බොඩි මසාජ් එහෙම නැත්නම් සම්භාහනයේ ඔබ මවිතයට පත්කරන වාසි 06ක්

01)සම්භාහනය මගින් ඉරුවාරදය අඩුකරන්න පුළුවන්

ඔබ නිරන්තරයෙන්ම ඉරුවාරදයෙන් පිඩා විදින්නෙක්ද? එසේනම් සම්භාහනය සඳහා යොමු වෙන්න. ඕක්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් සොයාගෙන තිබෙන ආකාරයට දැඩි හිසරදයෙන් සහ ඉරුවාරදයෙන් පීඩා විඳින්නන් සති කිහිපයක සම්භාහන ප්‍රතිකාරයකින් පසුව යම්කිසි ආකාරයක සුවයක් ලබා ඇත.


fb- like-beg


02) ව්‍යායාම වලින් ඇතිවෙන ශරීර වේදනාවන් අඩුකිරීමට සම්භාහනය යොදාගන්න පුළුවන්.

පර්යේෂණයක් දක්වන පරිදි සම්භාහන තෙරපිය තුලින් ව්‍යායාම නිසා මාංශ පේශිවල ඇතිවන ඉදිමුම් සහිත වේදනාවන් අඩුකරගත හැකිය. කැනඩාවේ ඔන්ටාරියෝ වල Buck Institute for Research on Aging and McMaster විශ්වවිද්‍යාලය සොයාගෙන ඇති ආකාරයට සම්භාහන තෙරපිය මගින් විශේෂයෙන්ම ව්‍යායාම වලින් පසුව එන ඉදිමුම් සහිත වේදනා වලට ඉතාමත් සුදුසු බව දක්වනවා.


03) සම්භාහනය ඔබේ තරුණ පෙනුම වැඩිකරනවා.

සම්භාහනය මගින් රුධිර සංසරණය උත්තේජනය කරනවා. ඒ නිසා තමයි දිනපතා ඔබේ මුහුණ සම්භාහනය කල විට මුහුණේ දිප්තිමත්භාවය වැඩිවන්නේ වගේම සම නිරෝගී වන්නේ. සම පිලිබඳ විශේෂඥ Kimara Ahnert දක්වන්නේ සම්භාහනය මගින් සමේ එල්ලා වැටීම අවම කරන බවත් සිරුරේ වසවාහි පද්ධතියේ ක්‍රියාකාරිත්වය ක්‍රමවත් කරමින් අදුරු පැහැ සම ප්‍රබෝධමත් කරන බවත්ය.


04) සම්භාහනය පුර්ව ඔපස් වීමේ වේදනාවන් අවම කරනවා.

සම්භාහනය මගින් ක්ලාන්ත ගතිය, ඉදිමුම්, හිසරදය, බර වැඩිවීම සහ මාසික ඔපස් වීම අතරතුර ඇතිවන අනෙකුත් සියලුම රෝග ලක්ෂණයන්ට ප්‍රතිකාරයකි. එසේම Touch Research Institute and University of Medical Schoolහි අධ්‍යයනයකට අනුව දිනපතා සම්භාහනය කිරීමෙන් අවුරුදු 19ත් 45ත් අතර කාන්තාවන්ගේ පුර්ව ඔපස් වීමේ වේදනා අවම කරන බව සොයාගෙන තිබෙනවා.


05) සම්භාහනය මගින් නිදන්ගත රෝග නිසා ඇතිවන වේදනාවන් අවම කරනවා.

සම්භාහන තෙරපි කිහිපයක් මගින් නිදන්ගත රෝග නිසා ඇතිවන මාංශ පේශීන් වල වේදනාව අවම කරගන්න පුලුවන්. මෙහෙම කියන්නේ ඇමෙරිකානු සම්භාහන සංගමයේ සම්භාහන නිලධාරී Nancy M. Poramboය. මෙයාකාරයේ වේදනාවලින් පිඩිත මගේ සේවාදායකයන් සමග මගේ පෞද්ගලික අත්දැකීම් වලට අනුව නම්, මේ ක්‍රමය ඉතාමත් සාර්ථකයි. තවදුරටත් ඇය කියන්නේ මිනිස්සු පුදුම වෙනවා ඔවුන් මේ විශේෂ සම්භාහන තෙරපි නිසා ලබන සුවය ගැන.


06) සම්භාහනය මගින් පිළිකාවේ අතුරු බලපෑම් වලට ප්‍රතිකාර කරන්න පුළුවන්

බොස්ටෝන් වල පර්යේෂකයන් සොයාගෙන ඇති ආකාරයට පිළිකා රෝගින්ට මෙම සම්භාහන තෙරපි මගින් හොඳ නින්දක් ලබාගත හැකි අතර, ඔවුන්ගේ වේදනාව අඩු කිරීම සඳහාද මුලික වශයෙන් යොදාගත හැකිය.එයට සමානවම 2004 වසරේ නිව්යෝර්ක් හි Sloan-Kettering පිළිකා මධ්‍යස්ථානය සොයාගත් ආකාරයට සම්භාහන තෙරපි මගින් පිළිකා රෝගීන්ගේ වේදනාව, ඔක්කාරය, විඩාව, විශාදය සහ ආතතිය අවම කල හැකිය.

SHARE

NO COMMENTS