ඔබ වටා සිටින පුද්ගලයන් ආකර්ෂණය කර ගත හැකි මනෝවිද්‍යාත්මක කරුණු 08 ක්

මහර පුද්ගලයන්ට තමන් වටා ඉන්නා අයව තමන් වෙත ආකර්ෂණය කර ගැනීමේ පුදුම හැකියාවක් තියනවා. ඔවුන් සෑම දෙනා සමගම මිතුරු වෙනවා. ඔවුනට හැමතැනම යහළුවන් ඉන්නවා. එත් මේ විධියට හැමෝගෙම ආකර්ෂණය ගන්න හේතුව මෙයාලගේ බාහිර ස්වරුපය නම් නෙවෙයි. අද අපි කියන්න යන්නේ මේ වගේ හැම දෙනාගේම ආකර්ෂණය දිනා ගැනීමට උදව් වන මනෝවිද්‍යාත්මක කරුණු කිහිපයක් ගැනයි. ඔබත් පිරිසක් සමග වැඩ කරද්දී ගැටළු වලට මුහුණ දෙනවා නම් මේ ලිපිය ඔබට ඉතාම වැදගත් වේවි.


fb- like-beg


ඔබටම ආවේනික ප්‍රතිරූපයක් ගොඩනගා ගන්න

ඔබ ඔබම වීම ඉතාම වැදගත්. ඔබ වෙන කෙනෙක්ව අනුකරණය කිරීමට යාමෙන් අන් අය ඔබට ආකර්ෂණය නොවේ. ඔබටම ආවේනික වූ යම් විශේෂ දේවල් නිසා ඔබ නොහඳුනන පුද්ගලයන් පවා ඔබව මතක තබා ගත හැක. මින් අදහස් වන්නේ ඔබේ ලස්සන පිළිඳව නොවේ. ඔබ කතා බහ කරන විධිය, ඔබේ හිසකෙස් වල ස්වභාවය, ඔබේ ඇඳුම්, ඔබේ මුහුණේ හැඟීම් ආදී මේ ඕනෑම දෙයකින් ඔබට ඔබටම ආවේනික වූ ක්‍රමයක් සාදා ගත හැක.

පහත තිබෙන්නේ එවැනි තමන්ටම අවේණික වූ අනන්‍යතාවයක් ගොඩ නගා ගත් ජනප්‍රිය පුද්ගලන් කිහිප දෙනෙක් හා ඔවුන් එයට භාවිතා කළ දේවල් කිහිපයකි.

  • චාලි චැප්ලින් – රැවුල, ඇඳුම, සැරයටිය
  • ටිල්ඩා ස්වින්ටන් – අලින්ගිකතාව, මේකප් භාවිතා නොකිරීම
  • වින්ස්ටන් චර්චිල් – තරබාරු බව, සිගරට්
  • ජෝසප් ස්ටාර්ලින් – රැවුල, කතාබහ
  • ඇඩොල්ෆ් හිට්ලර් – රැවුල, හඬ පාලනය කරමින් කතා කිරීම

ඔබට ලොකු සිහිනයක් අවශ්‍යයි

බාහිර පුද්ගලයන් ඔබ වෙත පැමිණ ඔබව අගය කිරීමට නම් ඔබ තුළ ඔබටම ආවේනික වූ පෞරුෂයක් තිබිය යුතුය. අරමුණක් තිබිය යුතුය. අලුත් දෙයක් කිරීමට ඔබ තුළ හැකියාව ඇති බව අන් අයට දැනිය යුතුය. ඒ සඳහා ඔබ තුළ සිහිනයක්, අරමුණක් තිබිය යුතුය. ජීවිතයේ සැබෑ කර ගැනීමට සිහිනයක් නැති තැනැත්තා අර්ථයක් නැති පොතක් හා සමානය. එය කියවීමෙන් කිසිවෙකුට ඵලක් නැත. එනිසා ඔබේ ජීවිතයටත් සැබෑ කර ගැනීමට සිහිනයක් තබා ගන්න.


ආත්ම විශ්වාසය ගොඩනගා ගන්න

අන් අයට සමීප වීමට නම් ඔබ තුළ මනා ආත්ම විශ්වාසයක් තිබිය යුතුය. ඔබට ඔබ පිලිබඳ විශ්වාසයක් නැති නම් අන් අයද ඔබ පිලිබඳ විශ්වාස නොකරයි. ඔබ මනා විශ්වාසයෙන් යුතු නිසි තීරණ ගන්නා අන් අයගේ උදව් බලාපොරොත්තු නොවන අයෙකු විය යුතුය. එවිට අන් අයද ඔබගෙන් උපකාර බලාපොරොත්තු වේ. එවිට ඔබ අන් අය අතර ජනප්‍රියත්වයට පත් වේ.


චෝදනා කිරීමෙන් වළකින්න, ධනාත්මක වන්න

නිතර මැසිවිලි නගන පුද්ගලයකුට ඔබ කැමතිද? නැහැ නේද? ඒ නිසා ඔබට අන් අයගේ අවධානය දිනා ගත යුතු නම් ඔබත් ධනාත්මකව සිතන, පැමිණිලි නොකරන අයෙකු විය යුතුය.


පිරිස ඉදිරියේ මනාව හැසිරෙන්න

ඔබේ හැසිරීම මගින් ඔබ මනා ආත්ම විශ්වාසයකින් යුතු අයෙකු බව පිළිබිඹු විය යුතුය. ඔබ ඇවිදිනවිට කුදු වී හෝ හිස නවාගෙන හෝ ඇවිදීමෙන් වලකින්න. සිරුර කෙලින් තබාගෙන නිවැරදි ආකාරයට ඇවිදීමට වගබලා ගන්න. අන් ඇය සමග කතා කරන විට බාහිර දේවල් අත පත ගාමින් කතා බහ කිරීමෙන් වලකින්න. අන් අය සමග සන්නිවේදනයේ යෙදෙන විට දෑස් දෙස බලාගෙන ආත්ම විශ්වාසයෙන් යුතුව කතා කරන්න. ඔබ පොදු ස්ථානවලට යන විට පවා ඔබ රතු පලසක් මතින් ඇවිද යනවා යයි සිතා ගමන් කරන්න


හොඳ කතා කියන්නෙකු බවට පත් වන්න

අන් අයව තමාට කැමති කරවාගන්න හොඳම විධියක් තමයි මේක. හැබැයි මේකත් පරිස්සමෙන් කරන්න ඕන දෙයක්. ඔබ කියන කතා රසවත් නැති නම් අනෙක් අය ඔබගෙන් ඈත් වෙලා යාවි. ඔබේ පෞද්ගලික අත්දැකීමක් හෝ වෙන කෙනෙකුගේ අත්දැකීම් හෝ අන් අයට ආසා හිතෙන විදියට විහිලු එහෙම එකතු කරලා කියනවා නම් කවුරුත් ඔබේ කතා වලට ආසා වේවි.


සන්නිවේදනයේ යෙදෙන විට අවට බැලීමෙන් වලකින්න

ඇතැම් අය කවුරුන් හෝ සමග හෝ කතා බහ කරන විට වටපිට බලනවා. මෙය ඉතාම නරක පුරුද්දක්. එයින් ඔබ අවධානයෙන් නොසිටින බව අනෙක් පුද්ගලයාට දැනේ. එනිසා කෙනෙකු සමග කතා කරන විට දෑස් දෙස බලාගෙන කතා කරන්න. එයින් ඔබ සන්නිවේදනයේ යෙදෙන පුද්ගලයාට ඔබ පිළිබඳ විශ්වාසයක් ඇති වේ. ඔබේ දුරකථනය දෙස බලමින් හෝ වෙනත් දෙයකට අවධානය යොමු කරමින් අන් අය සමග කතා කිරීමෙන් වළකින්න


අනෙක් අයට ඇහුම්කන් දෙන්න

අන් අය හා කතා කරනවා සේම ඔවුනට ඇහුම්කන් දීමත් ඉතාම වැදගත්. ඔබ ඔවුනට ඇහුම්කන් දෙන්නේ නැතිනම් ඔවුන්ද ඔබට ඇහෙම්කන් නොදෙණු ඇත. ඔබ අන් අය කියන දේවල් වලට සවන් දෙමින් ඔවුන්ව අගය කරන්නේ නම් ඔවුන්ට තමා පිලිබඳ ආඩම්බරයක් මෙන්ම ඔබ පිළිබඳව ද ගෞරවයක් ඇති වේ.


වැදගත් පුද්ගලයන් අනුගමනය කරන්න

ජනප්‍රිය පුද්ගලයන් කතාබහ කරන හා හැසිරෙන විධිය අධ්‍යයනය කරමින් ඒ තුලින් ඔබට ඉගෙනගත හැකි දෑ බොහෝය. පොදු ස්ථානවල දී ඔවුන් හැසිරෙන විධිය, ගමන් කරන විධිය, අන් අයගේ අවධානය දිනා ගනිමින් කතා බහ කරන විධිය ආදී දේ අධ්‍යයනය කරන්න. එයින් ඔබට ඉගෙනගැනීමට බොහෝ දේ තිබේවි.

මේ සරල ක්‍රම අත්හදා බැලුවොත් ඔබ අවට සිටින සියලු දෙනා අතර නිසැකවම ජනප්‍රියත්වයට පත් වේවි. එවිට ඔබට බාහිර පුද්ගලයන් හා ගනුදෙනු කිරීම පහසු වේවි.

SHARE

NO COMMENTS