ඔබේ වයස වැඩි කර පෙන්වන වැරදි 12 ක්

න්න වයසට වඩා මහලු පෙනුමක් ලබන්න විලාසිතා කරන්න අපි කවුරුත් කැමති නැහැ. නමුත් ලස්සන වෙන්න අපි විලාසිතා කරද්දී සිදු කරන ඇතැම් වැරදි නිසා අපේ වයස වැඩි වෙලා පේනවා. Goodhousekeeping.lk අපි තීරණය කළා මේ වැරදි ගැන ඔබව දැනුමත් කරන්න. මින් පසු විලාසිතා කරද්දී ඔබේ යොවුන් පෙනුම එලෙසින්ම තබා ගන්න මේ ටිප්ස් ගොඩක් වැදගත් වේවි.


fb- like-beg


1) ඕනවට වඩා බුරුල් ඇඳුම් විලාසිතා

ඇතැම් ගැහැණු ළමයි හිතනවා ශරීරයට වඩා ගොඩක් විශාල ඇඳුම් ඇඳීම ඉතාම හොඳ විලාසිතාවක් කියල. නමුත් ඒ මගින් ඔබේ ශරීරයට කිසිම හැඩයක් හෝ පෞර්ෂයක් ලබා දෙන්නේ නැහැ. විලාසිතාවක් කොතරම් නවීන වුනත් එය ඔබේ ශරීරයේ හැඩය විකුර්ති කලොත් කිසිම පෙනුමක් එන්නේ නැහැ.

ඒ වගේමයි බුරුල් උඩ ඇඳුමක් අඳින්න ඕනේ තද සායක් හෝ කලිසමක් වැනි දෙයක් සමගයි. බුරුල් සායක් හෝ පැන්ට් එකෙක් අඳිද්දී උඩට අඳින්න ඕනේ ශරීරයේ ගානට තිබෙන ඇඳුමක්. හැම විටම ඒ බැලන්ස් එක නීතියක් ලෙස හිතේ තබා ගන්න. වඩා තද ඇඳුම් අඳින්නත් එපා. එය ඉතාම නොවැදගත් පෙනුමක් ඔබට එක් කරනවා.


2) එකම වර්ණයේ උපාංග පැළඳීම

බෑගය, සෙරෙප්පු දෙක සහ බෙල්ට් එක එකම වර්ණයෙන් ඇඳිය යුතුයි කියන විලාසිතාව යල් පැන ගිය රීතියක්. ඔබ අඳින ඇඳුමට ගැලපෙන ලෙස ආයිත්තම් පැළඳීම තමයි ඒ වෙනුවට දැන් අනුගමනය කරන්නේ.


3) බෙල්ට් එකක් දමන්න

ඇඟට වඩා ලොකු ඇඳුම් අඳිද්දී ඔබට එක් වෙනවා වයස වැඩි සහ අපිළිවෙල පෙනුමක්. මේ තත්වය මගහරින්න නම් හොඳම මිතුරා තමයි බෙල්ට් එකක් යෙදීම. මනාව ගැලපෙන බෙල්ට් එකක් යෙදීම මගින් හොඳ පෙනුමක් ඔබට එක් කරනවා. ඒ වගේමයි එයින් ඔබේ ශරීරයේ හැඩය වැඩි කර පෙන්වනවා මෙන්ම සැහැල්ලු බවක් එක් කරනවා.


4) පැරණි විලාසිතා වලින් අයින් වෙන්න

ලෝකය පැරණි විලාසිතා වලින් ඉවත් වෙද්දී ඔබ තවමත් ඒවගේ හිර වෙලා ඉන්නවද? ඒහෙනම් ඔබේ වයසත් වැඩි වෙලා පෙනෙන්න මහ වෙලාවක් යන්නේ නැහැ. උදාහරණයකට මේ රූපයේ පෙනෙන විදිහට නිවැරදි ක්‍රමය තමයි පෙන්සිල් කට් කලිසම් ඇඳීම. ඒ වෙනුවට ඔබ තවමත් අගින් මහත ඩෙනිම් අඳිනවා නම් ඔබේ වයස පේන එක වලක්වන්න බැහැ. ඕනෙම සුපිරි තරුවක් බලන්න. අනිවාර්යයෙන්ම ඔවුන් නවීන වෙන විලාසිතා එක්ක හැම විටම ඉන්නවා. ඒ වගේම ඔබ නිකමට හිතල බලන්න ඉස්සර ක්‍රමයට ඔසරිය අඳිද්දී, ෆ්ලෙයාඩ් වගේ යල් පැන ගියපු විලාසිතා කරද්දී වයස වැඩි වෙලා පේන්නේ නැද්ද කියල.


5) පාසල් යන වයසේ දැරියෝ අනුකරණය කරන්න යන්න එපා

වයස අඩුවෙන් පේන්න කියල ඇතැම් කාන්තාවෝ කොන්ඩ දෙකක් බැඳීම, පාට පාට තොප්පි දැමීම, දිලිසෙන කාටූන් තියන ටී ෂර්ට් ඇඳීම සහ ටීන් වයසේ ඉන්න දරුවෝ කරන විලාසිතා වලට යොමු වෙනවා. ඇත්තටම ඔබ තේරුම් ගන්න ඕනේ මේ ක්‍රමය බලාගෙන ඉන්න අයට විහිළුවක් වෙනවා, ඒ වගේම ඔබේ පෙනුමට කිසිම වැදගත්කමක් එක් වෙන්නේ නැහැ. වයසට යාම වලක්වන්න අපිට බැහැ. ඒ ඒ වයසට ගැලපෙන්න සුන්දර ලෙස විලාසිතා තෝරා ගැනීමයි ඔබ විසින් කළ යුත්තේ.


6) කණ්නාඩි දාද්දි බෝතල් අඩි දාන්න එපා

ඔබ උපැස් පළඳිනවා නම් එහිදී ඔබේ විලාසිතාව වයස කියන කාරණය තීරණය කරන්න ගොඩක් හේතු වෙනවා. පැරණි විලාසිතා වලින් තෝරා නොගෙන නවීන විලාසිතා තෝරා ගැනීම මගින් වයස වැඩියෙන් පේන එක නවතිනවා.


7) කොන්ඩේ දිග සහ විලාසිතාව ගැන සිතන්න

වයස යද්දී මුහුණේ සිද්ධ වෙන වෙනස්කම් තිවුර කරලා පෙන්වන්න දිග කොණ්ඩය සමත් වෙනවා. ඒ නිසා කොන්ඩේ තරමක් දුරට කොට විලාසිතාවකට යාමෙන් වැඩි වයසක් පෙනෙන්න නැතිව යනවා. එය නිසි ලෙස කපා ගන්න ඔබ ප්‍රවේශම් විය යුතුයි.


8) නිය අලේප කිරීම පරිස්සමෙන්

ඔබේ අත් දෙකේ නිය ආලේපන ගලවද්දී, තද පාට තෝරා ගැනීම සුදුසු වෙන්නේ ඉතාම තරුණ වයසේදී. තරමක් මැදි වයසට එද්දී අත් වල සිදුවෙන වෙනස්කම් කැපිලා පේන්න තද නිය ආවරණ සමත් වෙනවා. එම නිසා අපි නිර්දේශ කරන්නේ වඩාත් ස්වභාවික වර්ණ යොදා ගැනීම අත්වල සමට දීප්තියක් එක කරන බවයි. dove beige, shiny white, creamy white වගේ වර්ණ හැම විටම ඔබේ දෑතට තරුණ බවක් එක කරන්න සමත් වෙනවා.


9) බ්ලෂ් ගාද්දී පරිස්සමෙන්

බොහෝ දෙනෙක් හිතනවා බ්ලෂ් ආලේප කළ යුත්තේ මුහුණේ ඇපල් කොටසේ විතරයි කියලා. නමුත් මෙය වැරදියි. හිරිමල් වයසේ ඉන්න තරුණියන්ට තමයි ඒ ක්‍රමය හරි. අවුරුදු 25 න් පස්සේ ඔබ හුරු විය යුතුයි මුහුණේ තිබෙන රැලි මතු නොවෙන විදිහට බ්ලෂ් නිසි ලෙස ආලේප කර ගැනීමට. මුහුණ ලස්සනට සරසා ගැනීමට නම් හරස් අතට ඇපල් කොටසේ සිට cheekbones දක්වා බ්ලශ් ආලේප කර ගන්න.


10) ඔබේ ස්වභාවික ලස්සන වැඩි කර ගන්න මේකප් අලේප කරන්න

දෙතොල, ඇස් සහ දෙබැම කියන්නේ කාන්තාවකගේ පෙනුමේ වඩාම වැදගත් කොටස්. දෙතොල් සිහින් වෙලා සජීවී බව අඩු වීම, ඇහි බැමි තුනී වීම වැනි දේ වයස සමග සිදු වෙනවා. එම නිසා මුහුණට සුන්දරත්වයක් එක් කිරීමට මේකප් සරලව යොදා ගැනීම අපි හැම විටම අගය කරනවා.


11) තද පාට ටිප්ස්ටික් නම් එපා

තද වර්ණ වල තොල් ආලේපන නිසා ඔබේ දෙතොල් සිහින් වෙලා පේනවා. එවිට ඔබේ සැබෑ වයස වගේ වසර කීපෙක වයස පෙනුමක් මූනට එනවා. එම නිසා ලා වර්ණ වල තොල් ආලේපන අලේප කරන්න. ඒ වගේම ගන්න කලින් ගාල ඔබේ මුහුණේ වර්ණයට ගැලපෙනවද බලන්නත් අමතක කරන්න එපා.


12) සිනාව තමයි ගොඩක්ම සුන්දර

ඔබ නිතර හිනා වෙනවා නම්, එය ඔබේ වයස පෙන්වන නිර්නායකයක්. සිනහව මගින් ඔබේ මුහුණ සුන්දර කරනවා විතරක් නෙවෙයි ඔබේ පෞර්ෂය හැම විටම ඉහලට දමනවා.

SHARE

NO COMMENTS