ඔබේ මුලු ලොවම ඔහු ද​?

“සැ​මියා බිරිඳගේ දෙවියාය” මේක පරණ චිත්‍රපටියක නමක් වුණට තාමත් ලංකාවේ වගේම දකුණු ආසියාතික කලාපයේම ගොඩක් නෝනලා තමන්ගේ මහත්තුරු ගැන හිතන්නේ මෙහෙමයි. හැම වෙලාවෙම තමන් ගැන නොසිතා කසාදයට සහ මහත්තයට මුල් තැන​ දෙන නෝනලා වෙනුවෙන් තමයි මේ ලිපිය​

fb- like-beg


1) මුල් තැන එයාට දෙවෙනි තැන ඔයාට​

සැමියා බිරිඳගේ දෙවියාය කියලා හිතාගෙන නෝනලා තමනගේ මහත්තයට සැලකුවාට ඒ නෝනලා තමන්ටත් මහත්තය දෙවඟනකට වගේ සලකනවද කියන එක හිතන්න අමතක කරනවා. හැම දේකදිම මහත්තය මත්තෙම රැදෙන්න ගියොත් ඉතිරි වෙන්නේ හීනමානයක් විතරයි.


2) වැරදි නැතත් සමාවෙන්න ?

එයාගේ අතේ වැරැද්ද තියෙනවා කියලා දැන දැනත් ඔයාම අවුල ශේප් කරගන්න සමාව ඉල්ලනවද​, ශේප් කරගන්න සමාව ඉල්ලුවට කමක් නෑ හැබැයි ඒ ගමන් එයාගෙ වැරැද්දත් හෙමින් කියන්න​.


3) එයා වෙනුවෙන් ඔයා

එයා දෙයක් කියන පරක්කුවෙන් කරන්න ඔයා ලෑස්ති වෙලා ඉන්නවද​, එයා දෙයක් කිව්වම ඔයාගේ සේරම වැඩ නවත්තලා එයා කියන දේ කරනවද​, එයාගේ වැඩවලට වගේම ඔයා කර කර ඉන්න වැඩ ගැනත් හිතන්න.


4) ඔයාගේ යාලුවෝ

අන්තිමට ඔයා ඔයාගේ යාළුවන්ව මුණ ගැහුණේ කවද්ද, කසාදෙත් එක්ක යාළුවෝ ඔයාට මඟ ඇරුණද, කසාදය වගේම යාළුකමුත් ජීවිතේට අත්‍යාවශ්‍යයි.


5) එයා නරක නෑ ?

මහත්තයා ඔෆිස් එකේ වැඩ නැතිවුණත් ගෙදර එන්න ගොඩක් රෑ වෙනවද ? එයා නරක නැති නිසා ඔයා ඒ ගැන ගණන් ගන්නේ නැද්ද​? එහෙම අවස්ථාවලදි ටිකක් ඒ ගැන හොයලා බලන්න​. ඒකෙන් වෙන්න පුලුවන් ප්‍රශ්නයක් කලින්ම මග ඇරගන්න පුලුවන් වෙයි.


6) ඔයා වෙනුවෙන් කාලයක්

බැන්ඳට පස්සේ ඔයාගේ විනෝදාංශ වෙච්ච පොත් කියවන එක, සිංදු අහන එක වගෙ දේවලට මොකද වුණේ ඒවා නැවතිලා නැත්නම් ගොඩක් හොඳයි, ඒවා නැවතිලා නම් පොඩ්ඩක් ඒ වලටත් වෙලාවක් වෙන් කරගන්න​.


7) ඔහු සැප ඔබේ සතුටයි ?

හැමතිස්සෙම එයා කැමති දේවල් කරන්න හරි මිලට ගන්න හරි ඔයාගේ කාලෙයි මුදලුයි වැය කරනවාද​? විශේෂ අවස්ථාවකදී එහෙම කරාට කමක් නෑ, නිතරම ඒක කරන්න ගියොත් කාලෙකින් ඔයාටම හති වැටෙයි.


8) එයාගේ බොස් වෙන්න යන්න එපා

සමහර තැන්වලදී නෝනලා තමනගේ මහත්තයාගේ හැමදේම පාලනය කරන්න යනවා, එහෙම වුණාම මහත්තයට නෝනව එපා වෙන්න වැඩි දවසක් යන්නේ නෑ


9) ඔහු නැති ලොවක්

එයා හදිසියේ මැරුණොත් මේක කියවද්දිත් ඔයා ෂොක් වෙන්න ඇති එහෙම අවස්ථාවකට ඔයාට මුහුණ දෙන්න වුණොත් ඔයාට මොකක් වෙයිද ඔයාට එහෙම ජීවිතයක් ගැන හිතන්නවත් බැහැ නේද ඒත් එහෙම අවස්ථාවක් ආවොත් ඔයාට ඒකට මුහුණ දෙන්න බෑයි කියලා හිතනවා නම් ඔයා අනිවාරේන්ම ඔයා පමණ ඉක්මවා මහත්තයට ආදරය කරන කෙනෙක්.


මේ කරුණු නමය ගැන පොඩ්ඩක් හිතලා බලන්න. මහත්තයාට වගේම ඔයාටත් ඔයා ආදරය කරන්න​

SHARE

NO COMMENTS