ඔබේ හදවතට දිව ඔසුව “ඕට්ස්” දිනපතා උදේ ආහාරයට එක් කර ගත යුත්තේ ඇයි?

ට්ස් කියන්නේ ලෝකයේ තිබෙන ගුණාත්මකම ධානය වර්ග වලින් එකක් කීවොත් නිවැරදියි. විටමින්, ඛනිජ ලවන සහ ඔබේ සුන්දරත්වයට හේතුවෙන ප්‍රතිඔක්සිකාරක (antioxidant) අඩංගු මේ වටිනා ධාන්‍ය වර්ගය පිළිබඳව ඔබට හඳුන්වලා දෙන්න අපි තීරණය කළා.

ලොව පුරාම ජනතාව අතර නිරෝගී උදේ ආහාරයක් ලෙසින් ඕට්ස් ඉතාම ජනප්‍රියයි. හදවත් ආබාධ ඇතිවීමේ අවධානම අඩු කරන ආහාර අතරිනුත් අංක එකට එන්නේ ඕට්ස් තමයි. ශරීරයේ බර අඩු කිරීම, රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීම, ආමාශයේ සෞක්‍යය රැකදීම වගේ විශේෂ ගුණාංග සහිත ඕට්ස් දිනපතා ඔබේ ආහාරයට එක්කර ගත යුතුයි.


fb- like-beg


1) ඕට්ස් හදවත් ආබාධ වල අවධානම අඩු කරනවා

ලොව පුරා වැඩිම මරණ ගණනකට දායකවන හදවත් අබාධ වලට හේතු වෙන්නේ කොලෙස්ටරෝල් මට්ටම ඉහල යාමයි. විද්‍යාඥයන් සොයාගෙන තිබෙනවා ඕට්ස් වල බහුලව අඩංගු සංඝටකයක් වන බීටා ග්ලුකැන් ෆයිබර් ( beta-glucan fiber) මගින් LDL කොලෙස්ටරෝල් මට්ටම අඩු කර ගැනීමට මනා පිලිවහලක් වෙන බව. බීටා ග්ලුකන් මගින් ආමාශික පිත්යුෂය කෙරෙහි කරන හිතකර බලපෑම නිසා රුධිරයේ කොලෙස්ටරෝල් සංසරණය වීම අවම කරනවා. අහිතකර කොලෙස්ටරෝල් වන LDL ශරීරයේ පවතින මුක්ත ඛන්ඩක හෙවත් free radicals සමග ප්‍රතික්‍රියා කිරීමේදී හදවතේ පටක විනාශ කරනවා. එමගින් තමයි හර්දයාබාධ හටගන්නේ. ඕට්ස් වල බහුලව පවතින ප්‍රතිඔක්සිකාරක විටමින් C එක්ක එකතු වෙලා LDL ඔක්සිකරණය වීම වළක්වනවා.

මෙන්න මේ කරුණු නිසයි ඕට්ස් කියන්නේ හදවතේ හොඳම මිතුරෙක් කියල ලොව පුරාම පිළිගැනීමට ලක් වෙලා තියෙන්නේ. ඔබටත් හදවතේ ආබාධ වලින් තොර නිරෝගී ජීවිතයක් ලබන්න නම් ඉතින් ඕට්ස් හැමදාම උදේ ආහාරයට එක් කර ගත්තොත් අපූරුයි.


2) ඕට්ස් රුධිරයේ සීනි මට්ටම පාලනය කරනවා.

ඕට්ස් ආහාරයට ගැනීමේදී ආහාර වල ඇති ග්ලුකෝස් රුධිරය වෙත උරා ගැනීම පමා කරනවා. ඒ වගේම ඉන්සියුලින් සංවේදීතාවය ඉහළ දමන්න මේ විශ්මය ජනක ධාන්‍ය වර්ගයට පුලුවන්. එම නිසා දියවැඩියාව රෝග තත්වය පාලනයට ඕට්ස් මගින් මනා පිටුබලයක් ලැබෙනවා.


3) ශරීරයේ බර අඩු කරන්නත් ඕට්ස් කදිමයි

ඕට්ස් ඔබේ බර අඩු කිරීමට විශාල දායකත්වයක් සපයනවා. ඒ ඔබේ ආහාර ගැනීමේ නැඹුරු තාවය අඩු කරමින්. ආහාර ගැනීමට ප්‍රතිචාරයක් ලෙස ඔබේ අන්ත්‍ර මගින් නිපදවන PYY හෝර්මෝනය ශ්‍රාවය කිරීම වැඩි කිරීම නිසා ශරීරය මගින් කැලරි ලබා ගැනීම අඩු කරනවා. බර අඩු කරගන්න මහන්සි වෙන හැමෝටම මේක නම් සුභ ආරංචියක් වේවි. ඉතාම රසවත් උදේ ආහාරයක් ගන්න අතරේ බරත් අඩු වෙනවා කියන්නේ මොන තරම් සැනසීමක්ද?


4) ශරීරයට අවශ්‍ය විටමින් සහ ඛනිජ ලවන ආකරයක්

ඕට්ස් කියන්නේ පෝෂණීය ගුණයෙන් අනූන ආහාරයක්. එහි කාර්බෝහයිඩ්රේට් සහ තන්තු අඩංගුයි. ඒ වගේම ප්‍රෝටීන්, මේදය, විටමින්, ඛනිජ ලවණ සහ ප්‍රතිඔක්සිකාරක අඩංගුයි.

වියලි ඕට්ස් කෝප්ප භාගයක ( 78 grams) අඩංගු විටමින් සහ ඛනිජ ලවන ප්‍රමාණය පහතින් දක්වලා තිබෙනවා.

  • Manganese: 191% of the RDI.
  • Phosphorus: 41% of the RDI.
  • Magnesium: 34% of the RDI.
  • Copper: 24% of the RDI.
  • Iron: 20% of the RDI.
  • Zinc: 20% of the RDI.
  • Folate: 11% of the RDI.
  • Vitamin B1 (thiamin): 39% of the RDI.
  • Vitamin B5 (pantothenic acid): 10% of the RDI.
  • Calcium, potassium, vitamin B6 (pyridoxine) and vitamin B3 (niacin).

5) ප්‍රතිඔක්සි කාරක නිසා රුධිර පීඩනය අවම කරනවා සහ ඔබේ තරුණ කම රැක දෙනවා

ඕට්ස් වල ප්‍රතිඔක්සිකාරක බහුලයි. විශේෂයෙන්ම ඕට්ස් වලින් පමනක් හමුවෙන avenanthramides නමැති පවුලට අයත් ප්‍රතිඔක්සිකාරක වර්ගය අඩංගුයි. මෙමගින් රුධිර පීඩනය අවම කරනවා ඒ වගේම ඔබේ සම සහ තරුණ පෙනුම රැක දෙනවා.


6) හමේ නිරෝගීතාවය වැඩි කරනවා.

මනාව සකසන ලද ඕට්ස් අතීතයේ සිටම සමේ නිරෝගීතාවය වෙනුවෙන් යොදාගත් වටිනා ඔසුවක්. වියලි සම, කැසීම් වගේම විවිධ චර්ම රෝග සදහා මෙය ඉතාම ගුණදායකයි.


7) නිසි ලෙස ආමාශයේ ක්‍රියා කාරිත්වය වැඩි කරනවා

පරීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා ඕට්ස් වල ඇති තන්තු මගින් වැඩිහිටි පුද්ගලයන්ගේ ආහාර ජීර්ණය නිසි ලෙස සිදු කිරීමට සහ මල බද්ධය පාලනය කිරීමට ඉතා සාර්ථකව යොදා ගත හැකි බව. මෙය අතුරු ආබාධ වලින් තොර ස්වභාවික ආහාරයක් නිසා ශරීරයට අනවශ්‍ය ප්‍රතිපල අත්වෙන්නෙත් නැහැ.


ඉතින් මේ වටිනා ප්‍රතිලාභ ලබාගන්න ඔබ අකමැති වෙන එකක් නැහැ. අද සිටම ඔබේ උදේ ආහාරයට ඕට්ස් එක් කරන්න. නිරෝගී හදවතක් සහ නිරෝගී ජීවිතයක් ඔබට ලැබේවි.

SHARE

NO COMMENTS