රෙදි පිරිසිඳු කිරීමේදී සැලකිලිමත් විය යුතු දේවල් 5 ක්

ද අපි කථාකරන්නේ රෙදි හෝදන එක ගැන. මේ තියෙන්නේ හෝටල් වල රෙදි හෝදන අය හොද සේදුමක් සඳහා භාවිත කරන රෙදි සේදීමේ ක්‍රම 05ක්


fb- like-beg


01) රෙදි සෝදන යන්ත්‍රයට රෙදි පිරවීම

හරි ක්‍රමය තමයි රෙදි සෝදන යන්ත්‍රයේ සම්පුර්ණ ධාරිතාවයෙන් 80%ක් පමණක් රෙදි පිරවීම. ඕනෑවට වඩා රෙදි පිරෙව්වොත් රෙදි ටික හරියට හෝදගන්න බැරිවෙනවා. අනිත් අතට රෙදි කිහිපයක් විතරක් දැම්මොත් ඒවාට හානි වෙන්න පුළුවන්.


02) වතුරේ උෂ්ණත්වය

රෙදි වලට හානි නොවන සහ කුණු ඉවත් කරන්න සුදුසුම වතුර උෂ්ණත්වය විදියට සලකන්නේ ෆැරන්හයිට් 104-140 වෙනකම් උෂ්ණත්වයයි. සිතල වතුරෙන් රෙදි සේදුවට එමගින් බැක්ටීරියා හෝ ඇඳ රෙදි හරි තුවාවල හරි තියන දුවිලි අංශු ඉවත්වෙන්නේ නෑ. ඒ වගේම උණු ජලයෙන් රෙදි වල වර්ණයට හානි සිදු වෙන්න පුළුවන් කියන එකත් මතක තියාගන්න ඕනේ.


03) සේදීම් ආධාරක

රෙදි සේදුම් කුඩු සහ විවිධ රසායන කාලයකදී රෙදි තද ස්වභාවයකට පත් කරනවා. මේ ප්‍රශ්නෙන් ගැලවෙන්න හෝටල් වල වැඩකරන අය කරන්නේ සුදු විනාකිරි හැඳි 03ක් විතර රෙදි හෝදනවිට එකතු කිරීමයි. එමගින් රෙදි වල මෘදුභවය ඇතිකරනවා වගේම අවශේෂ සේදුම් කුඩු අංශුත් ඉවත් කරනවා.


04) පැල්ලම් ඉවත්කිරීම

  • අළුත් තෙල් පැල්ලම් ඉවත් කරන්න නම් ඒවාට රසකාරක හරි කැඳ හරි ඉහින්න. ඊට පස්සේ සෝදාහරින්න.
  • තක්කාලි යුෂ හෝ සෝස් පැල්ලම් ලේසියෙන්ම ඉවත් කරන්න පුළුවන් WD-40 බින්දු කිහිපයකින්. පැල්ලම් සහිත ස්ථාන වලට  බින්දු කිහිපයක් ඉස විනාඩි 10ක් තබා සිතල වතුරෙන් සෝදාහරින්න.
  • සුදු රෙදි වලින් දහදිය පැල්ලම් ඉවත්කරන්න නම් මුලින්ම ඕනෑම සේදුම් කාරකයක් සමඟ ෆැරන්හයිට් 104 උශ්නත්වය යටතේ සෝදලා පසුව නැවත වරක් බ්ලිචින්ග් යොදා සෝදන්න.
  • කෝපි හරි වයින් පැල්ලම් ඉවත් කරන්න රෙදි ලුණු වතුරේ පැයක් පමණ  පොඟවා තබා සෝදාහරින්න.
  • සුදු රෙදි වල ඇති කහට පැල්ලම් සහ දුර්ගන්ධය ඉවත් කරන්න බේකින් සෝඩා වලින් පුළුවන්. කෝප්පයකින් අඩක් පමණ බෙකින් සෝඩා අරගෙන සේදුම් කුඩු හරි සබන් සමග හරි මිශ්‍ර කරන්න. උණු වතුරින් සෝදාහරින්න.

05) වියලීම

ප්‍රවීනයන් නිර්දේෂකරන්නේ තෙත රෙදි එලි පහලියේ හිරු එලියට නිරාවරණය කොට වේලන්න කියලයි. ඔබ වියලනය භාවිත කරනවා නම් ටෙනිස් බෝලයක් ඒ තුලට දමන්න. එමගින් ඔබේ තුවා මෘදු සහ පිරුණු ස්වභාවයක් ගනීවි.

SHARE

NO COMMENTS