සතුට තියෙන්නේ ඔබ තුළමයි

“සන්තෝෂය ඔබ අනාගතය සඳහා කල් දැමූ දෙයක් නොව, වර්තමානය සඳහා ඔබ නිර්මාණය කරන දෙයක්.” මෙහෙම කියන්නේ ජිම් රොන්. කතාව ඇත්ත නේද? අද සතුටින් ජිවත් නොවී හෙට සතුටින් ඉන්න පුලුවන්ද?

සතුටින් ජිවත් වෙන්න අමුතුවෙන්ම කරුණු සෙවීමට අවශ්‍ය නෑ.. සතුට ඇත්තෙන්ම රදා පවතින්නේ තමන් තුලමයි. වැදගත් වෙන්නේ ඒක හොයාගන්න එකයි.

ජිවිතේ සිදුවන හැම දෙයක්ම සතුටට හේතුවන දේවල්ම නෙවෙයි. සමහර වෙලාවට සිද්ධවෙන්නේ අපි හීනෙන්වත් නොසිතු දේවල්. සතුටින් සිටීමට ලොකු ලොකු කරුණු හොයන්න ගියොත් අපි එතනම අසාර්ථකයි. පුංචි කරුණකින් සතුටු වෙන්න පුළුවන් නම් ඔබට පුළුවනි හැමදාමත් සතුටින් ඉන්න.


fb- like-beg


එදිනෙදා ජීවිතයේ සතුට සඳහා ඉඟි :

1) ඔබ දේවල් දෙස බලන ආකාරය වෙනස් කිරීමට උත්සාහ කරන්න. සැමවිටම දීප්තිමත් පැත්ත දෙස බලන්න. නරකට සිද්ධවෙන දේවල් තුලත් පුංචිම හොඳක් හරි ඇති. ඒක හොයාගන්න.

2) සින්දුවක් අහන්න, පොතක් කියවන්න. සංගීතය කියන්නේ හිත නිවන කලාවන්ගෙන් ඉහලින්ම තියන දෙයක්. ඔබේ මුඩ් එක හරි නැත්තනම් ඔබ කැමති විදියේ සින්දුවක් අහන්න. ටික වෙලාවකට ඔබේ ප්‍රශ්න අමතක කරන්න.. පොතක් කියන්නේ ඔබේ ප්‍රශ්න වලින් ටික වෙලාවකට හරි නිදහසක් ලබා දෙන්න පුළුවන් හොඳම මිතුරෙක්

3) ඔබ කරපු හොඳ දේවල් ගැන හිතන්න. ජිවිතේ වරදිනවා තමයි. ඒක සාමාන්‍ය දෙයක්. එහෙම වුන කියල ජිවිතේ එතනින් නතරවෙන්නේ නෑ. ඔබ දුකින් ඉන්න වෙලාවට ඔබ කරපු හොඳ දේවල් ගැන හිතන්න. ඒ තරම් සැනසීමක් තවත් නෑ.

4) හැම දවසකම අනිත් අයව සතුටු කරන්න එක දෙයක් කරන්න. මෙය ඔබේ කාරුණික වචනයක් වෙන්න පුළුවන්, යහළුවෙක්ට උදව්වක් කිරීම වෙන්න පුළුවන්, ඔබ තව කෙනෙක්ව සතුටට පත් කරද්දී එයම ඔබට සතුටු වීමට කාරණයක් වෙයි. ඒත් මතක තියාගන්න හැමකෙනාවම සතුටු කරන්න බෑ කියන එකත්.

5) ඊර්ෂ්‍යාව අතහරින්න. කොයිතරම් ඒකට හිටියත් අනිත් අයගේ දියුණුවට ඊර්ෂ්‍යා කරනවා නම් ඔබ හැමදාමත් අසතුටෙන්. අනුන්ගේ දියුණුව බලලා සතුටු වෙන්න. ඔවුන්ට සුබ පතන්න.

6) ඔබ කරන කාර්යය උපරිමයෙන් කරන්න. හිතන්න ඔබ කුමකට හෝ හිත රිදවාගෙන සිටිනවා කියල. මොකක්ම හරි වැඩක් කරන්න. කරන වැඩේ පුළුවන් උපරිමයෙන් කරන්න. ඔබ කරපු කාර්යෙන් ඔබට හොඳ ප්‍රතිපල ලැබෙද්දී ඔබට සතුටු වීමට තවත් හේතු අනවශ්‍ය වෙයි.

7) ඔබව සතුටින් තියන අයව ඇසුරු කරන්න. සමහර වෙලාවට ඔබට ජිවිතේ හමුවෙන අය ඔබව දුකට පත්කරනවා විතරක්ම වෙන්න ඇති. එහෙම අයගෙන් ඈත්වෙන්න. ඔබව සතුටින් තියන අයව ජීවිතේට ලන් කරගන්න. මේක වැරද්දක් නෙවේ. ජිවත් වන්නන් වාලේ ජිවත් වෙනවට වැඩ සතුටින් ජිවත් වෙන එකම එක දවසත් වටිනවා.

SHARE

NO COMMENTS