“ජීවිතේ මේ වගෙයි.” – Part 26

සමුදී කියන්නේ උගත් , බුද්ධිමත්, නවීන ඒ වගේම ගොඩක් ධෛර්යමත් කාන්තාවක්. ඇයගේ වයස අවුරුදු 35 ක්. ඇගේ ආදරණීය ස්වාමියා තාරික අලහකෝන් සහ නිමුන් පුත්තු දෙන්න විහස්, විමාශ කියන මේ හතර දෙනාගේ ආදරණීය පවුලේ කතාව තමයි “ජීවිතේ මේ වගේ" කතාවෙන් කියවෙන්නේ. මේ සමහරවිට ඔබේම ජීවිතයේ පැතිකඩක් වෙන්නත් පුළුවන්.

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව

fb- like-beg


“ පරාජයන් හමුවේ නොසැලුන අපේ කාලයේ අම්මාගේ කතාව “ – 26 කොටස

උදේ හය වෙද්දී සමුදී ආහාර පිසලා ඉවර කළා. තාරික නැගිටලා ගෙදර අතුගාලා, මිදුල අතුගාලා පහන තියන්න මල් කැඩුවා. සමුදී කුස්සිය අස් කලේ පුතාල දෙන්නව බස්සන්න තාරික පාසල් වෑන් එකට ගියපු වෙලාවේ. තාරික මේ දවස් වල ගොඩක් සතුටින් හිටියේ. සමුදී ගෙදර නිසා ඔහුට බොහොම සුව පහසු කාලයක් එක් වෙලා. තාරික සූදානම් වෙද්දී සමුදිත් පහල බාත් රූම් එකට ගිහින් නා ගත්තා. උදේම වැඩ ටික ඉවර කර ගත්තහම ලේසියි. කොයි තරම් වැඩ අධික දවසක්ද අද?

ඇය තුවායත් ඇඳගෙන කාමරයට යද්දී තාරික නාගෙන කොන්ඩේ තෙත ගසමින් සෙන්ට් දානවා. සමුදී පිටුපසින් ගිහින් ඔහුව බදා ගත්තා.

“ ඈ නාකි මිනිහෝ…. ඔෆිස් එකේ ඉන්න කෙල්ලොන්ට සුවඳ ගහන්නද ඔය සෙන්ට් නාන්නේ?”

ඇය ඇහුවේ සිනාසෙමින්. කන් පැත්තෙන් සුදු පැහැ වේගෙන එන කෙස් ගස් කීපය සහ පෑදෙමින් තිබ්බ තට්ටේ නිසා තාරිකගේ පෙනුමත් තරමක් වයස් ගත වේගෙන එන බව ඇයට පෙනුනා. එකටම තරුණ විය ගෙවපු ඔවුන් දෙන්නා මැද වයසට කිට්ටු වෙමින් හිටියත් කාලය එක්ක ඔවුන් දෙන්නගේ ප්‍රේමය ගොඩක් දළු දාලා වර්ධනය වුනා.

ඔවුන් දෙන්නා එකිනෙකාට ආදරය කරේ බොහොම සැහැල්ලුවෙන් සහ කල්පනාකාරීව. ඔවුන් කවදාවත් විවාහයෙන් පස්සේ දෙන්නා එක කෙනක් වෙනවා කියල හිතුවේ නැහැ. ඒ වෙනුවට තාරික සහ සමුදී කියන්නේ වෙනම මිනිස්සු දෙන්නෙක්. දෙදෙනාටම වෙනම අනන්‍ය ජීවිත තියෙනවා. ඒ අතරේ දිවි හිමියෙන්වත් එකිනෙකාට හොරක්, බොරුවක්, වංචාවක් නොකර ජීවත් විය යුතු බව ඔවුන් විශ්වාස කළා. ඔවුන් දෙන්නා නිතරම එකිනෙකා සමග තනි වුනා. එකිනෙකාගේ වුවමනා ගැන සංවේදී වුනා. එකිනෙකාට ප්‍රශ්නයක් නම් ඒ වෙනුවෙන් නැගී හිටියා. හැමදේටම වඩා එකිනෙකාට අනුකම්පා කළා.

“ ඔවු අනේ.. නාකි ගෑනි දැන් ඒ නාකි මිනිහට කිසිම සැලකිල්ලක් නැහැනේ…..” ඔහුත් පෙරලා විහිළුවක් කරමින් සිනා සුනා.

“මන් උඹට කරන්නම් කෝ හොඳ වැඩක් “කියමින් ඇය ඔහුගේ පිට අහුවුණ තැනකින් වේගයෙන් හැපුවා.

“ඌයි අම්මි ….. නවත්වන්න… කියූ ඔහු ඇගේ මේ දාන්ගලයෙන් වශී වෙලා ඇයගේ තුවාය කඩලා පුටුවක් උඩට විසික් කරා.

ආදරය කිරීම කියන්නේ ඔවුන් දෙන්නගේ ජීවිතයේ නොබිඳුන අංගයක්. හරියට විවාහ වුන අලුත වගේ ඔවුන් දෙදෙනා නිතරම එකිනෙකාට අසීමිතව ආදරය කළා. දරුවෝ හිටියත් හැම වෙලේම තාරිකට අංක එක වුනේ සමුදී. සමුදිට අංක එක වුනේ තාරික.

“තාත්ති අනේ ආයෙත් ඇඟ හෝදගෙන වැඩට යන්න” ඇඳ උඩට වෙලා හති අරිමින් ඉන්න ඔහුට ඇය කීවේ සිනා සෙමින්. ඔහු අවසානයේ වැඩට යන්න ඇඳගෙන සමුදිට ඔහුට බත් කවන්න කියල ඉල්ලා සිටියා. ඔහුට අකමැතිම වැඩක් උදේ අත් වල ඉඳුල් ගා ගන්න එක. ඒ දේ වසර ගණනාවක් කලේ ලොකු හාමිනේ නිසා ඇයට දුක හිතෙයි කියල සමුදිට හිතුනා. ඒ නිසා ඇය ලොකු හාමිනේට කතා කරලා තාරිකට බත් කවන්න කියල ඉල්ලුවා.

පුතා ගැන ආදරෙන් පිරුන ලොකු හාමිනේ ඉතාම ආසාවෙන් තාරිකට බත් කැවුවා. දෙන්නගේ ආදරේ දැක්ක සමුදිට ඇති වුනේ පුදුම සතුටක්. අනේ මම මගේ පුතාලව හදනවා වගේ ආදරෙන්නේ මේ මනුස්සය මෙයාව හදන්න ඇත්තේ කියල ඇය කල්පනා කළා.

තාරික වැඩට ගියාට පස්සේ සමුදී තමන්ගේ පොත් අරගෙන බිස්නස් එක ගැන නැවත කියෙවුවා. ඉන් පස්සේ ගෙදරින් පිට වුනා කඩ කීපෙකට ගිහින් අත්යන්ත්‍ර රෙදි පිලි වල මිල ගණන් වාර්තාවක් ගන්න. ලක් සලට, ඔඩෙල් එකට ඉන් පස්සේ බෙයා ෆුට් එකට ගිය ඇය විවිධ සන්නාම යටතේ ඇති බඩු වල මිල ගණන් වෙන වෙනම සටහන් කර ගත්තා. ඒ කඩ වලට දමන්න ඇහුවහම ඔවුන් කීවේ ඉතාම අඩු මිල ගණන්. ඒ නිසා තමන් මුලින් සැලසුම් කරපු විදිහටම FB එකෙන් බිස්නස් එක කරන්න ඕනේ කියල ඇය තීරණය කළා. මොකටද අතරමැදියන්ට නිකන් සල්ලි දෙන්නේ මට කෙලින්ම FB පිටුවෙන් පාරිභෝගිකයන් හමුවෙන්න හැකියාව තිබෙද්දී ?

මුලින්ම සමුදී හිතුවේ අත්යන්ත්‍ර සාරි සහ කෑම මේසේදී පාවිච්චි කරන ටේබල් මැට්ස්, නැප්කින් වගේ සුළු ප්‍රමාණයක වැඩි මිලක් ගත හැකි නිෂ්පාදන වෙළඳ පොලට දමන්න.

ඇය ඉන්ටර්නෙට් එකට ගිහින් බැලුවා ලෝකයේ වෙන රටවල ලස්සන විලාසිතා. ඒ සේරම පෙන් එකක දාගෙන ගිහින් ප්‍රින්ට් අවුට් ගත්තා. ඊළඟ දවසේ කුසුමට කියල මේ විලාසිතා හදා ගන්න ඕනේ කියල.

ඉන් පස්සේ තමාගේ ව්‍යාපාරයට නමක් හිතුවා. දවසක මෙය වෙළඳ සන්නාමයක් ලෙස අන්තර් ජාතික වෙළඳ පොලට පවා ගෙන යන්න ඇයට අදහසක් තිබුනා. අවසානයේ නම් ගොඩක් හිතල ඇය තෝරා ගත්තේ තමාගේ දරුවෝ දෙන්නගේ නම් වල මුල් අකුරු එකතු කරලා “විවිලූම්ස්” – VVlooms” කියන නමයි.

කල්පනා සාගරය මැද්දේ මහන්සි වෙලා සමුදී ගෙදර එද්දී හවස 4 ත් පහු වෙලා. උණු වතුරින් හොඳට නාගත්ත ඇය ඇඳට ගිහින් සින්දුවක් අහන්න පටන් ගත්තා. ලොකු හාමිනේ රාත්‍රී ආහාර හදන්න පටන් ගත්තා. මහන්සියටම ඇයට නින්ද ගිය නිසා තාරික ගෙදර ඇවිල්ලත් නිශ්ශබ්දව දරුවෝ දෙන්නා හෝදලා කැවුවා. ඔවුන් දෙන්න ඇඳට ගියේ අත්තම්ම එක්ක.

ලොකු හාමිනේ එක්ක එකතු වෙලා කතා කරපු තාරික ඇඳට ඇවිත් පෙරලුනේ කිසිම ශබ්දයක් නොකර. ඒත් සමුදී ඒ හඬින් ඇහැරුණා. ඔහු බල කරලා ඇයව පහත මාලයට එක්ක ගිහින් රාත්‍රී ආහාරය ගන්න සැලැස්සුවා.

ඇයට ඉන් පස්සේ නිදි මතත් නැති වුනා. තේ දෙකක් හදාගෙන උඩ කාමරේ බැල්කනියට දෙන්න එක්ක ගිහින් කතා කරමින් හිටියා. කොයි තරම් සිහින ඇගේ හිතේ තියනවද? ඒ සේරම මුදුන් පත් කර ගන්න උදවු කරන්න තාරික පොරොන්දු වුනා. ඇයගේ කකුල් රිදෙන නිසා තාරික නින්දට පෙර ඇගේ කකුල් දෙකම අතගෑවා. ඒ සනීපෙට ඇයට එහෙම්ම නින්ද ගියා.

( ලබන සතියට)

SHARE

NO COMMENTS