ සමග කතා බහ කිරීමට වැඩි කැමැත්තක් ඇති වේ.


02) ඔහුගේ වැඩවලට උදව් වන්න

ඔබට හැකි අයුරින් ඔහුගේ වැඩවලට දායක වන්න. ඔහුගේ සුළු සුළු වැඩවලට උදව් කිරීමෙන් ඔහු ඔබට ඇති ආදරය තවත් වැඩි වී ඔහුද හැකි අයුරින් ඔබට උපකාර කිරීමට පෙළෙඹේ. ඔහු වැඩ වලින් වෙහෙසී ඉන්නා විටක ඔහුගේ හිස මසාජ් කරන්න. මෙවැනි සුළු දේවලින් ඔහු ඔබ කෙරෙහි වැඩි පැහැදීමකට ලක් වේ.


03) වැඩිපුර ආදරය පෙන්වන්න

ඔබ උදෑසන අවධි වූ විට වෙනදාට වඩා වෙලාවක් ඔහු අසළ රැඳෙන්න. වෙනදාට වඩා ආදරයෙන් ඔහුව සිපගන්න. එයින් ඔහු සතුටට පත් වේවි. වැඩ කරන අතරතුර ඉඩක් ලද විට ඔහුට ආදරණීය මැසේජ් එකක් යවන්න. එවිට ඔහුද නිවසට ඒමට නොඉවසිලිමත් වේ. ඔහු තුළ ද ඔබ කෙරෙහි ඇති ආදරය වැඩි වේ.


04) ඔහුව සිනහ ගන්වන්න

සිනහවට කාගේත් සිත් සැහැල්ලු කරන්න පුළුවන්. වැඩ කරන අතරතුර ඔහුව සිනහගන්වන සුලු වීඩියෝවක් හෝ මැසේජ් එකක් හෝ යවන්න. ඔහුගේ වෙහෙසකර දිනයට එයින් මද සහනයක් ලැබේවි. ඒ වගේම එයින් ඔහුට ඔබව මතක් වෙව්. සමහරවිට ඔහු නිවසට එන විට ඔබට යමක් රැගෙන එන්නත් මේ වගේ පුංචි දෙයක් හේතු වෙන්න පුළුවන්.


05) ඔහු වෙනුවෙන් විශේෂ දෙයක් කරන්න

සතියේ දවසක වුනත් රාත්‍රියට පොඩි වෙනසක් කරන්න සැලසුම් කරන්න. කෑමට එලියට යාමට හෝ චිත්‍රපටයක් බලන්න යන්න හෝ නැතිනම් ඇවිදීමට යාමට හෝ සැලසුම් කරන්න. එයින් හැමදාම ගෙවන දවසට වඩා වෙනසක් දැනේවි. එය ඔබ දෙදෙනාටම අලුත් අත්දැකීමක් වේවි.


06) පුංචි තෑග්ගක් දෙන්න.

මෙහිදී ඔබ ඉතා මිළ අධික වටිනා තෑගී මිළදී ගැනීම අවශ්‍ය නැහැ. නිවසේදීම ඔබට සදා ගන්න පුළුවන් පුංචි ආදරණීය තෑග්ගක් හොඳටම ඇති. එයින් ඔබට ඔහුව මතක් වන බව ඔහුට දැනේවි. ඒ වගේම ඔබ විසින්ම ඔහු වෙනුවෙන් යමක් සෑදීමෙන් ඔහු වඩාත් සතුටට පත්වේවි.


07) ඔහුගේ උදෑසන ප්‍රබෝධමත් කරන්න

උදෑසන ඔහුව ප්‍රබෝධමත් කරන්න. ඔබ ඔහුට කෙතරම් ආදරෙයි දැයි පවසන්න. ඔහු වෙනුවෙන් විශේෂ කෑමක් සකස් කරන්න. ඔහු නිසා ඔබ සතුටින් ඉන්න බව පවසන්න. එයින් කාර්යාලයේ මොන ප්‍රශ්න තිබුනත් ඔහු සතුටින් දවස ආරම්භ කරාවි. එවිට ඔහුගේ දවසම යහපත් වේවි.


මේ පුංචි දේවල් වලින් අනිවාර්යයෙන්ම ඔබේ ජීවිතේ වෙනසක් ඇති වේවි. ඔහු සතුටින් ඉන්නා විට ඔබත් සතුටින් ඉඳීවි. ඒ වගේම ඔබ ඔහු වෙනුවෙන් කැප වන බව ඔහුට තේරුම් ගියාම ඔහුත් ඔබ වෙනුවෙන් ඒ දේම කරාවි. එවිට ඔබට නිසැකවම ප්‍රීතිමත් පවුල් ජීවිතයක් ලැබේවි.

SHARE

NO COMMENTS