උසින් අඩු ගැහැණු ළමයින්ට ගැලපෙන විලාසිතා

ලංකාවේ ගැහැණු ළමයි තරමක් උසින් අඩුයි. හොඳට පිරිලා ඉන්නේ. එය ඉතාම ලස්සනයි. අන්න ඒ වගේ හැඩයක් නම් ඔබටත් තියෙන්නේ මේ විදිහට අඳින්න පළඳින්න ඕනේ. එතකොට ගොඩක් ලස්සනට තියේවි.


fb- like-beg


1) ශර්ට් එක යට කරලා අඳින්න.

ඔබ උසින් අඩුයි නම් ඔබේ ෂර්ට් එක දිගින් වැඩියි නම් එයින් ඔබේ උස තවත් අඩු කරලා පෙනේවි. ඒකට තියන හොඳම පිළියම තමයි ෂර්ට් එක ඔබේ සායට හෝ කලිසමට යට කරලා අඳින්න. එහෙම කරද්දී එය ඔබේ සායේ හෝ කලිසමේ සිපර් එක වැහෙන්නේ නැතුව තියෙන්නත් වගබලාගන්න.


2) කලිසම දිගින් වැඩිද ? කලිසම යටින් නවනවා නම් මේක වැදගත්.

ඔබ කලිසම අඳින්නේ යටින් නවල නම් එයින් ඔබේ උස අඩු බව තවත් හොඳින් පෙනෙනවා. ඒ නිසා ඔබ ෂර්ට් එක යට කරලා ඇන්දම ඔබව ස්වාභාවිකවම ටිකක් උසට පෙනේවි. ඒ වගේම ඔබ ඉනේ ප්‍රමාණයට වඩා ලොකු කලිසමක් නම් අඳින්නේ එකත් එක්ක ඇඟේ ගානටම තියන යට කරපු ෂර්ට් එක නියමටම ගැලපේවි.


3) අසමමිතික ඇඳුමක් එක්ක අඩිය උස සෙරෙප්පු

අඩි උස සෙරෙප්පු පළදින්න කියන එක නම් සාදාරන නෑ, මොකද ඒක හරිම කරදරයක්. ඒ වුණත් ඔබ අඳින්නේ අසමමිතික ඇඳුමක් නම් ඒ කියන්නේ පැත්තකින් දිග තවත් පැත්තකින් කොට ඇඳුමක් නම් ඒකත් එක්ක අඩි උස සෙරෙප්පු දෙකක් පැළදීම ඔබව තරමක් උසට පෙන්වාවි.


4) බෙල්ට් එකක් දැම්මොත් තවත් හොඳයි.

ඔබේ ගවුම මුට්ටු සහිත එකක් නම් බෙල්ට් එකක් පාවිච්චි කරන්න. එමගින් ඔබේ ශරීරයේ ස්වභාවික බෙදීම් හොඳින් පෙනෙන නිසා ඔබේ දෙපා ටිකක් දිගින් වැඩි වෙලා පෙනෙයි.


5) ඔබේ ඉන පෙදෙසින් හිරවෙලා තියෙන ගවුමක් හරි සායක් හරි අඳින්න.

බොහෝ ඇය කැමැතියි ටිකක් සැහැල්ලු ඇඳුම් අඳින්න තමයි ඒ උනාට එක එච්චරටම සුදුසු දෙයක් නෙවෙයි. ඔබේ ඉන පෙදෙසින් හිරවෙලා හිටින ගවුමක් හරි සායක් හරි ඇන්දොත් ඔබව උසට පෙනෙනවා. මේක නම් ඇත්තටම ප්‍රතිපල තියන ක්‍රමයක්.


6) ඔබේ උසට වඩා වැඩි කලිසම් එපා

හිතන්න ඔබේ කලිසමෙන් ඔබේ කකුල් දෙක සම්පුර්ණයෙන්ම වැහෙනවා නම් එකෙන් ඔබව ඉන්නවාටත් වඩා උසින් අඩුව පෙන්නාවි. ඒ නිසා ඔබේ විලුඹ පෙනෙන තරමට කලිසමට හදාගන්න.


7) ඔබේ කලිසම ඔබේ විලුඹ තෙක් නම් පටි සහිත සෙරෙප්පු එපා.

ඔබ කැමති ඇති පටි සහිත සෙරෙප්පු පළදින්න. එක ලස්සනයි තමයි. ඒ වුනාට ඒ වගේ සෙරෙප්පු වලින් ඔබේ කලිසම සහ සෙරෙප්පුව අතර හිඩැසක් පේන්නේ නැති නිසා ඔබේ උස අඩුවට තමයි පේන්නේ.


8) ඔබේ ඇඳුම ඔබේ ශරීර ප්‍රමාණයට ඔබම හදාගන්න

හිතන්න ඔබේ ෂර්ට් එකේ කර තරමක් පහත් නම්. එක ඔබේ ගානට හදාගන්න.එකෙන් ඔබව කෙට්ටු කරලා පෙන්නනවා වගේම ඔබ මුහුණ පාන අපහසුතාවලින්ද ඔබට බේරෙන්න පුළුවන්.


9) ෂර්ට් එකට බ්ලෙසර් එකක් පාවිච්චි කරන්න.

ඔබ අඳින්නේ තරමක් ලොකු ෂර්ට් එකක් නම් ඒකෙන් ඔබේ උරහිස් තිබෙන ප්‍රමාණයට වඩා ලොකුවට පෙනෙනවා. මේ ප්‍රශ්නේ විසඳගන්න පුළුවන් ෂර්ට් එකට උඩින් බ්ලෙසර් එකක් යොදාගන්න.


10) වවුලෙක් වගේ ඇඳුම් අඳින්න එපා.

ඔබ දැකලා ඇති වවුලෙක්ගේ හැඩේට තියන ඇඳුම්. ඔබේ උස මහත කුමක් වුවත් ඒ වගේ ඇඳුමක් ඇන්දම ඔබව පේන්නේ හිරවෙලා වගේ. ඒ නිසා අත් දිගට අඳින්න.


11) අත් දිගට අඳිනවා නම් හැමවෙලේම අත් නවන්න.

ඔබ උසින් අඩුයි නම් අත් දිග ෂර්ට් ඔබව තවත් මහතට පෙන්නාවි. ඒ නිසා අත් නවන්න. අළුත් විලාසිතාවක් එක්කම එය ඔබේ උසත් වැඩිකරලා පෙන්නයි.

SHARE

NO COMMENTS