“එංගලන්තයේ රෝස කුසුම “ – ඩයනා හෙවත් වේල්සයේ කුමරිය

මේ ලෝකයේ ජීවත් වුන දැවැන්තම තාරුකා අතරින් එක්කෙනක් වුනු එංගලන්තයේ ඩයනා කුමරිය මිය ගිහින් මේ වසර වෙද්දී දශක දෙකක් පහු වෙලා. නමුත් ඇය තවමත් ලොව පුරා පුවත් පත් වල පුවත් මවන්නියක්. ඇය පිලිබඳ කතාවේ Goodhousekeeping.lk කියවන අපිටත් ගත හැකි ආදර්ශ ගොඩක් තිබෙනවා. “එංගලන්තයේ රෝස කුසුම” සහ “ජනතාවගේ කුමරිය” යන අන්වර්ථ නාම වලින් හැඳිනුව ඇය 36 හැවිරිදි වියේදී ජීවිත රංග මඩලින් බැස ගියේ තවත් අබිරහසක් ලෝකයට ඉතිරි කරමින්.


fb- like-beg


වේල්සයේ කුමරියගේ පවුල් පසුබිම

විවාහයට පෙර ගුරුවරියක් ලෙස

ඩයනා ස්පෙන්සර් (Diana Spencer) ආර්යාව 1961 ජූලි මස පළමු වෙනිදා එංගලන්තයේ Sandringham හි දී උපත ලැබුවා. ඇගේ පියා වුනේ එඩ්වඩ් ජෝන් ස්පෙන්සර් සාමි තුමා.( Edward John Spencer, Viscount Althorp) ඩයනා කුමරිය කුඩා කාලයේදීම ඒගේ මව වුන ෆ්‍රාන්සස් ආර්යාව ඇගේ පියාගෙන් දික්කසාද වුනා. පියාට ඇයගේ භාරකාරීත්වය ලැබුණු අතර නිවසේ ලබපු අධ්‍යාපනයෙන් පස්සේ උසස් අධ්‍යාපනය සඳහා Riddlesworth Hall School සහ West Heath School කියන ආයතන වලට ගිය ඇය කුඩා කළ සිටම ඉතාම ලෑජ්ජා ශීලී දැරියක් වුනා. නමුත් සංගීතය, නාට්‍ය ඒ වගේම කුඩා දරුවන් සමග විශේෂ ඇල්මක් ඇතිකරගත් ඇය ස්විට්සර්ලන්තයේදී වැඩිදුර අද්‍යාපනය හදාරා ලන්ඩන් වලට පැමිණියා. Young England Kindergarten හි ගුරුවරියක් ලෙස සේවයට පැමිණි ඇය බ්‍රිතාන්‍යයේ ඔටුන්න හි ඊ කුමාරයා චාල්ස් ගේ නෙත ගැටෙන්නේ එහිදීයි.


චාල්ස් ඩයනා සියවසේ උත්කර්ෂවත්ම මංගල උත්සවය

සියවසේ උත්කර්ෂවත්ම මංගල උත්සවය

චාල්ස් කුමරා ට වඩා 13 වසක් ලා බාල ඩයනා කුමරිය කුඩා කළ සිට ඔහු දැන හඳුනාගෙන සිටියා. ඔවුන් දෙදෙනාගේ විවාහය ලොව පුරා වැඩිම ගණනක් නැරඹු විවාහ උත්සවය වෙනවා.


මතගැටුම් සහ දික්කසාදය

චාල්ස් කුමරා සමග කුඩා විලියම් කුමරු හුරතල් කරමින්

1981 ජුලි 29 වෙනිදා විවාහයෙන් වසරක් ගත වීමටත් පෙර ඇයට පළමු දරුවා ලෙස විලියම් කුමරා උපදිනවා. මාධ්‍ය මගින් ලැබුන දැඩි ජනතා ප්‍රසාදය මැද සමාජ සේවා කටයුතු වලට ඇය වඩ වඩාත් දායක වෙනවා. මත ගැටුම් මැද පවතින විවාහය දස වසරකට පසු වෙන් වීමක් දක්වා වර්ධනය වෙනවා. ඉන් පසු 1996 වසරේදී දික්කසාද වෙන ඇය තම සමාජ සේවා කටයුතු වලට වඩාම කැප වෙනවා.


දරුවන් සහ බිම්බෝම්බ

රෝගී අප්‍රිකන් දරුවෙක් සමග

දික්කසාදයෙන් පසු දරුවෝ දෙන්නා වෙනුවෙන් කැපවෙන ඇයගේ ජනප්‍රිය කම මොහොතකට වත් අඩු වෙන්නේ නැහැ. බිම් බෝම්බ මර්ධනය වෙනුවෙන් සුවිශාල මෙහෙවරකට කැපවෙන ඇය කෝටිපති ව්‍යාපාරික ඩොඩී අල්ෆයිඩ් සමග ප්‍රේම සම්බන්ධතාවයකට පත් වෙනවා.


රිය අනතුර සහ මරණය

එල්ටන් ජෝන් Good Bye England’s Rose ගීතය ගායනා කරමින්

වයස 36 දී ප්‍රංශයේ සිදුවූ රිය අනතුරකින් ඇය සහ ඇගේ පෙම්වතා ජීවිතක්ෂයට පත් වෙනවා. පැරිසියේ රෝහලකදී අවසන් ගමන් යන ඇයගේ දේහය ඇයගේ පවුලේ අල්ත්‍රෝප් වතු යායේ දූපතක තැම්පත් කරනවා. වෙස්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ පැවතෙන අවමගුල් දේව මෙහෙය වෙනුවෙන් ඇගේ මිතුරා වන එල්ටන් ජෝන් “ Good Bye Englad’s Rose” ගීතය ගායනා කරන්නේ සියලු දෙනාම කඳුලේ ගිල්වමින්. ඇගේ අවමගුලත් මිලියන ගනනක ජනතාව ලොව පුරා නරඹනවා.


ඝාතනය කලාද? මිය ගියාද?

ඩයනා කුමරියගේ මිනිබිරිය චාලට් එලිසබෙත් ඩයනා කුමරිය

රියදුරු සහ පැපරාසි වැරදි කරුවන් ලෙස හැඳින්නුව නමුත් බොහෝ කටකතා සහ මත තවමත් ඇගේ මරණය සම්බන්ධයෙන් පැතිරෙනවා. ඇතැමෙක් කියන්නේ මෙය දෙවන එලිසබෙත් රැජිනගේ අනු දැනුම යටතේ සැලසුම් කළ අනතුරක් කියායි. මෙහි බොහෝ සෑක කටයුතු දේ තිබෙනවා.

ඇය ගෙනගිය සමාජ මෙහෙවර තවමත් ඇගේ දරුවන් දෙදෙනා විසින් ඉදිරියටම පවත්වාගෙන යනවා. ඒ වගේම ඇගේ වැඩිමල් පුත් විලියම් කුමරා ඔහුගේ දියණියට Charlotte Elizabeth Diana යනුවෙන් නම් තැබුවා.

අකාලයේ ජීවිත රඟ මඩලින් බැස ගිය ඇය ජනතාවගේ නොමද ආදරයට පත්‍ර වුනේ රාජකීයයෙක් නිසා පමණක් නොවේ. ඇගේ තිබුන උතුම් මානුෂීය ගුණාංග සහ කාරුණිකත්වය ලොව පුරා නොමද ආදරයට ඇය ලක් කිරීමට සමත් වුනා. වාසනාව මෙන්ම අවාසනාව එක විට තුරුළු කරන උපන් ඇය මේ ලොව අතහැර ගියේ තවත් දශක කීපෙකටම ඇගේ නාමය මතක් කිරීමට තරම් සේවයක් ලොවට කිරීමෙන් පසුවයි.

SHARE

NO COMMENTS