ඔබත් බිත්තර ෆ්‍රිජ් එකේ ගබඩා කරනවාද?

බිත්තර කියන්නේ ඔබේ පවුලේ පෝෂණය වෙනුවෙන් ඉතාම වැදගත් ආහාරයක්. කොච්චර කාලයක් බිත්තර ගබඩා කරගෙන තියා ගන්න පුලුවන්ද කියන එක හැමෝටම තියන ප්‍රශ්නයක්. ඒ වගේම බිත්තර ශීතකරණයේ ගබඩා කර ගැනීම සෞක්යාරක්ෂිතද කියල ගොඩ දෙනෙක් අපෙන් විමසා සිටිනවා.


fb- like-beg


සතියකට වඩා තියා ගන්න ඕනේ නම්

කාමර උෂ්ණත්වයේ ගබඩා කර ඇති බිත්තර සතියක් වගේ කාලයක් තුල නරක් විය හැකියි. එම නිසා මිලදී ගෙන සතියක් ඇතුලත බිත්තර පාවිච්චි කිරීම නුවනට හුරුයි. බිත්තර නරක් නොවී දිගු කාලයක් තියා ගන්න නම් ශීතකරණයේ හෝ අධි ශීතකරණයේ ගබඩා කිරීම අනිවාර්යයි. නිසි ලෙස ගබඩා කළා නම් බිත්තර නරක් නොවී මාස කීපයක් වුනත් තියා ගන්න පුළුවන්. කොහොම වුනත් වැඩි කාලයක් තියා ගනිද්දී බිත්තර වේලෙන්න බලනවා. අපි දැන් බලමු හොඳ තත්වයෙන් බිත්තර ගබඩා කරද්දී සැලකිය යුතු කරුණු මොනවද කියල.

බිත්තර ශීතකරණයේ දමද්දී අනිවාර්යයෙන්ම පිරිසිඳු කරන්න ඕනේ. නැත්නම් කුකුල් අසූචි වල අඩංගු සැල්මනොල්ලා බැක්ටීරියාව ඔබේ ශරීරයට යාමෙන් මාරාන්තික තත්වයකට මුහුණ දෙන්න පුළුවන්.


සාමානය ශීතකරණයේ ගබඩා කරද්දී

40’F (ෆැරන්හයිට් අංශක 40) හෝ අඩු උෂ්ණත්වයක් බිත්තර ගබඩා කිරීමේදී යෝග්‍ය වෙනවා.

එය හැම විටම ගබඩා කළ යුත්තේ ශීතකරණයේ දොරේ නෙවෙයි, ඇතුලත කොටසෙයි. දොර නිතරම අරින වහන විට උෂ්ණත්ව විචලනයට ලක් වෙනවා. එම නිසා නිසි උෂ්ණත්වයේ ගබඩා කර ගන්න නම් වෙළඳ සැලෙන් ලැබෙන බහාලුම ඇතුලේ දාලා ශීතකරණයේ තබන්න. එවිට අනෙක් ආහාර වල තිබෙන ගඳ සුවඳ බිත්තර වලට එක් වීමෙන් වලකිනවා, තෙතමනය ආරක්ෂා වෙනවා විතරක් නෙවෙයි වැදීමෙන් පලුදු වෙන එකත් අවම වෙනවා.

කටුව ඉවත් කළ අමු බිත්තර ගබඩා කරද්දී , තදින් හුලන් නොවදින්න සීල් කරපු භාජන වල ගබඩා කරන එක තමයි ක්‍රමය. ඒ වගේම බිත්තර කහ මදය වතුරේ දාල ගබඩා කරහම තෙතමනය ඉවත් වෙලා වියැලෙන්නේ නැහැ.


පහත දැක්වෙන වගුවෙන් පෙන්වනවා තම්බපු බිත්තර සහ අමු බිත්තර කොපමණ කාලයක් ශීතකරණයේ තබා ගන්න පුලුවන්ද කියල.


බිත්තර
ශීතකරණය (35°F to 40°F)


අමු සම්පූර්ණ බිත්තර ( කටුව සහිතව)
බිත්තර මිලදී ගැනීමෙන් පසු සති 3 ක් පමණ


අමු බිත්තර ( කටුව පලුදු වුන)
දින දෙකයි


අමු බිත්තර සුදු මදය
දින 4 යි


අමු බිත්තර කහ මදය
දින 2 යි


බාගෙට තම්බන ලද බිත්තර ( කටුව සහිත)
සති 1


තම්බන ලද බිත්තර ( කටුව රහිත )
දින 1 යි


SHARE

NO COMMENTS