ඔබේ සම රැලි වැටීමෙන් වලක්වන ක්‍රම 07ක්

පි වයසට යනවත් එක්කම අත්දැකීම් වලින් බහුල වෙනවා වගේම බුද්ධියෙනුත් මුහුකුරා යනවා. වයසත් එක්කම ලැබෙන තවත් දෙයක් තමයි රැලි වැටීම් කියන්නේ. රැලි වැටීම් කියන්නේ ලේසියෙන්ම පරද්දන්න පුළුවන් කරදරයක්.

අද කතාකරන්න සූදානම් වෙන්නේ ඉක්මනින් වයසට යන්න කැමැති නැති අයට රැලි වැටීම් නවත්තගන්න සහතික කරපු ක්‍රම 07ක් ගැන.


fb- like-beg


01) නිදාගැනීමට පෙර ඔබේ අත් යටින් කොට්ට තබාගන්න

මෙය ඔබට ඔබේ පියයුරු ඇතුළුව උර ප්‍රදේශයේ ඇතිවන රැලි වැටීම් පාලනය කරගන්න උදව් වේවි. මෙහි අමාරුම වැඩේ තමයි උඩු අතට නිදාගන්න පුරුදු වෙන එක. ඒ උනාට සති කිහිපයක් යනකොට ඔබේ සමේ තත්ත්වයත් එක්කම ඔබේ සම්පුර්ණ ශරීර සුවතාවයම හොඳ අතට හැරි ඇති බව ඔබටම දැනේවි.

පර්යේෂණයන් දක්වන විදියට නිදාගැනීමේ මේ ඉරියව්ව තමයි සුවදායකම නින්දක් හිමිකරදෙන ක්‍රමය. ඒකට අමතරව ඒ ඉරියව්ව ඔබව ඔබේ කොන්දේ කැක්කුමෙන් බේරාගනිවි.


02) ඔබ වටේට යම් යම් දේවල් තබාගන්න

මේක නම් තරමක් අමුතු වේවි. ඒ උනාට මේ විදියට නිදාගැනිමේදී තමන්ගේ වටේ එක එක දේවල් තබාගැනීම ඇත්තටම රැලි වැටීම් අවම කරන්න උදව් වෙනවා. ඒකට හේතුව අපි නිදාගත්තම සැරෙන් සැරෙන් අපි ඉන්න ඉරියව්ව වෙනස් කරනවා. එයින් සමහර ඉරියව් කිසිසේත්ම පහසු ඒවා නෙවෙයි. එවැනි අපහසු ඉරියව් නිසාද රැලි වැටීම් සිද්ධ වෙනවා.
ඇඳුම් දමන බකට්, පොත් හෝ ලේසියෙන් කැඩෙන බිදෙන දේවල් නැතුව උත්සහ කරලා බලන්න, තරමක් දිගටි දේවල් ඔබ වටා තබාගන්න.


3) ඔබේ දණහිස් යටින් කුෂන් එකක් තබාගන්න.

ඔබේ ශරීරයේ සහ කකුල් වල උසෙහි වෙනස ඔබේ රුධිර ගමනාගමනය හොඳින් සිදුවීමට උපකාරී වේවි.

එය රැලි වැටීම් වලට වගේම ඔබේ හන්දි අමාරුවටත් හොඳයි. විශේෂයෙන්ම වැඩ්පුර ඇවිදින අයට මේ ක්‍රමය විශේෂයි.


4) තුවායක් බෙල්ලට තැබීම

ශරීරයේ අනික් අවයව වලට වගේම හිසටත් නිදහසක් අවශ්‍යයි. සෘජුව තියන කොට්ටයක් හිස යටින් තබා නිදාගැනීම තමයි සුදුසුම ක්‍රමය. ඒත් ඔබ ගාව ඒ විදියේ කොට්ටයක් නැතිනම් සාමාන්යෙන් ඔබ එදිනෙදා පාවිච්චි කරන තුවායක් රෝල් කරලා පාවිච්චියට ගන්න.


5) නිදාගන්න නිවැරදි මෙට්ටයක් තෝරාගන්න.

මෘදු මෙට්ටයක් පහසුදායකයි තමයි. නමුත් විද්‍යාඥයන් කාලාන්තරයක් තිස්සේ පර්යේෂණ වලින් තහවුරු කරේ තරමක් ඝනකම් ස්ප්‍රින් මෙට්ට තමයි ඔබේ කොඳුඇට පෙලට, රුධිර ගමනාගමයට වගේම රැලි වැටීම් අවම කරගන්නත් සුදුසුම කියල.


6) නිවැරදි යට ඇඳුමක් තෝරාගැනීම.

කාන්තාවන් කිහිපදෙනෙක් තමයි දන්නේ සෑම ඇඳුම් කඩයකම පාහේ රැලි වැටීම් අවම කරන යට ඇඳුම් තියනවා කියල. මේවා ව්‍යායාම් සඳහා යොදාගන්න බ්‍රා විදියට පෙනුනට මේවා හදල තියෙන්නේ ඉතාමත් මෘදු කපු රෙදි වලින්. එසේම මේ බ්‍රා වර්ගය සම ආරක්ෂා කරන සහ සමේ තෙතමනය රදාපවත්වාගන්නා විවර ප්‍රදේශ වලින්ද සමන්විතයි, ඔබට මෙය හැමදාම අඳින්න බැරි උනත් නිදාගද්දී නම් අදින්න පුළුවන්.


7) සමේ තෙතමනය රදා පවත්වාගැනීම අත්‍යවශ්‍යයි.

මෙය ඉතාමත්ම පහසුයි. සමේ වියළි ස්ථාන වල සෑම උදෑසනකම සහ සෑම රාත්‍රියකම නිදාගැනීමට පෙර නොකඩවා ආලේප කරන්න. 90 %ක්ම වයසට යන්නත් කලින්ම සම රැලි වැටීම් ඇතිවෙන්නේ සමේ තෙතමනයක් නැති උනාම කියල දැනටමත් තහවුරු වෙලා ඉවරයි.

SHARE

NO COMMENTS