නාන් සමග පනීර් චෙට්ටිනාඩ් ගෙදර හදමුද?

න්දියානු පාන් විශේෂයක් වන නාන් අපේ රටෙත් ජනප්‍රිය ආහාරයක්. හරිම රහයි. මේක ගොඩක්ම හරියන්නේ රාත්‍රී ආහාරයට තමයි. සිංගපූරුවේ වසන්ති රන්තිලකා මහත්මියගේ රෙසිපි එකකට අනුව තමයි අපි නාන් එක හදන්නේ. ඒ වගේම නාන් එක්ක නියමෙටම නැගලා යන 100% වෙජිටේරියන් පනීර් චෙට්ටිනාඩ් කරි එක හදන හැටිත් කියල දෙන්නම්. හදලම බලන්නකෝ.


fb- like-beg


නාන්… / ඉන්දියන් ෆ්ලැට් බ්‍රෙඩ්

අවශ්‍ය ද්‍රව්‍ය :

  • පාන් පිටි කෝප්ප තුනයි
  • සීනී තේ හැදි එකයි
  • යීස්ට් තේ හැදි එකයි
  • බෙකින් සෝඩා තේ හැදි එකයි
  • ලුණු තේහැදි එකයි හෝ රස අනුව අඩුවැඩි කරගන්න
  • යෝගට් හෝ මුදවපු කිරි කෝප්පයක්
  • මද රස්නෙ කිරි ටිකක් හෝ වතුර

හදන ක්‍රමය :

හලාගත් පිටි, සීනි, ලුනු, යීස්ට්, බේකින්සෝඩා හොදින් කලවම් කරන්න. ඒකට යෝගට් දාලා කලවම් කරන්න. දැන් මදරස්නෙ කිරි හෝ වතුර හරි එකතුකරලා හොදින් අනාගන්න විනාඩි පහක් වගේ. දැන් සොෆ්ට් ඩෝ එක වහලා පැය දෙකක් වගේ තියන්න. යීස්ට් නිසා පිපෙනවා. දැන් ඩෝ එක දෙගුණයක් වගේ පිපිලා තියෙයි. ඒකෙන් පොඩි බෝල හදා ගන්න තෙල් චුට්ටක් දාලා. ගන්න තැටිය අනුව ලොකුවට පොඩි වට හදාගන්න වෙන්නෙ.

  • පරාටා, තෝසේ හෝ රොටී තැටියක් අඩු ගින්දරින් රත්වෙන්න තියන්න
  • ලෑල්ලක පිටි ඉහලා පොඩි බෝල දික් අතට තුනීකරගන්න.
  • තුනීකරගත් රොටිය මත සුදුලූණු, කොත්තමල්ලි කොල ඉහින්න. බටර් ටික්කුත් ගාන්න
  • දැන් රත්වුන තැටියේ විනාඩියක් දෙකක් රොටිය රත්වෙන්න තියන්න.
  • ඊලගට 200° රත්වූ අවන් එකේ කලින් එකපැත්තක් රත් කර ගත්ත රොටී රත් වෙන්න තියන්න.විනාඩි පහකින් වගේ බටර් සුදුලූනු සුවධයි එක්ක රන්වන්පාටත් එක්ක එද්දි ගන්න
  • අවන් එක ඕනෙම නෑ. ලිපේ තැටියේ දැපැත්ත පුච්චා ගන්නත් පුලුවන්.
  • නැත්නම් කේක් රැක් එකක් හරි වෙනත් ලිප සදහා භාවිතා කරන රැක් එකක් ගෑස්ලිපේ උඩින් තියලා ඒකෙත් දැපැත්ත හරවලා පුච්චාගන්න පුලුවන්.
  • බටර්, කොත්තමල්ලි සුදුළූනු රස අනුව අඩුවැඩි කරගන්න. බටර්නැතිවත් කමක්නෑ.

වැඩිපුර හදලා අධිශීතකරණඑ තියන්න පුලුවන් ටික දවසක්.


පනීර් චෙට්ටිනාඩ්

අවශ්‍ය ද්‍රව්‍ය :

  • ලූනු ගෙඩි 2
  • සුදු ලූනු ගෙඩියක බික්
  • ඉඟුරු තරමක කැබැල්ලක්
  • මහදුරු මේස හැන්දක්
  • සූදුරු තේ හැන්දක්
  • ගම්මිරිස් ඇට මේස හැන්දක්
  • වියලි මිරිස් කරල් 10
  • ගාගත් පොල් කප් 1ක්
  • පනීර් ( මේවට බීන් කර්ඩ් කියනවා) 500g

සාදන ක්‍රමය :

  • ලූනු, සුදු, ඉඟුරු, මහදුරු, සූදුරු, ගම්මිරිස්, මිරිස් කරල්, පොල් ටිකගෙන මේ සියල්ල පේස්ට් එකක් ලෙස අඹරාගන්න.
  • පනීර් සෝදා තරමක කෑලි වලට කපා සාදාගත් පේස්ට් එක දමා අතගා පැය බාගයක් පමණ ශීතකරණයක තබන්න.
  • ගී හෝ තෙල් මේස හැඳි 3ක් රත් වෙන්න තබා එයට කුරුඳු පොතු තරමක කැබැල්ලක්, සූදුරු මේස හැන්දක්, කරදමුංගු, කරාබු නැටි 7-8ක් දමා බැදෙන්න අරින්න.
  • එයට චොප් කරගත් ලූනු ගෙඩියක්, කරපිංචා කොල ටිකක් දමා ලූනු රන්වන් පාට වන තෙක් බැදගෙන එයට චොප් කරගත් තක්කලි ගෙඩියක් දමා ටික වේලාවක් තෙම්පරාදු කරගන්න.
  • පසුව එයට පනීර් කැබලි ටික සහ කහ තේ හැඳි බාගයක් එක් කර මද ගින්නේ විනාඩි 10ක් පමණ තෙම්පරාදු කරගන්න.
  • වතුර කප් බාගයක් පමණ සහ රස අනුව ලුණු එක් කර ලිපේ ගින්දර අඩු කර හිඳෙන තුරු තබා අවසානයට කොත්තමල්ලි කොළ අහුරක් කුඩාවට කපා එක් කරගන්න. හොදි ගතියට අවශ්‍ය නම් වතුර ටිකක් වැඩියෙන් දාගෙන අවශ්‍ය ප්‍රමාණයට හින්ද ගන්න.
SHARE

NO COMMENTS