හොඳ බිරිඳක් ලෙස සැමියාගේ ආදරයට පාත්‍ර වීමට අනිවාර්යයෙන්ම ඇති කර ගත යුතු ගුණාංගය

තැම් තරුණ කාන්තාවෝ ගැන කතාකරද්දී ඇයට සමීප පවුලේ සාමාජිකයෝ, වෙන දෙයක් තියා සැමියාවත් ඇය කෙරෙහි ප්‍රසන්න ආකල්පයක් ඇති කර ගන්නේ නැහැ. මේ නිසා සැමියා මිතුරන් අතරට යනවා. ඇයට හොරෙන් නොයෙක් දේවල් කරනවා.

ගෙදර භාර්යාව බලය පතුරගෙන නිතරම් කෑ ගසමින් ඉන්නවා. සැමියත් බයට වගේ කට පියාගෙන ඉන්නවා. නමුත් ඇය කියන කිසිවක් කනකට ගන්නේ නැහැ. මෙහෙම ජීවිත ඇත්තටම සතුටුදායකද? කාටවත්ම වටිනවද?


fb- like-beg


මේ සේරම මතක් වෙන්න හේතුව

ඇත්තටම මේ ලිපිය ලියන්න හිතුවේ අද වුන සිදුවීමක් නිසයි. අප වෙබ් අඩවියේ පසුගිය සතියක ඕට්ස් ගැන ලිපියක් පල කළා. එහිදී කියවන ඔබෙන් බොහෝ ප්‍රශ්න යොමු වුනා. එකින් එක පිළිතුරු දෙන්න අපි තීරණය කර තිබුනා. ඒ අනුව කුඩා දරුවන්ගේ ආහාර සදහා ඕට්ස් ගැනීම සුදුසු ඇයි කියලා පළමු ලිපිය පල කළා. ( අපිට දරුවෝ කියන්නේ අනිවාර්යයෙන්ම වැදගත්කමෙන් වැඩි මාතෘකාවක්)

ඊළඟ දිනයේ ඔබ ඉල්ලුව විදිහටම රෙසිපි පල කරන්න තීරණය කළා. අර ළමා ආහාර ලිපියට ප්‍රතිචාර ලෙස එක මහත්මියක් ඉතාම සැරට බැනලා අපට ප්‍රතිචාර දක්වලා තිබුනා.

“ මම ඔයාලගෙන් රෙසිපි ඉල්ලුවා. තාම දුන්නේ නැහැ. නැහැ කිවුවනම් ඉවරනේ…….” වගේ වචන වලින් තමයි සංග්‍රහ කර තිබුනේ”

ඇයට කරුණු කීපයක් අමතක වෙලා තිබුනා. ඒ අප ඉතාම මහන්සියෙන් හැමවිටම නිවැරදි තොරතුරු ඔබට දෙන වගකීමක් ඇති වෙබ් අඩවියක්. කිසිම වෙලාවක වෙන තැනක ඇති දේවල් ඔහේ දමන්නේ නැහැ. ඒ වගේම මේ දේවල් අප ඔබට තිලින කරන්නේ ඔබෙන් මූල්‍යමය ප්‍රතිලාභයක් අරගෙන නෙවෙයි. රෙසිපි අපි අත්හදා නොබලා පල කරන්නේ නැහැ


හැම විටකම ලෝකය තමා වටේ කැරකෙනවා යයි සිතීම

මේ මහ්ත්මියගේ ප්‍රතිචාරය ඇත්තටම අපට පුදුමක් ගෙන දුන්නේ නැහැ. බොහෝ පවුල් වල ඇති එකම ප්‍රශ්නයත් මේ ආකල්පයම තමයි. ඇතැම් තරුණියෝ සිතන්නේ මේ ලෝකේ සියලුම දේ තමන්ගේ කැමැත්තට අනුව සිදු විය යුතුයි. තමන්ගේ සැමියා, සැමියාගේ දෙමාපියෝ කවුරුවත් වැදගත් නැහැ. තමන් සතුටු දේ විතරයි හරි. අනික් අයගේ කැමැත්ත එතරම් වැදගත් ලෙස සලකන්න ඔවුන් සූදානම් නැහැ.

බොහෝ යහපත් ස්වාමිවරු උපදේශනයට එද්දී අපට කියනවා මේ තත්වය නිසයි ඔවුන් මත්පැනට, වෙන සම්බන්ධකම් වලට, ගෙදරින් පිට සිටීමට පෙළඹුනේ කියල.

බොහෝ භාර්යාවෝ ( පවුල් ප්‍රශ්න ඇතිකරගත් අයට)  තිබෙන පොදු ගුණාංගයක් මේක නම්. මුලින්ම යාලු උන අලුත අගය වැඩිකම සහ ආදරය නිසා පෙම්වතා / සැමියා ඇයගේ මනාපය අනුව විතරක් වැඩ කරන්න ගන්නවා. මේ තත්වය බොහොම ලේසියට ගන්න භාර්යාවෝ නැති අහන්කාරයක් මවා ගන්නවා.

“ආ ..දැන් මම තමයි ලොක්කා. එයා ඉන්න ඕනේ මට ඕනේ විදිහට විතරයි”

යාළුවො හම්බ වෙලා විනෝද වෙන්න ගියොත් බිරිද යාලුවන්ට කතා කරලා බනිනවා. දෙමාපියන්ට සැලකුවොත් බිරිඳ දෙමාපියන්ට කතා කරලා බනිනවා. කාර්යාලයක උත්සවයක් නම් යන්න දෙන්නේ නැහැ. ගෙදර සහ බිරිඳගේ යහළු , මිත්‍රයෝ විතරයි ස්වාමියට ඉන්න පුළුවන්. ඒ වගේම ක්‍රීඩාවක් කලොත් ඒකට රණ්ඩු වෙනවා.

අමතක කරන්න එපා. ලෝකය ඔබ වටේ කැරකෙන්නේ නැහැ. ඔබ නිකන් එකම එක කාන්තාවක් විතරක් දහස් ගණන් කාන්තාවන් අතරේ. විවාහය කියන පූජනීය බැම්ම පාවිච්චි කරගෙන කවමදාවත් කෙනෙක්ව පීඩනයට ලක් කරන්න එපා. එවිට ඔබට ඔහු නැති වෙන්න ලොකු ඉඩක් තිබෙනවා.


මුල් කාලේ නම් ඉවසන් ඉඳීවි

පිරිමි කියන්නේ ස්වභාවයෙන්ම නිදහසට, අගය කිරීමට කැමති පිරිසක්. ඔවුන් මුවෙන් නොබැන සිටියත් කාලෙකදී බිරිඳව එපා වෙනවා. අපි දැක තිබෙනවා බිරිඳගේ අංකය දුරකතනයේ වැටෙද්දී තැති ගන්න ස්වාමිවරු. ඒ වගේම බිරිඳව මහ කරදරයක් ලෙස සලකන්න පටන් ගන්නවා.

ඔවුන් හුදෙකලාවට වැටෙනවා. සොරෙන් මත්පැන් ගැනීම, අනවශ්‍ය මිතුරන් ඇසුර පටන් ගන්නවා. තමාගේ පවුල සහ යහළුවෝ සමග සම්බන්ධය තිබෙද්දී ඔබේ පවුලත් ශක්තිමත් බව කිසිම විටෙක අමතක කරන්න එපා.
ඒ වගේම සැමියාගේ ජීවිතේ පාලනය කරන්න ඔබට අයිතියක් නැහැ. ඔහු කරන දේවල් වෙනුවෙන් ස්තුතිවන්ත වෙන්න ඔබ බැඳිලා ඉන්නවා. ඔහු කරන යුතුකම් වලට ඇද පලුදු කිවීම නම් ඔබ කරන්නේ මම කියනව ඔබ ඉන්නේ විශාල අනතුරක.


තමාට ලැබෙන දේට ස්තුති පූර්වක වෙන්න

ඔබට ලැබෙන දේවල් නොලැබෙන අය ගොඩක් මේ ලෝකේ ඉන්නවා. එම නිසා සැමියා විසින් ඔබට කරන හැම දෙකටම ස්තුති කරන්න. ඔහු ගෙදර වැඩකට උදවු කරොත් අගය කරන්න.

“ අනේ තෑන්ක් යු තාත්ති. ඔයා හොඳට රෙදි හෝදලා. නැත්නම් මගේ සෙනසුරාදාම ඉවරයි”

මේක තමයි සුදුසු ප්‍රතිචාරය. නමුත් ඔබ ඒ වෙනුවට ……

“ බන්දු ඇත්තෝමයි ..ඔයා ක්‍රිකට් මැච් එකේ සිහියෙන්ද මේ රෙදි ටික හෝදලා තියෙන්නේ. බලන්න ළමයින්ගේ කොලර් වල කුණු. බැරි නම් නොකර ඉන්න. නිකන් මට වැඩ දෙකක් කරවන්නේ නැතුව” කියා බලන්න. ඔහු නැවත කිසිම දිනක ඔබට උදවු නොවේවි.

ඒ වගේම කරච්චල් කරන ඔබට ඇති ආදරයත් අඩු කරාවි.
අවසානයේ ඔබට කියන්නම් විවාහයක් පවතින්නේ කොලය මත ගැසුව අත්සන නිසා නෙවෙයි. විවාහයක් පවතින්නේ ආදරය නිසා. එම නිසා කොලයේ අත්සන ගැසුව පමණින් සියල්ල හරි කියල හිතලා හැසිරෙන්න පටන් ගන්න එපා. කොලය ලිහෙන්න වැඩ සිද්ධ වෙනවා එවිට.

SHARE

NO COMMENTS