ඔබටත් බලු සුරතලෙක් ඉන්නවද? එහෙනම් එයාලව තනි කරද්දී මේ ගැනත් හිතන්න වෙනවා

සුරතලයට බල්ලන් ඇති කරන්න අපි හැමෝම කැමතියි. නිවසේ ආරක්ෂාවට වගේම පාළුව මකා ගන්නත් ඒගොල්ලෝ ගොඩක් උදව් වෙනවනේ. එත් බල්ලන් ඇති කිරීම හිතන තරම්ම පහසු නෑ. ඔබට ඕන වෙලාවට හුරතල් කරන්නයි අනෙක් වෙලාවට එයාලව අතහැරලා දාන්නයි නම් බැහැ. මොකද බල්ලන් කියන්නෙත් බොහොම සංවේදී සත්ත්ව කොට්ටාශයක්. ඒ නිසා බල්ලෝ ඇති කරනවා නම් ඒ අයට හොඳින් අවධානය දෙන්න ඕන.


fb- like-beg


බලු සුරතලුන් ඉන්න ගොඩක් දෙනෙක්ට තියන ගැටළුවක් තමයි කාර්යබහුල වෙලාවට එයාලව ගෙදර තනියම දාලා යන එක. එයාලව ගෙදර දාලා යන්න හදනකොට ඇස් දෙක ලොකු කරලා දුක හිතෙන විදියට බලනකොට එයාලව තනි කරන්න හිතෙන්නෙත් නැහැ නේද? එත් හැමවෙලේම ඔබට ඔබේ බලු සුරතලා ළඟ ඉන්න බැහැනේ. ඒක ප්‍රායෝගික නැහැ. එත් එහෙම වුණා කියල බොහෝ වෙලාවක් ඔවුන්ව තනි කරන එකත් සුදුසු දෙයක් නෙවෙයි.

ඔබ ඔබේ සුරතලාව ගෙදර තනියම දාලා යනකොට ඔබ තරයේ මතක තබා ගත යුතු දෙයක් තමයි ඔවුන් ආදරය, සෙනෙහස මෙන්ම ආහාර සහ ජලයත් නිතර අවශ්‍ය වන සත්ත්ව කොටසක් බව. ඔබට කොපමණ කාලයක් ඔවුන්ව තනි කළ හැකිද?

මේ පිලිබඳ විශේෂඥයන් පවසන ආකාරයට සාමාන්‍යයෙන් පැය තුනකට හෝ හතරකට වඩා වැඩි කාලයක් බල්ලෙක්ව තනි කිරීම සුදුසු නැහැ. එහෙත් මෙය බල්ලන්ගේ වර්ගය අනුව වෙනස් වෙන්නත් පුළුවන්.

මිනිසුන් වගේම සමහර බල්ලොන්ටත් තනිවම සිටීම ගැටළුවක් නොවිය හැක. එහෙත් සමහර බල්ලන්ට මෙය අහිතකර ලෙස බලපෑ හැක. බොහෝ විට මෙය එක් එක් සත්ත්වයාගෙන් සත්ත්වයාට වෙනස් වේ. කුඩා කළ සිට මෙම සතුන් පුහුණු වූ ආකාරයද මෙයට බලපායි. කුඩා අවධියේ සිටම ඔවුන් තනිවම හිඳීමට පුරුදු වී ඇත්නම් එවැනි සතුන්ට එය ගැටළුවක් නොවේ. කුඩා අවධියේ සිට එසේ පුරුදු වී නොමැති සතුන් වැඩුණු පසු තනිවම දමා ගිය විට ගැටළු ඇති විය හැක.

එනිසාම කුඩා අවධියේ සිටම ඔබේ බලු සුරතලාව තනියම හිඳීමට පුරුදු කළ හැකි නම් වැඩුණු පසු ගැටළු ඇති නොවේ. ඒ සඳහා කුඩා අවධියේ සිට ටිකෙන් ටික ඔවුන්ව තනිවම හිඳීමට පුරුදු කරන්න. පළමු අවධියේ පැය භාගයක් වැනි කෙටි කාලයකින් ආරම්භ කර වයසත් සමග පැය ගණන වැඩි කරමින් ක්‍රමානුකුලව මෙය සිදු කළ යුතුය. එවිට ඔවුන් තනිවම සිටීමට පුරුදු වේ.

මේ සඳහා ඔබට අනුගමනය කළ හැකි තවත් ක්‍රමයක් වන්නේ සුළු වෙලාවක් ඔවුන්ව ඇවිද්දවීමයි. එනම් ඔබ ඔබේ බලු සුරතලාව නිවසේ දමා යෑමට පෙර ටික වෙලාවක් ඇවිද්දවන්න. එවිට ඔවුන් මහන්සියට පත් වන නිසා ඉතිරි කාලය විවේක ගැනීමට වැය කරයි. එම කාලය තුළ ඔවුන්ව තනි කළ විට ගැටළුවක් ඇති නොවේ. මේ ක්‍රමය හරහා ඔවුන් ඔබ නැතිව සිටීමට ද පුරුදු වේ.

ඒ කෙසේ වුවත් පැය හතරකට වඩා වැඩි කාලයක් එක දිගට බල්ලෙකු තනිවම තැබීම සුදුසු නැත. ඔබට එසේ කිරීමට සිදුවන අවස්ථාවල ඔබේ යහළුවෙකු වෙනත් අයෙකු හෝ ලවා ඔබේ සුරතලාව ටික වෙලාවක් අවිද්දවන්න. පැය කිහිපයකට වරක් එසේ කිරීමෙන් ඔබේ සුරතලා එක දිගට තනිවම සිටීම වැළකේ. එවිට ඔබේ ගැටලුව විසඳේ.

SHARE

NO COMMENTS