වෙනස් වර්ගයේ මැල්ලුම් වර්ග රස බලමුද?

පි අද කියා දෙන්න යන්නේ අපට නිවසේ එදිනෙදා සොයා ගන්න පුළුවන් දේවල් වලින් කොහොමද රසවත් මැල්ලුමක් හදා ගන්නේ කියලා. ඔබට පුළුවන් දන්නා කෑමක් නොදන්නා රසයකින් ඔබගේ නිවසේ සාමාජිකයන්ට පිලිගන්වන්න.


fb- like-beg


  1. නිවිති දළු මැල්ලුම
  2. හුරුල්ලන් මැල්ලුම

නිවිති දළු මැල්ලුම

නිවිති කියන්නේ සාමාන්‍යයෙන් නිවසේදී හදාගන්න පුළුවන් ව්‍යංජනයක් සාමාන්‍යයෙන් අපි නිවිති පිසින්නේ පරිප්පු සමග නේද ? නිවිතියි පරිප්පුයි කළා ඇති වෙලානම් මෙය ඔබට අත්හදා බලන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය :

  • සිහින්ව ලියාගත් නිවිති දළු
  • ලුණු ටිකක්
  • පොල් තෙල්
  • වියලි මිරිස්
  • උළු හාල්
  • ගොරකා
  • කුරුඳු පොතු
  • ලූණු

පොල් මිශ්‍රණයට :

  • ගා ගත් පොල් අවශ්‍ය ප්‍රමාණයට
  • කහ තේ හැඳි බාගයක් පමණ
  • කැලි මිරිස්
  • අබ
  • සූදුරු
  • අමුමිරිස් කරල් දෙකක්
  • කුරුඳු පොත්තක්
  • සුදුලුනූ
  • ගම්මිරිස්
  • කරපිංචා කොළ
  • උම්බලකඩ

සාදන ආකාරය :

මුලින්ම පොල් මිශ්‍රණය සාදගත යුතුයි. මෙයට ගම්මිරිස්, කෑලි මිරිස්, උම්බලකඩ, අබ, සූදුරු දමා හොදින් අබරා ගන්න. පසුව මෙයටම සුදු ලූණු, අමු මිරිස්, කරපිංචා එක් කර අබරා ගන්න. ඔබ ටිකක් සැර කන්න ආසනම් ඔබට පුළුවන් මෙයට කොච්චි ටිකක් එකතු කරන්න.

පසුව තාච්චියක් ගෙන එය හොදින් රත් වූ පසු එයට තෙල් එක් කරන්න. එම තෙල් රත් වෙන්න ටික වේලාවක් තබන්න. එයට ලූණු, කුරුඳු පොතු, වියළි මිරිස්, දමා හොදින් තෙම්පරාදු කරන්න. එයටම ගොරකා එක් කර තෙම්පරාදු කරන්න.

පසුව අපි සාදාගත් පොල් මිශ්‍රණය මෙයට එක් කරන්න. මෙය මද ගින්නේ රත්වෙන්න ඉඩ දි, අපට පුළුවන් සිහින්ව ලියා ගත් නිවිති දළු මෙයට එක් කරන්න.

අවසානයේ කහ කුඩු හා අවශ්‍ය ප්‍රමාණයට ලුණු දමා උණු උණුවෙම පිළිගන්වන්න.


හුරුල්ලන් මැල්ලුම

සාමාන්‍ය හුරුල්ලෝ හොද්දට වඩා වෙනස් රසයක් ඔබගේ ආහාර වේලට එක් කරන්නක් තමයි හුරුල්ලන් මැල්ලුම කියන්නේ.

අවශ්‍ය ද්‍රව්‍ය :

  • හොදින් සෝදා සුද්ද කරගත් හුරුල්ලන් ( මේ වෙනුවට ඔබට කැමති කුඩා මාළු වර්ගයක් යොදා ගන්න පුළුවන්)
  • ගම්මිරිස් කුඩු
  • කහ කුඩු
  • අබ
  • රතු ලූණු
  • පහේ කුඩු
  • කරපිංචා
  • අමු මිරිස්
  • සුදුළුණු
  • පොල්
  • පොල් තෙල්
  • ලුණු
  • දෙහි

සාදා ගන්නා ආකාරය :

මාළු කපා සුද්ද කර සෝදා කහ, ගම්බිරිස්, ලුණු, දෙහි ඇබුල් දමා හොදින් සීසන් කරන්න, පසුව මෙය හොදින් තෙලේ බැද පසෙකින් තබන්න.

ඉන් පසු ඇතිලියක් ලිප තබා එය හොඳින් රත් වූ පසු පොල් තෙල් මේස හැඳි දෙකක් පමණ එක් කරන්න. හොඳින් රත් වූ තෙල් වලට අබ දමන්න. පසුව ලූණු , තලාගත් සුදු දුනු, අමු මිරිස්, ඉගුරු, කරපිංචා, දමා තෙම්පරාදු කරන්න. එයට පසුව කහ කුඩු පහේ කුඩු එක්කර විනාඩි 3ක් පමණ පිස ගන්න.

පසුව මෙයට ගොරක කැබැල්ලක් පමණ එක් කරන්න, එයටම ගා ගත් පොල්, ගම්බිරිස් කුඩු, ලුණු දමා හොඳින් මිශ්‍ර කරන්න. අවශ්‍ය නම් වතුර ස්වල්පයක් එක් කරන්න. වතුර ගතිය සිදුනු පසු එයට බැඳ ගත් මාළු එක් කරන්න. මෙය ලිපෙන් බා එය මදක් නිවුණු පසු දෙහි අබුල් ටිකක් එක් කරන්න.

SHARE

NO COMMENTS