ඔබේ මංගල සාරිය තේරීමේදී මේ කරුණු ගැනත් හිතන්න

විවාහය කියන්නේ සෑම තරුනියකගේම ලස්සනම හිනයක්නේ. ඉතින් එ දවසට ඔබ අඳින පළදින දේවල් අනුවත් දවස විශේෂ වෙනවා. ආවාට ගියාට මංගල ඇදුම තෝරන්න බෑ. හොඳට හිතලා බලලා තමන්ට ගැලපෙන විදියට් තමයි මංගල ඇඳුම තෝරාගත් යුත්තේ. අද අපි කතා කරමු මංගල ඇඳුම තෝරාගැනීමේදී යුවතියක් සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද කියල?


fb- like-beg


මිල

ඔක්කොටම කලින් ඕනෙම දෙයක් මිලදී ගන්න පෙර එම මුදල තමන්ට දැරිය හැකිද කියල හිතල බලන්න. මංගල සාරිය වුනත් එහෙමම තමය. මංගල සාරිය මිලට ගැනීමට පෙර තමාට ඒ සඳහා වියදම් කළහැකි මුදල මුලින්ම තීරණය කල යුතුයි. මනාලිය අනිවාර්යයෙන්ම සිය මංගල දිනයට ඉතාමත් වටිනා, මිලෙන් අධික සාරියක් තොරා ගත යුතුයි පැළඳිය යුතුයි කියල නියමයක් නෑ. මංගල සාරිය විවිධ මිල ගණන් යටතේ විවිධ වර්ග වලින් තිබෙනවා. ඔබේ කැමැත්තට අනුව ඔබට වියදම් කල හැකි තත්වයට ගැලපෙන මංගල සාරියක් තෝරාගන්න.


ක්‍රමය

ඔබ සැරසෙන්නේ උඩරට ක්‍රමයටද පහතරට ක්‍රමයටද යන්න මුලින්ම තීරණය කරගන්න. උඩරට ක්‍රමයට ඔබ අඳිනවා නම් ඔබ ඔසරිය ඇඳිය යුතුයි. ඔබට ඔසරිය ඇඳීම තරමක් අපහසුයි වගේනම් කලින්ම ඔබේ ඔසරිය කපා මසාගන්න. ඔබ අඳින්නේ පහතරට ක්‍රමයට නම් සාරියක් අඳින එක තමයි ක්‍රමය. සාරිය නම් ආවාට ගියාට තෝරාගන්න බෑ. සමහර සාරි තිබෙනවා අඳින්න පුළුවන් වන්නේ ඔසරිය විතරයි. ඒ නිසා සාරියක් තෝරාගැනීමේදී ඒ දේවල් ගැනත් සැලකිලිමත් වෙන්න.


සිරුරේ හැඩය

ඔබ සාරියක් තෝරාගැනීමේදී ඔබේ ශරීරයේ හැඩය ගැනත් හිතන්න වෙනවා. ඔබ තරමක් මහත කෙනෙක් නම් ඔබේ සිරුර තවත් පළල කර පෙන්වන සාරියක් නම් ගැලපෙන්නේ නෑ. පිම්බි ඇති සාරියක් නෙවෙයි ඔබට ගැලපෙන්නේ ඇඟටම ඇලී ඇති කඩා හැලෙන සාරියක්. ක්‍රේප් සිල්ක් සාරි හෝ ළගින් ළඟින් මෝස්‌තර වැටී ඇති ලේස් සාරි වුවත් මහත සිරුරක් ඇති අයට ලස්සන පෙනුමක් ගෙන එනවා.

ඔබ කෙට්ටුයි නම් ඔබව තරමක් මහත් කර පෙන්වන සාරියක් තමයි ගැලපෙන්නේ. පල්ලුවේ බෝර්ඩරය උකුලේ පළල පෙනෙන ආකාරයට තිබුණහොත් සිරුරේ පළල වැඩිවෙලා තමයි දිස්වෙන්නේ. පල්ලුව පටුවට පෙනෙන පොටට සහ නෙරියට කුඩා බෝර්ඩරයක් තිබෙන සාරි තරමක් මහත අයට ගැලපෙනවා.

සිහින් සිරුරක් ඇති කෙනෙක්ට නම් සාරියේ රැලි තරමක් වැඩිපුර යෙදුවාම ලස්සනයි. රැලි තරමක් විශාලව පළලට සැකසීමෙන් සිහින් කෙනෙක්ට තරමක් පිරුණු මහත පෙනුමක් ලබාගන්න පුළුවන්.


සිරුරේ වර්ණය

වර්ණය කියන්නේ නම් සාරියක් නෙවේ මොන ඇඳුම තෝරාගන්න ගියත් විශේෂයෙන්ම සලකා බලන්න ඕනේ දෙයක්. සාරිය කොයිතරම් ලස්සන් වුනත් සාරියේ වර්ණය ඔබේ සිරුරට ගැලපෙන්නේ නැත්නම් ඔබව අවලස්සනට පෙනෙනවා මිසක් සාරිය ලස්සනට පෙනෙන්නේ නෑ. ඕනාවට වඩා දීප්තියෙන් වැඩි වර්ණයෙන් යුතු සාරි මගින් ඔබ දිහා බලන අයව අපහසුතාවයට පත්කරනවා වගේම ඔබට වඩා ඔබේ සාරිය උලුප්පවා දක්වනවා..


ආභරණ

සාරියේ පැහැය ගැන හිතද්දී පළඳින ආභරණ ගැනත් හිතන්න ඕනේ. උඩරට මනාලිය නම් පළඳින්නේ සාමාන්‍යයෙන් රත්‍රන් ආභරණ නිසා මංගල සාරිය තේරීමේදී ඒ ගැන සැලකිලිමත් විය යුතුයි. සාරිය සහ ආභරණ යන ද්විත්වයම බෙහෙවින් දීප්තිමත් වීම සුදුසු නෑ. හැමදේම සමබරව ගලපගන්න උත්සහ කරන්න. ඔබ තරමක් වර්ණයෙන් අඩුයි නම් ඔබේ පැහැයට වඩා ගොඩක් ලා පැහැයක් තෝරාගත්තොත් ඔබව අවලස්සනට තමයි පෙන්වන්නේ. ඒ වගේ වේලාවට ඔබේ සමේ පැහැයට ආසන්න දීප්තිමත් වර්ණයක් තමයි තෝරාගත යුත්තේ. සමහර වෙලවට වර්ණ කිහිපයක් එකතු කරමින් ඔබටම නව වර්ණයක සාරියක් නිර්මාණය කරගන්න පුළුවන්. සමහර වෙලාවට විනිවිද පෙනෙන සාරියක් අරගෙන එහි යට පොටට වෙනත් වර්ණයක රෙදී තබා නව වර්ණයක් සකසා ගන්න පුළුවන්. උදාහරණයක් විදියට ඔෆ් වයිට් සාරියක් යටින් බේජ් පාටත්, ක්‍රීම් පැහැති සාරියකට බිස්කට් පැහැති වර්ණයත් එක් කර ගැනීමෙන් තමන්ගේ සමට ගැළපෙන ආකාරයට සාරියේ පැහැය සකස් කරගත හැකියි.

අඳින සාරිය අනුව ආභරණ වල ගැලපිමක්ද තිබිය යුතුයි. රන් ආභරණ නම් ඔබ පළඳින්නේ සාරිය රන් පාට වු විට ලස්සනයි. සම්පුර්ණයෙන්ම නොවුනත් සරියේ රත්‍රන් වර්ණය අන්තර්ගත විය යුතුයි. සමහරුන් සාරිය රත්‍රන් වර්ණයෙන් අරගෙන ආභරණ රිදී වර්ණයෙන් ගන්නවා, මෙයින් සිදුවන්නේ සාරියේ වගේම වගේම ආභරණ වලත් කල එලිය නැති වීම. රන් ආභරණ වලට සුදු පැහැ සාරිය ගැලපෙන්නෙ නෑ.

SHARE

NO COMMENTS