ඕට්ස් ධාන්‍ය වර්ගය ඔබේ ළදරුවාගේ ආහාරයට සුදුසුද?

සුගිය සතියේ Goodhousekeeping.lk අපේ වෙබ් අඩවිය පලකරපු ඕට්ස් සම්බන්ධ ලිපියට ප්‍රතිචාර ලෙස අම්මලා බොහෝ දෙනෙක් විමසා තිබුනා ඕට්ස් ළදරුවන්ගේ ආහාරයට සුදුසුයිද කියල..
ඕට්ස් කියන්නේ බටහිර ලෝකයේ නම් දරුවන්ගේ ආහාර අතර ඉතාම ජනප්‍රිය ධාන්‍ය වර්ගයක්.

fb- like-beg


මේ සම්බන්ද සම්පුර්ණ විස්තර ඇතුලත් වීඩියෝව නරබන්න


මගේ දරුවට ඕට්ස් දෙන්න පුලුවන්ද?

ඇත්තටම ඕට්ස් කුඩා දරුවන්ට දීමේදී බත් වලට වඩා සුදුසුයි. බත් එක්ක සන්සන්ධනය කරද්දී ඕට්ස් ගොඩක් සැහැල්ලුයි. පොඩ්ඩට එය පහසුවෙන් දිරවන්න පුළුවන්. ඒ වගේම හොඳ ශක්තියක් ලබා දෙනවා. මේ ප්‍රතිලාභ වලට අමතරව ඕට්ස් කියන්නේ දරුවන්ට අසාත්මික නොවෙන එහෙම නැත්නම් allergic reactions ඉතාම අඩු ආහාරයක්.


හැබැයි..මතක තියා ගන්න, ඕට්ස් ඔබේ දරුවට හඳුන්වලා දෙන්න ඕනේ මාස හය සම්පූර්ණ වුනාට පස්සේ තමයි.

දැන් අපි බලමු දරුවාට ඕට්ස් ආහාරයට ගැනීමෙන් ඇතිවෙන ප්‍රතිලාභ


ඕට්ස් පිළිබද අපගේ අනෙකුත් ලිපි :

ඔබේ හදවතට දිව ඔසුව “ඕට්ස්” දිනපතා උදේ ආහාරයට එක් කර ගත යුත්තේ ඇයි?


01) බබාගේ ශරීරය සහ මොලය වර්ධනය කරන ඛනිජ ලවන වලින් අනූනයි

  • Calcium
  • Iron
  • Phosphorous
  • Magnesium
  • potassium
  • Sodium
  • zinc

ඕට්ස් කියන්නේ කැල්සියම්, යකඩ, පොස්පරස්, මැග්නීසියම්, පොටෑසියම්, සෝඩියම්, සින්ක් වගේ ඛනිජ ලවන සහිත ආහාරයක් . මේ හැම ඛනිජ වර්ගයක්ම, දරුවට වෙන වෙනම සෞක්‍ය ප්‍රතිලාභ අත්කරලා දෙනවා. උදාහරනෙකට කැල්සියම් සහ පොස්පරස් බබාගේ අස්ථි වර්ධනයට අත්‍යවශ්‍යයි. හිමොග්ලොබින් නිපදවීමට යකඩ ඉවහල් වෙනවා. මැග්නීසියම් ශක්තිය උපදවනව විතරක් නෙවෙයි, කිරි කැටියගේ දත් සහ අස්ථි වලට උපකාර කරනවා. මොලයේ සහ ස්නායු පද්ධතියේ පවතින විද්‍යුත් ක්‍රියා වලට, පොටෑසියම් සහ සෝඩියම් අත්‍යවශ්‍යයි.


2) දරුවාගේ වර්ධනය අවශ්‍ය විටමින් වර්ගත් ඕට්ස් වල යහමින් තිබෙනවා

  • Thiamin
  • Niacin
  • Riboflavin
  • Folate
  • Vitamin B-6
  • Vitamin K
  • Vitamin E

තයමින්, නියාසින්, ෆොලේට් , විටමින් B 6 , විටමින් K, විටමින් E වගේ විටමින් වර්ග ඕට්ස් වල බහුලයි. මේ හැම විටමින් වර්ගයක්ම දරුවාගේ ශාරීරික සහ මානසික වර්ධනයට අත්‍යවශ්‍යයි.


3) දරුවාගේ සෞක්‍ය තත්වය පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය ප්‍රති ඔක්සිකාරක එහෙම නැත්නම් Antioxidants ඕට්ස් ධාන්‍යයෙ අඩංගු වෙනවා.


ඕට්ස් පිළිබද අපගේ අනෙකුත් ලිපි :

ගුණවත් ඕට්ස් හදන්න රෙසිපි 7 ක්


4) ඕට්ස් ශක්තිය ජනනය කරවන ආහාරයක්

ඕට්ස් 100 g ↔  400 kcal

ඕට්ස් ග්‍රෑම් 100 ක් මගින් කැල් 400 ක පමණ ශක්තියක් ලබා දෙනවා. මෙය මේ වර්ගයේ අනෙක් ආහාර එක්ක සන්සන්ධනය කරද්දී, ඉතා විශාල අගයක්. දරුවන්ගේ මේ කාලේ සිදුවෙන ශීග්‍ර වර්ධනයට ශක්තිය ගොඩක් වැදගත්.


5) පුංචි දරුවාට දිරවන්න පහසු ආහාරයක්

පුදුමයක් වගේ කොතරම් ශක්තිමත් ආහාරයක් වුනත්, ඕට්ස් දිරවීම ඉතාම පහසුයි. මේ නිසා, දරුවාගේ ආහාර ජීර්ණ පද්ධතියට, දැඩි පීඩනයක් එල්ල වෙන්නෙත් නැහැ.


6) ප්‍රතිශක්තිකරණ පද්ධතියට ඉතාම හිතකරයි

ඕට්ස් වල අඩන්ගු විටමින්, අනිවාර්යයෙන්ම, දරුවා ලෙඩ රෝග වලින් ආරක්ෂා කර ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරනවා.


7) ඕට්ස් ස්වභාවික විරේචනයක්

ඕට්ස් වල තන්තු බහුලව අඩංගු වෙනවා. එය දරුවාගේ මලපහ නිසි ලෙස පිටවීමට හේතුවක්.. මේ නිසා දරුවගේ කුසගින්න, හොඳින් ඇති වෙනවා.


ඔබේ ළදරුවාට ඕට්ස් ආහාර ලෙස දෙද්දී, මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ

  1. සාමාන්‍ය වෙලාවට වඩා වැඩි වෙලාවක් ඕට්ස් තම්බා ගන්න ඕනේ.
  2. පලවෙනි වතාවට ඕට්ස් හඳුන්වා දෙද්දී පලතුරු, එළවලු එක් කරන්න සුදුසු නැහැ

නිකන්ම ඕට්ස් ලබා දෙන්න. එමගින් ඔබට වටහා ගන්න පුළුවන් ඕට්ස් බබාට අසාත්මිකද නැද්ද කියල.


හැමදාම මේ වගේ වටිනා උපදෙස් ලබා ගන්න අපේ goodhousekeeping.lk වෙබ් අඩවියට ඔබත් ගොඩවදින්න.

SHARE

NO COMMENTS