සිනමාවට නැගුන පුදුම සහගත මානසික රෝග 10 ක්

01) මුහුණ විකුර්ති බව සිතන ආබාධය (Quasimodo syndrome)

මේ රෝගය ඇති අයගේ ලක්ෂණ තමයි තමන්ගේ මූනේ මොකක් හරි ඇදයක්, කුදයක් ඇති බව සිතාගෙන සිටීම. මොවුන් බොහෝ විට ආත්ම විශ්වාසය ගොඩක් අඩු උදවිය. නිතරම කන්නාඩිය ලඟට ගිහින් බලනවා “ අනේ මගේ නහය ඇද, කට පැත්තකට ගිහින්” ඔය වගේ මොකක් හරි විකාරයක් හිතමින් බය වෙනවා අනික් අය තමන්ට හිනා වෙනවා ඇති කියල.

මොවුන් ෆොටෝ වලට පෙනී ඉන්න පොඩ්ඩක්වත් කැමති නැහැ. ඔවුන් සමාජමය හැසිරීම් වලට බයයි. ඒ වගේම ආදරයේදීත් ඔවුන් විශාල ගැටළු වලට මුහුණ දෙනවා.

මේ තත්වය Contracuerpo නමැති සිනමා පටයෙන් නිරූපණය වෙනවා.


fb- like-beg


02) ප්‍රසිද්ධ පුද්ගලයෙක් තමාට ප්‍රේම කරන බව සිතීම (Erotomania)

මේ රෝගය ඇති කෙනා සිතනවා කිසියම් කෙනෙක් තමා සමග ප්‍රේමයෙන් බැදිලා ඉන්නවා කියල. බොහෝ විට සුපිරි නළුවෙක්, ව්‍යාපාරිකයෙක් හෝ දේශපාලඥයෙක් වගේ උසස් කෙනෙක්. මේ රෝගය සමග සටන් කිරීම ඉතාම අපහසුයි. මොකද අදාළ පුද්ගලයා විසින් ප්‍රතික්ෂේප කරත් මේ රෝගියා එය පිලිගන්නේ නැහැ. ඔහු / ඇය හිතනවා එය සමාජයෙන් වසන් කිරීමට යොදපු උපක්‍රමයක් කියල. ඔවුන් හිතනවා ඔවුන්ගේ කල්පනා ලොවේ ඉන්න මේ රහසිගත ආදරනීයයා නිතරම තමාට රහස් සංඥා මගින් පණිවිඩ එවනවා කියල.

Land of the Moon නමැති සිනමා පටය මේ රෝගය වැළඳුන කෙනෙක් ගැන විස්තර කරනවා.


03) සමාන කෙනෙක් සිටින බව සිතීම (Capgras Delusion)

මේ රෝගය බොහෝ විට schizophrenia රෝගය එක්ක අත්වැල් බැඳ ගන්නවා. රෝගියා සිතන්නේ ඔහු/ ඇය වගේම සමානයෙක් සිටින බවයි. නරක ක්‍රියා කරන්නේ ඒ සමානයා විසින් බව ඔවුන් සිතනවා. ඒ නිසා ඔවුන් මිනී මැරුම් වැනි භයානක දේවල් කරලා එහි වරද තමන්ට සමාන අනික් මනුස්සයා වෙත පටවනවා.

The Double නමැති සිනමා පටයෙන් මේ රෝගය මනාව නිර්මිත වෙනවා.


04) පසුපස ලුහු බදින්නෙක් සිටියි සිතීම (Fregoli delusion)

මේ රෝගය වැළඳුන කෙනෙක් හිතනවා ඔහු / ඇය පසුපස කෙනෙක් එනවා තමන්ගේ සමීප කෙනක් විදිහට කියලා. ඔවුන් සිතන්නේ මේකප් දමාගෙන සැඟවිලා ඔවුන් තැන වෙතට එන බවයි. 1927 වසරේදී මේ රෝගය මුල් වරට සොයා ගනු ලැබුවා. එක තරුණ ගැහැණු ළමයෙක් විශ්වාස කළා ඇය යන නෘත්‍ය ශාලාවේ නළුවෝ දෙන්නෙක් ඇය පිටුපසින් එනවා, වෙස් වලාගෙන අයගේ අසල්වැසියන් ලෙසින් කියලා.

Anomalisa නමැති ඇනිමේෂන් සිනමා පටයෙන් මේ රෝගය යම් තරමකට විස්තර වෙනවා.


05) ඒක පාර්ශවික ආදරය (Adele Syndrome)

මෙය නම් කර ඇත්තේ ලෝක පූජිත ලේඛකයෙකුගේ දියණිය වුන ඇඩෙල් හියුගෝ මෙනවිය වෙනුවෙන්. ඇය ඉතාම දීප්තිමත් තරුණියක්. නමුත් ඇය තරුණ කාලේදී ඒක පාක්ෂිකව තරුණයෙක්ට පෙමින් බැඳෙනවා. මේ රෝගීන්ට ඇති ආදරය හරිම වයාධිමය තත්වයක්. මනෝ විද්‍යාඥයින් විසින් සොයා ගත්තා මේ රෝගා තත්වය මනුස්සයෙක්ගේ සෞක්යට ඒ වගේම ජීවිතයට විශාල වශයෙන් හානි කරනවා කියලා ඇල්කොහොල්, සූදු වගේ දේවල් වලට වෙන ඇබ්බැහි වීමක් වගේම මේකත් පුද්ගල ජීවිතය විනාශයට පමුනවනවා.

උග්‍ර විශාධයේ ලක්ෂණ සමග බද්ධ වුනත් මේක ඊට වඩා ගොඩක් භයානකයි. මායාකාරී සිතුවිලි, තේරුමක් නැති පරිත්‍යාගයන්, පවුලේ අයව නොසලකා හැරීම්, අදාළ කෙනාගේ නිවාස තුල කඩා වැදීම වගේ නීතිවිරෝධී ක්‍රියා ඒ වගේම අවසානයේ තමාගේ ජීවිතේට අනතුරක් කර ගැනීම වගේ දේවල් මේ රෝගියාගෙන් සිද්ධ වෙන්න පුළුවන්.

කොටින්ම කීවොත් රෝගියාගේ ජීවිතේ වැදගත් එකම දේ මේ අදාළ පුද්ගලයා කෙරෙහි ඇති ආදරය විතරමයි.
The story of Adel H කියන සිනමා පටන් කියවෙන්නේ මේ රෝගය පළමුවෙන්ම සොයා ගනු ලැබූ තරුණියගේ කතා පුවතයි.


06) මතකය ව්‍යාකුල වීම (Cryptomnesia)

මෙය මතකය ව්‍යාකූල වීම හා සම්බන්ධ මානසික ලෙඩක්. රෝගියාට සත්‍යයෙන් අසත්‍ය වෙන් කර ගැනීමේ හැකියාව නැති වෙනවා. උදාහරණයකට කිසියම් වාක්‍ය ඛණ්ඩයක් දැක්කහම එය තමන් විසින් ලියපු දෙයක්ද වෙන කෙනෙක් ලියපු දෙයක්ද කියල හරියටම මතකයට එන්නේ නැහැ. තමන්ගේ ගෙදර ආලින්දයද නැත්නම් මේ පොදු උද්‍යානයක තමන් ඉඳගෙන ඉන්නවද කියල වැටහීමක් නැති වෙනවා වගේ තත්වයක් මේක. සිහිනයෙන් දුටු දේවල් වගේ තමයි බොහෝ දේ හැඟෙන්නේ.

මේ අරුම පුදුම රෝගයත් සිනමාවට නැගිලා තිබෙනවා The science of Sleep කියන සිතුවම් පටය හරහා.


07) ඇලිස් ගේ විශ්මලන්තය (Alice in Wonderland syndrome)

මෙය නම් අරුම පුදුම මානසික රෝගයක්. ඇස් පෙනීමේ කිසිම වෙනසක් නොවී, රෝගියාට දැනෙන්නේ තමන් අවට පරිසරයේ තිබෙන දේවල් වලට වඩා විශාලයි හරි පුංචියි හරි කියල. ඇලිස් ගේ විෂම ලන්තය කියන අපි හැමෝම කුඩා කාලේ බලපු ළමා කතාවේ ඇලිස් ඇත්තටම මුහුණ දුන්නා කියන්නේ අන්න ඒ තත්වය තමයි මේ රෝගයට නම ලැබෙන්න හේතු වුනේ. කිසිම වස්තුවක හැඩය සහ විශාලත්වය හඳුනාගන්න රෝගියා අපොහොසත් වෙනවා. පුදුමයි නේද?

ඇලිස්ගේ විශ්ම ලන්තය හෙවත් Alice in Wonderland චිත්‍රපට ගණනාවක් තිබෙනවා.


08) Obsessive-compulsive disorder

මේ රෝගීන් ඉතාම සාමාන්‍ය ජීවිත ගෙවන උදවිය. නමුත් කුමක් හෝ විකුර්ති චාරිත්‍රයකට හුරු වී තිබෙනවා. සමහරුන්ට වැසිකිලියට ගිය පමණින් නාන්න ඕනේ. තව සමහරු අධිකව පිළිවෙලට තිබෙන්න ඕනේ හැම දෙයක්ම. මේ තත්වය නිසා රෝගියාගේ මුළු ජීවිතේම අවුල් ජාලයක් වෙනවා. මේ රෝගය ගැන නිර්මිත කතා ගොඩක් තිබෙනවා.

The Aviator සිනමා පටයේ ලියනාඩෝ කැප්‍රියෝ රගන චරිතයෙන් මේ රෝගය පෙන්වනවා. ඒ වගේම ලංකාවෙත් මේ රෝගය ගැන සිනමා පටයක් බිහි වුනා ලඟදි. ඒ ප්‍රේමය නම් සිනමා පටයයි.


09) තමා ගැන මායාමය සිතුවිලි ඇති වීම ( Paraphrenia)

මේ රෝගය සහිත රෝගීන් ඉතාම කලහකාරියි ඒ වගේම පුදුමාකාරයි. ඔවුනට මායාමය අදහස් එනවා ..මායාමය මතකයන් එනවා. ඒ තමා මේ ලෝකයේ පාලකයා, ලෝකය ගලවන්න පැමිණි කෙනා වගේ අදහස්. ඒ වගේම ඇතැමෙක් කියන්න පුළුවන් මේ පොත ලිවුවේ මම වෙන නමකින් වගේ මිත්‍යා කතාවන්. කොහොම නමුත් මේ සියල්ල සත්‍ය නොවුනත් රෝගියාට දැනෙන්නේ තමා කියන්නේ සතයක් කියලයි.


10) පුද්ගලයෝ රැසක් එකම ශරීරයේ ජීවත් වෙන බව සිතීම (Multiple Personality Disorder)

මෙය බොහෝ විට වැළඳෙන්නේ ළමා වියේ ඉතාම භයානක අත්දැකීම් වලට මුහුණ දුන් උදවියටයි. අත්දැකීම කොතරම් පීඩාකාරීද කිවුවොත් දරුවා පෙළඹෙනවා මේ අත්දැකීම විඳින්නේ තමා නොවෙයි වෙන කෙනෙක් කියල. පසුව මෙය මානසික ආබාධයක් දක්වා දිව යනවා. මේ පුද්ගලයන්ගේ ඇතුලේ තවත් පුද්ගලයෝ ඉන්න බව දැනෙනවා. ඒ ඒ පුද්ගලයන්ට වෙනස්ම චරිත, නම්, ලෙඩ රෝග, දේශපාලන මත තිබෙනවා.

ඒ වගේ සංකීර්ණම ලෙඩෙක් ගැන හෙළි වුනා Billy Milligan කියන ඇමරිකානු ස්ත්‍රී දුෂකයා අත්අඩංගුවට ගත්තහම. ඔහුගේ මනසේ තවත් පුද්ගලයන් 24 දෙනෙක් පමණ ජීවත් වුන බව කියවෙනවා.

The Split සිනමා පටය ඒ රෝගය ගැන නිරූපණය කරනවා.

SHARE

NO COMMENTS