තරබාරුකම වදයක් වූ ඇයගෙ කතාව.

ට තවමත් මතකයි. ලෝකය මට සිනාසුන හැටි. ඔහුත් මව ප්‍රතික්ෂේප කලා. ඔහුගේ ඇස්වල මං වෙනුවෙන් තිබුණ ආදරය බොරුවක්. මගේ තරබාරුකමට ඔහු නිතරම මට චෝදනා කළා. මන් ගොඩාක් ශක්තිමත් කාන්තාවක්. මට දැඩි උවමනාවක් තිබුණා නිරෝගී ලස්සන ශරීරයක් ලබාගන්න.මං ගොඩාක් අසාවෙන් කරන දෙයක් තමයි සෙල්ලම් කරන එක ගස් නගින එක, රේස් දුවන එක. මමත් කැමතියි අනිත් ගැනු ළමයි වගේම ලස්සනට ඉන්නට. ලස්සන ඇඟකට මන් ගොඩක් ආසයි. දවසක් ඔහු කිව්වා මගේ ඇග ගොඩක් මහතයි කියලා. ඇත්තටම එතන ගොඩක් සෙනඟ හිටියා. මන් ලෝකයට පෙන්න ඒ ගැන තරම් ගණන් ගන්නේ නැති බව පෙන්නුවත් මගේ සිතින් ඇත්තටම මං දුක් වුණා. සමහර විට එය මගේ මුහුණින් ඔවුනට පෙනෙන්නට ඇති. මන් නිතරම හදවතින හඬ වැටුණා නමුත් කාටවත් එය පිලිබඳ කණගාටුවක්, දුකක් තිබුණේ නැ. වයස අවරුදු 13 පමණ වෙද්දී මන් මගේ අම්මටත් වඩා වැඩියෙන් තරබරුයි වගේම බරයි. මෙය මට ඇත්තටම ගොඩක් හිතට දරා ගන්න බැරි දුකක්. මං උසස් අධ්‍යාපනය කරන කාලයේදී මට මතකයි මං උත්සහ කළා ගොඩක් කෙට්ටු වෙන්න.


fb- like-beg


මට කවදාවත් බැරි උනා සිහින් සිරුරක් තියෙන ගැහැණු ළමයෙක් වෙන්න. සාමාන්‍යයෙන් මන් ගොඩක් මහතයි. මගේ කකුල් ටිකක් මහතයි. ඒ උනාට මන් ආසයි මගේ නිල් පාට ඇස් වලට වගේම කලූ දිග කොන්ඩේට. ඒ වගේම මන් ආසයි මගේ සිනහවට මන් මගේ හැකියවන්ටත් ආදරය කරන්න පටන් අරන් තියෙන්නේ දැන්. මන් ආසයි මගේ දැනුමට. ඇත්තට ඒක ගොඩක් හොඳයි. ඒ වගේම මන් මගේ මලල ක්‍රීඩා හැකියවන්ටත් ගොඩක් කැමති.

එහෙත් ලෝකය පොඩි කළේ ඉදන්ම මට කෙට්ටු වෙන්න කියලා බල කරනවා. මං අනිවරෙන්ම මේ ලෝකය පරාද කරන්නම ඕනි. ඔවුන් මාව අගය කරන්නේ නැ. ඔවුන් දකින්නේ මගේ තරබාරු කම විතරයි.

අවරුදු කිහිපයකට කලින් මට මගේ ස්වාමියාව මුණ ගැසෙනකන් මං දැනන්න හිටියේ නැ මන් ලස්සනයි කියලා. මට ඇත්තටම ඇඟ ගැන කථා කරන්න පුළුවන් කමක් තිබ්බේ නැ ඔහුත් එක්ක. නමුත් ඔහු මට ආදරය කළා. ඔහුට මාව ප්‍රශනයක් උනේ නැ.

මගේ ප්‍රථම දැරු උපත විවාහ වෙලා එතරම් කලයක් යන්න කලින් සිදු උණා. මගේ ස්වාමි පුර්ශයා ගොඩක් කාර්යබහුල වෙලා හිටියේ. මන් ගොඩක් තනිවෙලා හිටියේ මේ කාළේ. මං ගර්භනි සමය තුල මට කැමති ඒවගේම මට ඕන දේවල් නිතර කන්න පුරුදු උණා.

මං ගොඩාක් ආහාර ගැනීමට පුරුදු උණා

මං මගේ දරුවා ඒ වගේම මහත්තයව බලාගන්න කාලය ගත කරද්දී මට මගේ ඇඟ ගැන හිතන්න ඇත්තටම වෙලාවක් තිබ්බේ නෑ. පුංචි පුතා ඉපදුනත් එක්කම මගේ බර ගොඩක් වැඩි වෙන්න පටන්ගත්තා.. මං දන්නවා මන් ආහාර පාලනය කිරීම කළ යුතු බව. මෙය ඉතාම අපහසු කටයුත්තක් වුවත් එයට මන් හුරු විය යුතුමයි.

පසු කාලීනව මං තවත් දරුවන් තුන් දෙනෙක්ට උපත දුන්නා. විශේෂයෙන් නිවුන් දැරූ උපතකුත් සිදු උනා. මේ සෑම දරු උපතකදිම මගේ ඇඟ වෙනස් වෙන්න ගත්තා. මගේ බර මේ එක්කම වැඩි වෙන්න පටන් ගත්තා.

මං නිතර දරුවන් සමග ඇවිදින්න යන විට වගේම මං ජිම් යන විටත් සමාජය මගේ තරබාරුකම ගැන කථා කරන්න ගත්තා. මේක මට මහා වදයක්. මෙය මට කන්නාඩියෙන් මා දිහා බලන විටත් මට නිතර දැනෙන්නක්. මං මෙය හොදින් වටහා ගත්තා, මා තුලම සිටින හතුරා කව්ද බව මා හොදින් දැනගත්තා.

මං අප එකීනෙකා තුල තිබෙන වෙනස හොදින් හඳුනා ගත්තා. එය නොදන්නා තාක් අප සියලු දෙනා තනිවම දුක් විදිවි. අප කිසිවෙකු එකිනෙකට සමාන නෑ. දෙවියන් වහන්සේ අපව නිර්මාණය කරලා තියෙන්නේ එකිනෙකාට ගොඩක් වෙනස් විදිහටයි. එය අප වටහා ගත්තොත් සමාජයේ කිසිම කෙනෙකුට අපගේ සිත රිද්දන්න බෑ.

SHARE

NO COMMENTS