මවටත් දියණියටත් විනෝද වෙන්න හොඳම ක්‍රම 10ක්

ද තියන කාර්යබහුල ජීවන රටාවත් සමග සිය පවුලේ අය සමග ගත කිරීමට පවා වෙලාවක් සොයා ගන්න එක ඉතාම අපහසු දෙයක්. ඔබ විවාහ වී දරුවන් සිටින මවක් නම් ඔබට ඔබගේ පවුල වෙනුවෙන් මහන්සි වෙනවා විනා ඔබේ දෙමාපියන් සමග ගත කිරීමට කාලයක් නැතිව ඇති. විශේෂයෙන්ම දියණියක ලෙස ඔබේ මව සමග කාලය ගත කිරීම ඔබට වැදගත් වේ. විවේකයක් ලැබුණු විට ඔබේ මව සමග කාලය ගත කල හැකි ක්‍රම කිහිපයක් ගැනයි අද කියන්න යන්නේ. ඔබත් ඔබේ මව සමග කාලය ගත කරන්න කැමති කෙනෙක් නම් මේ දේවල් ගැන දැනගෙන ඉන්න එක වැදගත් වේවි.

fb- like-beg


පිටරට සංචාරයක්

ඔබ රට රටවල් වල සංචාරය කරන්න කැමති කෙනෙක් නම් මවත් සමග විනෝදයෙන් කාලය ගත කරන්න පිටරටකට යාම ඉතාම සුදුසුයි. එයින් ඔබට නිදහසේ විනෝදයෙන් කාලය ගත කිරීමට ඉඩ ලැබේ. එමෙන්ම එයින් ඔබට අලුත් අත්දැකීමක් ද ලැබේ.


ස්පා සත්කාරය

ස්පා සත්කාරයක් කියන්නේ මනසත් සිරුරත් සැහැල්ලු කර ගනිමින් ඔබේ මවත් සමග හොඳින් කාලය ගත කරන්න පුළුවන් අවස්තාවක්. මෙයින් සිතත් ගතත් දෙකම සැහැල්ලු කර ගනිමින් ප්‍රශ්න වලින් ඈත් වෙලා ඉන්න පුළුවන්.


සෞඛ්‍යයට හිතකර චාරිකාවක්

චාරිකාවක් කිව්වට ඔබ මෙහිදී කඳු නගින චාරිකා ගැන නම් හිතන්න එපා. මෙහිදී ඔබ සිතිය යුත්තේ ඔබේ සහ මවගේ සෞඛ්‍යයට ගැලපෙන දෙයක් පිළිබඳවයි. මෙවැනි දෙයකට ගැලපෙන යෝගා ආශ්‍රම, ස්පා සත්කාර සහිත හෝටල්, භාවනා ආශ්‍රම වැනි ආයතන අද ඕනෑතරම් ඇත. එවැනි ඔබට ගැලපෙන ස්ථානයකට ගොස් මවත් සමග හොඳින් කාලය ගත කළ හැක.


සොබාදහම විඳින්න

සොබාදහම කියන්නේ සියලුම දෙනාගේ මනසට සැහැල්ලුවක් ගෙන දෙන්නක්. ජීවිත කාලය තුළ සොබාදහමේ දැක ගැනීමට බොහෝ දේවල් ඇත. එනිසා ඔබත් මවත් දෙදෙනාම කැමති උද්‍යානයක් හෝ සොබාදහම විඳිය හැකි වෙනත් ස්ථානයක් හෝ තෝරාගෙන දින කිහිපයක් සැහැල්ලුවෙන් ගත කරන්න.


විශාල නගර සංචාරය

ඔබේ මවත් සමග කාලය ගත කරන්න තවත් හොඳම විධියක් තමයි නගර සංචාරය. කාන්තාවන් සාප්පු සවාරි යන්න ගොඩක් කැමතියිනේ. එනිසා ඔබටත් පුළුවන් මවත් සමග නිදහසේ ෂොපින් යන්න. ඒ අතර කෞතුකාගාර, චිත්‍ර ප්‍රදර්ශන ආදී ස්ථානවලටත් යන්න ඔබට පුළුවන්. එයින් ඔබට මව සමග කාලය ගත කිරීමට මෙන්ම හොඳින් විනෝද වීමටත් අවස්තාව ලැබේ.


මල් වතු නැරඹීම

ඔබේ මවත් සමග සුන්දර මල් වත්තක් නැරඹීමට යන්න. එයින් ඔබේ මනසට සැහැල්ලුවක් ලැබේ. කලකට පසු ඔබ සමග මෙසේ සතුටින් කාලය ගත කිරීමෙන් ඔබේ මව බොහෝ සතුටු වේවි.


චිත්‍රපටයක් නැරඹීම

ඔබේ මව සමග කාලය ගත කිරීමට සුදුසු තවත් විධියක් තමයි මේ. ඔබේ මවත් සමග ඇය කැමති චිත්‍රපටයක් නැරඹීමට යන්න. ඔබ සමග එවැනි දෙයකට සහභාගී වීමට ඇය බොහෝ කැමති වේවි. බොහෝ විට දරුවන් ද සමග මෙවැනි දේවලට ගිය විට දරුවන්ගේ වගකීම ඔබටත් මවටත් පැවරෙන බැවින් විනෝද වීමට නිසි අවස්තාවක් නොලැබේ. එ නිසා ඔබ දෙදෙනා තනිවම යාමෙන් හොඳින් විනෝද විය හැක


මවගේ ගමට යන්න

ඔබේ මවගේ උපන් ගම ඔබ පදිංචි පළාත නෙවෙයි නම් ඔබට පුළුවන් ඇය සමග ඇගේ උපන් ගමට යන්න. ඇගේ අතීතය පිලිබඳ ඇගෙන් තොරතුරු විමසමින් ඇගේ කුඩා කාලයේ මතකයන් නැවත අලුත් කරන්න. ඇගේ අතීතය ඔබ සමග බෙදා හදා ගැනීම ඇයට සතුටක් ගෙන දේවි. එයින් ඔබටද ඇගේ අතීතය පිළිබඳ තොරතුරු දැන ගත හැකි වේ. ඇගේ නෑදෑයන් සමග කාලය ගත කිරීමටද මෙය හොඳ අවස්තාවක් වේ.


මුහුදු වෙරලක සුන්දරත්වය විඳින්න

ඔබට නිදහස් දිනෙක ඔබේ මව සමග මුහුදු වෙරළට යන්න. පුංචි කෑමක් කන ගමන් මව සමග සතුටු සාමිච්චියේ යෙදෙන්න වෙරළ කියන්නේ කදිම තැනක්. රැල්ල පාගමින් විනෝද වෙන්නත් මේක හොඳ අවස්තාවක්.


දුම්රිය සවාරියක්

ඔබේ මව සමග විනෝද වෙන්න දුම්රිය සවාරියත් හොඳම අවස්තාවක්. පහසුවෙන් හා ලාභදායීව මෙය සැලසුම් කරගන්නත් ඔබට පුළුවන්. බදුල්ල හෝ නුවර වැනි සුන්දර පළාතකට සවාරියක් යන්න නැරඹුම් මැදිරියක ආසන වෙන් කර ගෙන නිදහසේ අවට නරඹමින් ගමන් කරන්න ඔබට පුළුවන්. සොබාදහමේ අපුරුව විඳින ගමන් ඔබේ මව සමග ගත කරන්න මෙයත් හොඳම අවස්තාවක්.

SHARE

NO COMMENTS