සුන්දර සිරුරකට ඔබත් හීන මවනවාද? එහෙනම් මේ ක්‍රම අත්හදා බලන්න ටිප්ස් 11

සිහින් සිරුරක් කියන්නේ අපි කාගේත් හීනයක්. ඔබත් සුන්දර සිහින් සිරුරක් ලබා ගන්න මහන්සි වෙන කෙනෙක්ද? ඒක හිතන තරම්ම පහසුත් නැහැ. ගොඩක් අය ආහාර පාලනය හා ව්‍යායාම කිරීම් ආරම්භ කර අතරමගදී එය නවතා දමනවා. ඒ නිසා බොහෝ දෙනෙකුට මෙය සිහිනයක්ම විතරක් වෙලා තියනවා. ඒ නිසාම අපි අද කියන්න යන්නේ සිහින් සිරුරක් ලබා ගන්න ඔබ අනුගමනය කල යුතු සරල ක්‍රම කිහිපයක් ගැනයි.

මේකට ආහාර පාලනය කිරීම විතරක්ම මදි. ඒ නිසා මෙන්න මේ දේවල් ඔබේ ජීවිතයට පුරුදු කර ගන්න උත්සහ කරන්න.


fb- like-beg


01) අරමුණක් තබා ගන්න

අරමුණක් කීවද මෙයින් එක අරමුණක් පමණක් අදහස් නොවේ. මෙහිදී ඔබ කෙටි කාලීන මෙන්ම දිගු කාලීන අරමුණු තබා ගත යුතුයි. මෙහිදී වඩා වැදගත් වන්නේ ඔබට ලඟා කර ගත හැකි අරමුණු තබා ගැනීමයි. එසේ නොවුවහොත් ඔබට ඔබේ අරමුණු සාර්ථක කර ගත නොහැකි වූ විට ඔබ අධෛර්යයට පත්වී මෙය අතරමග නවතා දමයි. එනිසා සතියක් ඇතුලත කිලෝ 10 අඩු කර ගන්නවා වැනි ළඟා කර ගත නොහැකි අරමුනු තබා ගැනීමෙන් වලකින්න.


2) උදේ ආහාරය වැඩිපුර ගෙන රාත්‍රියට අඩුවෙන් ආහාර ගන්න

උදේට කන්න ඕන රජෙක් වගේ රෑට කන්න ඕන හිඟන්නෙක් වගේ කියලා අපි අතර කියමනකුත් තියනවනේ. දවස පුරා ක්‍රියාශීලීව සිටින බැවින් උදෑසනට පෝෂ්‍යදායී, සමබල ආහාර වේලක් ගැනීම වැදගත් වේ. එහෙත් රාත්‍රියට ශරීරය ක්‍රියාශීලී නොවන බැවින් රාත්‍රියට සුළු ආහාරයක් ගත යුතුය. රාත්‍රියට කැලරි දහනය වීමක් සිදු නොවන නිසා රාත්‍රියට බර ආහාර ගැනීම සුදුසු නැත.


3) සැබෑ කුසගින්න හඳුනා ගන්න

ඔබ දන්නවාද අපේ සිරුර පිපාසය ඇති වූ විටත් කුසගිනි ඇති වීමේ ලක්ෂණ පෙන්නුම් කරන බව. එනිසා ඇතැම් විට ඔබ පිපාසය දැනුනු විටත් ආහාර ගැනීමට පෙළඹිය හැක. මින් පසු ඔබට කුසගිනි දැනුනු විට පළමුව වතුර වීදුරුවක් පානය කර මිනිත්තු කිහිපයක් හිඳ ආහාර ගන්න. එයින් ඔබ අවශ්‍ය ප්‍රමාණයට වඩා ආහාර ගැනීම වැළකේ.


4) වරින් වර කෙටි ආහාර ගන්න

ආහාර වෙල් අතර කාල පරතරය වැඩි වන විට ඔබේ කුසගින්නද ඉතා අධික වේ. එවිට ඔබ අවශ්‍ය ප්‍රමාණයත් වඩා ආහාර ගැනීමට පෙළඹේ. එනිසා ආහාර ගන්නා විට වරින් වර ආහාර අඩුවෙන් ගන්න. දිනකට ආහාර වෙල් 6ක් පමණ ගන්න. එමෙන්ම එහිදී අඩුවෙන් ආහාර ගැනීමටත් මතක තබා ගන්න.


5) උයන්න පුරුදු වෙන්න.

බොහෝ දෙනෙක් සිතන්නේ පෝෂ්‍යදායී ශරීරයට හිතකර ආහාර රසවත් නැති බවයි. එහෙත් ඒ කෑමත් රසට හදා ගන්න පුළුවන්. ඒ නිසා රසට මෙන්ම පෝෂ්‍යදායී ලෙස කෑම හදන්න පුරුදු වෙන්න. එය ඔබට වඩා වාසිදායක වේවි.


6) සැලසුමක් සකස් කර ගන්න

අදාළ සතියට සැලසුමක් හදා ගන්න. එම සතිය තුළ ඔබ ගන්නා ආහාර මොනවාද, ඔබ කරන ව්‍යායාම් හෝ ක්‍රියාකාරකම් මොනවාද යන්න පෙර සැලසුම් කර තියන්න. ඔබට කම්මැලි නොසිතෙන ලෙස බයිසිකල් පදින්න, පවුලේ අය සමග ක්‍රීඩා කරන්න එවැනි දේවලුත් එයට එකතු කර ගන්න.


7) ඔබට තෑග්ගක් දෙන්න

මෙය ඔබ ධනාත්මකව සිතීමට වැදගත් වේ. එමෙන්ම මෙයින් ඔබට මෙම ක්‍රියාවලිය එපා වීම වැළකේ. එක සතියක් තුළ ඔබ කිසිදු අධි කැලරි හා තෙල් සහිත ආහාරයක් නොගෙන හොඳින් ව්‍යායාම කළහොත් සතිය අවසානයේ ඔබ කැමතිම එක ආහාරයක් ගන්න. සතිය තුළ හොඳින් පාලනය වී සිටි නිසා ඔබට ලැබුණු තෑග්ගක් ලෙස එය සලකන්න. එයින් ඔබ තවත් ධෛර්යමත් වේ.


8) කුඩා භාජන භාවිතා කරන්න

ඔබ ආහාර ගන්නා පිඟාන ලොකු එකක් නම් ඒ වෙනුවට තරමක් කුඩා එකක් භාවිතා කරන්න. එකම ආහාර ප්‍රමාණය වුවත් කුඩා භාජනයට දැමු විට ගොඩක් මෙන් පෙනේ. එයින් ඔබ වැඩිපුර ආහාර ගැනීම වැළකේ.


9) එක වරදකට සියල්ල අතහරින්න එපා

ආහාර පාලනය කරන අතරතුර ඔබ කැමතිම කෑමක් කන්න හිතුනොත් එය සාමාන්‍යයි. ඔබවම නවත්වා ගන්න බැරුව ඔබ එය ආහාරයට ගතහොත් ඒ පිලිබඳ සිතමින් වද වෙන්න එපා. ඔබට මෙය කළ නොහැකි  යැයි සිතා එය අතහැර දමන්න එපා. එය අමතක කර නැවත ඔබේ අරමුණ වෙත යොමු වන්න.


10) ධනාත්මක වන්න

එක දිගටම ආහාර පාලනය කරමින් මෙය සිදු කරන විට ඔබට මෙය එපා විය හැකියි. අතරමග මෙය නවතා දැමීමට සිතිය හැකියි. එහෙත් එසේ කරන්න එපා. එවන් අවස්ථාවල ඔබ මෙතෙක් කල් ලබාගත් දේවල් මතක් කරන්න. ඒවා සුළු දේවල් වුවත් ඒවා ලියාගෙන ඒවා කියවා ධනාත්මකව සිතන්න. කෙසේ හෝ තම අරමුණ ඉටු කර ගන්න බව සිතා කටයුතු කරන්න.


11) මානසික පීඩනයෙන් මිදෙන්න

ඔබ කැමති ආහාර වලින් වැළකී ඔබ අකමැති ආහාර ගනිමින් කාලයක් මෙය සිදු කරන විට ඔබ මානසික පීඩනයට ලක් විය හැකියි. ඒ පිලිබඳම සිතමින් තමාට සිහින් සිරුරක් ලබා ගත හැකි වේදැයි සිතමින් කල්පනා කිරීමද මෙයට හේතුවකි. ඒ නිසා නිතරම ඔබේ මනස සැහැල්ලුවෙන් තබා ගන්න. මන්ද ඔබ පීඩනය පත් වූ විට ශරීරය මගින් නිපදවන කොටිසොල් නම් හෝමෝනය මගින් ඔබේ සිරුර මහත් වීම වැඩි කරයි. එනිසා නිතර සැහැල්ලු මනසින් සිටින්න

SHARE

NO COMMENTS