ඔබේ සිරුරේ හැඩය අවලස්සනට පෙන්වන ඇඳුම් – 1

ඳුමක් මඟින් ඔබේ සිරුරේ අවලස්සන අඩුපාඩු නැති කරමින් ඔබව ඉතාමත් ලස්සනට විදහා දැක්විය හැකි අතරම එය අවලස්සන කල හැකි බවත් ඔබ දන්නවාද? ඔබ ඇඳුමක් අඳින්න කැමති ඔබව ලස්සනට හැඩකාර ලෙස පෙන්වීමට විතරක් බව නම් පැහැදිලිවම කියන්න පුළුවන්. අද අපි කතා කරමු නොදැනුවත්කමින් ඇඳලා ශරීරයේ හැඩය නැතිකරන ඇඳුම් මොනවද කියල?


fb- like-beg


1) කොට ලිහිල් කලිසම

කොට ලිහිල් කලිසම් මඟින් ඔබේ කකුල් උසින් අඩුවයි පෙන්වන්නේ. එයට අමතරව කොට ලිහිල් කලිසම් මඟින් ඔබේ ඇඟේ හැඩය ත්‍රිකෝණාකාර ලෙස පෙන්වන නිසා ඔබේ ශරීරයේ ස්වාභාවික හැඩය නැතිකරනවා. ඔබට මෙයාකාරයේ කලිසමක් ඇඳීමට අවශ්‍ය නම් ඔබේ විලුඹ හොඳින් පෙනෙන කලිසමක් තෝරාගන්න එයින් ඔබේ උස වැඩිකොට පෙන්වනවා ඇති.


2) බෑග් එකක් වගේ ඇඳුම්

මේවගේ ඇඳුම් අන්දම කොහොමටවත් ඔබේ ඇඟේ හැඩයක් පෙනෙන්නේ නෑනේ. මෙවැනි ඇඳුම් මඟින් ඔබේ ඇගේ සිහින් හැඩය නැතිකරන්න පුළුවන්. ඔබ තරමක් මහතයි නම් ඔබේ මහත මෙවැනි ඇඳුම් වලින් වැඩි කොට පෙන්නනවා. හොඳම දේ ඔබේ ඉන ලඟින් සිහින් වී ඇති ඇඳුම් වලට යොමු වීම එමගින් ඔබේ ඇඟේ හැඩය හොඳින් පෙන්නුම් කරන අතර ඔබට හුරතල් පෙනුමක්ද ලබාදෙයි.


3) කොට ශර්ට් හෝ ට් ෂර්ට්

දැන් නම් මේ විදියේ ඇඳුම් ට්‍රෙන්ඩ් එක වුනාට මේවගේ කොට ෂර්ට් හෝ ට් ෂර්ට් බලාපොරොත්තුවෙන ලස්සනටම පෙනෙන්නේ ජායාරුප වල විතරයි. මේ වගේ ඇඳුම් වලින් ඔබේ බඩ හොඳින් පෙනෙනවා. හිතන්න ඔබ සතුව තියෙන්නේ විශාල ඉදිරියට නෙරා ආ බඩක් නම් මේ වගේ ඇඳුමකින් ඔබේ බඩ පෙනෙන නිසා අවලස්සනටත් ඔබව අපහසුතාවයටත් පත්වෙන්න පුළුවන්. සාමන්‍යයෙන් ඇඳුමකින් පුළුවන් අපේ ඇඟේ අවලස්සන් තැන ආවරණය කරන්න. මේකෙදි වෙන්නේ එකේ අනිත් පැත්ත.


4) ඉරි වැටුණු කලිසම්

ඉරි වැටුණු ඇඳුම් මගින් ඔබේ ශරීරයේ පළල වැඩි කොට පෙන්න්වනවා. ඔබ ඕනෑවටත් වඩා කෙට්ටු නම් ඔබට මේ ආකාරයේ ඇඳුම් ගැලපෙනවා.. ඒ වුනාට සාමාන්‍යයෙන් මේ වගේ ඉරි වැටුණු ඇඳුමක් ඇන්දම සමුහයක් තුල ඔබව වෙනමම පෙනෙන්න පටන් ගන්නවා. ඔබ ටිකක් මහතයි නම් මේ වගේ ඉරි වැටුණු ඇඳුම් වලින් ඈත්වෙලා ඉන්න එක තමයි නුවනක්කරකම. එයින් ඔබේ මහත දෙගුණ කොට පෙන්වනවා.


5) දිලිසෙන ඇඳුම්

ඔබ දන්නවාද දිලිසෙන ඇඳුම් මඟින් ඔබේ ශරීරයේ හැඩය සම්පුර්ණයෙන්ම වෙනස් කරන බව. ඔබේ ඇඳුම ඕනවට වඩා දිලිසෙනවා නම් එය ඔබ දිහා බලන කෙනාටත් අපහසුයි. ඊට අමතරව ඔබව කාටුන් එකක් වගේ දිස්වේවි.


6) විශාල මුද්‍රණ සහිත ඇඳුම්

විශාල මුද්‍රන සහිත කලිසම් වල අමුතු ලස්සනක් තිබුනත් හොඳම දේ තමයි එවැනි ඇඳුම් වලින් ඈත්වෙන එක. ඒවා මගින් ඔබේ කකුල් විශාල කර සහ උසින් අඩුකර පෙන්වනවා. පුළුවන් තරම් තනි වර්ණයක කලිසම් තෝරාගන්න. එයින් ඔබේ දෙපා සිහින්ව සහ දිගටිව පෙන්වනවා.


මෙම ලිපියේ දෙවන කොටස සදහා :

ඔබේ සිරුරේ හැඩය අවලස්සනට පෙන්වන ඇඳුම් – කොටස 2

SHARE

NO COMMENTS