ලෙඩ නොවී මහත් වෙන්නේ කොහොමද?

සාමාන්‍යයෙන් බොහොමයක්ම උපදෙස් තියෙන්නේ කෙට්ටු විමට වුනත් අධිකව කෙට්ටු අයට මහත් වෙන්නත් ඕනේ තරම් ක්‍රම තියනවා. ඒ වුනාට ඒ ගැන අපේ දැනුවත් භාවය ඉතාමත්ම අඩුයි. අද කතා කරන්න සුදානම අතුරු ආභාධ නැතුව මහත් වෙන්නේ කොහොමද කියලා.


fb- like-beg


1) හැමදේටම කලින් වෛද්‍ය උපදෙස්

කෙට්ටු ඔබ මේ වනතුරු අනුගමනය කරපු දෛනික ක්‍රියාපටිපාටිය වෙනස් කරන්න කලින් වෛද්‍යවරයෙක් මුණගැහෙන එක හැමදේටම හොඳයි. අධි රුදිර පීඩනය කොලෙස්ටරෝල් වගේ ප්‍රශ්න ඔබට තියනවා නම් ඔබේ දෛනික ක්‍රියාවලි වෙනස් කරන්න කලින් අනිවාර්යෙන්ම වෛද්‍ය උපදෙස් පතන්න.


2) අරමුණක් හදාගන්න

මොන දේ කරන්න ගියත් අපිට අරමුණක් තියෙන්න ඕනේ. කවදද ආරම්භ කරන්නේ? කොයි තරම් බර වැඩි කරගන්නවද? වගේ කරුණු ඇතුලත් කරලා ඔබට මහත්වීමේ සැලසුමක් හදාගන්න. ඔබේ අරමුණට ලඟාවෙන්න එය පහසුවක් වේවි.


3) ගමන හෙමින්

හදිස්සියට කරන ගොඩක් වැඩ වරදිනවනේ. මේ වගේ තමන්ගේ ශරීරයටම බලපාන දෙයක් කරද්දී එක කලබලේට කරලා බැ. හොඳ පරිස්සමට පිළිවෙලකට තමයි කරන්න ඕනේ.


මහත් වීමේදී ලොකුම කාර්යබාරයක් ඉෂ්ට කරන්නේ ඔබේ ආහාර වේලයි.

මහත් වෙන්න ඕනේ නම් මේ විදියට ආහාර අරගෙන බලන්න.


1) අසන්තෘප්ත මේදය සහිත ආහාර වැඩිපුර ගන්න.

මහත් වෙන්න නම් මේදය අවශ්‍යයමයි. ඒ වුනාට හැම මේද වර්ගයක්ම එක හා සමාන නොවේ. අසන්තෘප්ත මේදය මඟින් ශරීර ප්‍රමාණය වැඩිකරගන්න උදව් කරන අතරම හදවත ආශ්‍රිත රෝගවලින් ඔබව බේරාගන්නවා. රටකජු, සැමන් මාළු, අලිපේර වැනි ආහාර මේ අසන්තෘප්ත මේදයෙන් පරිපුර්නයි.


2) සම්පුර්ණ යොදය සහිත කිරි ආහාර වැඩිපුර ගන්න

කිරි ආහාර ඔබේ ආහාර වේලට එක් කරගැනීම ඉතාමත් වැදගත් වන්නේ එහි විටමින් වර්ග සහ කැල්සියම් අඩංගු බැවිනි. බොහොම කිරි සහිත ආහාර පවතින්නේ යොදය රහිතවයි. නමුත් ඔබට මහත්වීමට අවශ්‍යය නම් ඔබ ගත යුත්තේ සම්පුර්ණ යොදය සහිත කිරි ආහාර වර්ගය. අධික සිනි සහිත බිම වර්ග වලට වඩා සම්පුර්ණ යොදය සහිත කිරි වීදුරුවක් හම අතින්ම සෞඛ්‍ය සම්පන්නය.


3) මාංශ වර්ග ගන්නේ පරිස්සමින්

මාංශ වර්ග වකින් ලැබෙන ප්‍රෝටීන් වර්ග සහ මේදය මහත්වීමට බලපානවා. රතු පති මාංශ තමා වැඩියෙන්ම මේ සඳහා හොඳ. ඒ වුනත් ඕනවට වඩා මාංශ වර්ග ගැනීමෙ විවිධ රෝග වලට මුලික වෙන්නත් පුළුවන්. සතියකට 3වරක් හෝ 5 වරක් මාංශ ආහාරයට ගැනීම ප්‍රශ්නයක් නැත.


4) කැලරි බහුල ආහාර වැඩිපුර ගන්න

ඔබ සාමාන්‍යයෙන් ගන්නා ආහාර වේලටම කැලරි බහුල ආහාරයක් දෙකක් එකතුකරගන්න. උදාහරණ විදියට සැලඩ් ඒකට බිත්තර එකතුකරන්න, සැන්ඩ්විච් වලට චීස් එකතු කරන්න, මස් කරියට සෝස් වර්ග එකතු කරගන්න


5) සිනි අධික ආහාර වලින් වලකින්න

මහත් වෙන්න ඕනේ නිසවටම අධික සිනි අරගෙන පසුවට පසු තැවෙන්න ඕනේ නැති නිසා ආහාර ගැනීමේදී දෙවතාවක් හිතන්න. ක්ෂණික ආහාර වලින් ඔබේ මහත් වුනත් එත් එක්කම් රෝග ගණනාවකුත් ලැබෙනවා කියලත් මතක තියාගන්න. අධික සිනි අධික මේදය නිසා දියවැඩියාව, හදවත් රෝග, හොමොර්න ගැටළු වැනි රෝග ඇතිවිය හැකිය.


6) නින්දට යාමට සුළු මොහොතකට පෙර ආහාර ගන්න.

නින්දේදී ශරීරයෙන් කැලරි වැය වන්නේ අඩුවෙන්. එම නිසා නින්දට පෙර ඔබ ගන්න ආහාර බොහෝ වෙලාවට මේදය ලෙස තැම්පත් වේ.


7) කෑමට මිනිත්තු 30කට පෙර සිට ජලය පානය නතර කරන්න.

ඕනවට වඩා ජලය පානය කිරීම ඔබේ කුසගින්න නැතිකරයි. කුස ජලයෙන්ම පිරි ඇති නිසා ආහාර ගැනීමට ඉඩක් නැතිවෙයි. එම නිසා කෑමට පෙර හෝ කෑම අතරතුර ජලය පානයෙන් වලකින්න. එයින් ඔබට වැඩිපුර ආහාර ගැනීමට හැකිවේවි.

SHARE

NO COMMENTS