දරුවෙක් හදන්න පෙර ඔබෙන් ඇසිය යුතු ප්‍රශ්න 14 ක් – 2 කොටස

විවාහක යුවලකගේ ඊළඟ ලොකුම බලාපොරොත්තුව තමා දරු සුරතල් බැලීම. පුංචි කිරිකැටියෙක් නිවසේ ඉන්නකොට, කිරි සුවඳ පැතිරෙනකොට තමන් තරම් වාසනාවන්ත කෙනෙක් මුළු ලෝකෙම නැහැ කියල හිතෙනවා. දරු සුරතල් බලන්න හැම දෙමව්පියෙක්ම කැමතියි. එත් දරුවකු ලබා ගැනීම කියන්නෙ ඔබ හිතන තරම්ම පහසු දෙයක් නෙවෙයි. එය විශාල වගකීමක්.

මේ වගකීමට සුදානම් නැතිව ඔබ දරුවකු ලබා ගතහොත් ඔබට විශාල ගැටළු වලට මුහුණ දීමට සිදු වේවි. ඒ නිසා මේ ප්‍රශ්න ඔබෙන්ම අසා බලන්න. ඒවාට ඔබ ළඟ පිළිතුරු තියනවා නම් ඔබ දරුවකු ලබා ගන්න සුදුසුයි. ඒවාට ඔබ ළඟ පිළිතුරු නැත්නම් ඔබ තවම දරුවකු ලබා ගැනීමට සුදුසු නැහැ. එහෙනම් ඔබ තවදුරටත් ඔබ දෙදෙනාගේ අවබෝධය සහ දැනුවත් භාවය දියුණු කර ගත යුතුයි.


fb- like-beg


08) දරුවා රැක බලා ගන්නේ කෙසේද?

දරුවා ලැබුණු පසු දරුවා රැක බලා ගැනීම සඳහා මුළු කාලයම වැය කළ යුතුය. ඔබ දෙදෙනාම රැකියාවල නිරත වන අය නම් මෙය ගැටළුවක් වේ. එනිසා ඒ සඳහා ඔබ සේවයට කෙනෙක්ව ගන්නවාද නැතහොත් ඔබේ මව්පියන්ගේ සහය ලබා ගන්නවාද එසේත් නැතිනම් මේ සඳහා ඔබේ රැකියාව කැප කරනවාද යන්න පිලිබඳ නිශ්චිත තීරණයකට එළඹිය යුතය.


09) දරුවා ලැබුණු පසු ඔබ දෙදෙනා වෙනුවෙන් කාලය සොයා ගන්නේ කෙසේද?

දරුවකු පවුලට එකතු වූ පසු ඔබ දෙදෙනාගේ සම්බන්ධතාවයේ ද බොහෝ වෙනස්කම් ඇති වේ. ඒ වගේම ඔබ දෙදෙනාම ඉතා කාර්යබහුල වේ. ඔබ දෙදෙනා වෙනුවෙන් කාලය සොයා ගැනීම එවිට ඉතා අපහසු වේ. එනිසා දරුවා ලැබුණු පසු ඔබ දෙදෙනා වෙනුවෙන් කාලය වෙන් කර ගන්න ආකාරය පිළිබඳවත් පෙර සිටම සිතා බැලිය යුතුය. නැතහොත් ඔබ දෙදෙනාගේ සම්බන්ධතාවයේ ගැටළු ඇති විය හැක. එනිසා සතියකට දෙකකට වරක්වත් ඔබ දෙදෙනා කෑමකට එලියට යාමට හෝ සැලසුම් කර ගත හැකි ආකාර පිලිබඳ සිතා බැලීම වැදගත් වේ.


10) ඔබේ දරුවාව විනයගරුක කරන්නේ කෙසේද?

දරුවකු විනයගරුක කිරීමට නම් යම්තාක් දුරට දඬුවම් ද අවශ්‍ය වේ. එහෙත් ඒ පිලිබඳ ඔබ පෙර සිටම සිතා බැලිය යුතුය. මේ සඳහා ඔබේ දෙමාපියන් හෝ යහළුවන්ගෙන් වුවුද උපදෙස් ගත හැක. දරුවා වරදක් කළ විට ඔබ එයට කේන්ති ගැනීමෙන් ඵලක් නැත. ඔබ කළ යුත්තේ දරුවා නැවත එය නොකරන ලෙසට උපදෙස් ලබා දීමයි. මෙය ඉතා සරල යයි සිතුවද ප්‍රායෝගික ජීවිතයේදී මෙය ඉතා වැදගත් කරුණකි. ඔබ ගන්න ඇතැම් වැරදි තීරණ නිසා දරුවාගේ පෞරුෂත්වයට වුවද හානි සිදු විය හැක. එනිසා දරුවාට උපදෙස් දෙන අයුරු, වරදක් කළ විට ක්‍රියා කරන අයුරු පිලිබඳ ඔබට නිසි අවබෝධයක් තිබීම අත්‍යවශ්‍යය වේ.


11) දරුවා ලැබුණු පසු ඔබේ ලිංගික ජීවිතය කෙසේ වේවිද?

ජීවන රටාවේ මෙන්ම ශරීරයේ වෙනස්කම්ද නිසා දරුවකු ලැබුණු පසු ඔබේ ලිංගික ජීවිතය නිරායාසයෙන්ම වෙනස් වේ. එනිසා එනිසා ඔබේ සහකරුවාද සමග සාකච්ඡා කර යම් කාලයක් ගෙන එයට මුහුණ දිය යුතුය.


12) දරුවාගේ වගකීම් බෙදා ගන්නේ කෙසේද?

දරුවා බලා ගැනීම ඔබ දෙදෙනාගෙන් එක අයෙකුට පමණක් කළ නොහැකිය. ඔබට ද යම් විවේකයක් අවශ්‍ය වේ. එනිසා දෙදෙනාම එක් වී එය සහයෝගයෙන් කළ යුතුය. දරුවා බලා ගැනීම මවගේ වගකීමක් පමණක් යැයි නොසිතිය යුතුය. එනිසා දරුවා නැහැවීම, රෙදි සේදීම, බලා ගැනීම මේ සියල්ල දෙදෙනාම එක් වී කළ යුතුය. දරුවා ලැබීමට පෙර ඒ පිළිබඳව ද දෙදෙනා තුළ මනා අවබෝධයක් ඇති කර ගත යුතුය.


13) දරුවා සමග නිදා ගන්න බයද?

ඇතැම් දෙමාපියන් අලුත් ඉපදුනු දරුවා සමග එක යහනේ නිදා ගැනීමට බියක් දක්වයි. ඔබට නින්ද ගිය විට නොදැනුවත්ව දරුවාට හානියක් සිදු වේ යයි ඇති බය මෙයට හේතුවයි. ඔබටත් එවැනි බියක් ඇත්නම් ඒ පිලිබඳ දැන්ම සිතා බැලිය යුතුය. එසේ නම් දරුවාට වෙනම තොටිල්ලක් ගැනීම වැනි වෙනත් විකල්පයකට යා හැක. ඔබේ සැමියා ද සමග සාකච්ඡා කර ඔහුත් එයට කැමති දැයි දැනගෙන අවශ්‍ය පියවර ගන්න.


14) දරුවකු හදා වඩා ගැනීමට තරම් ඔබ මූල්‍යමය අතින් ශක්තිමත්ද?

දරුවකු පෝෂණය කිරීමට, රැක බලා ගැනීමට ඔබ පොහොසතෙකු වීමේ අවශ්‍යතාවයක් නැත. එහෙත් දරුවාට අවශ්‍ය දෑ සැපයීමට තරම් ඔබ මූල්‍යමය අතින් ශක්තිමත් විය යුතුය. එනිසා දරුවකු පිලිබඳ සිතීමට පෙර ඔබේ මූල්‍යමය ස්ථාවර භාවය පිලිබඳ සැලකිලිමත් වීම වැදගත් වේ. දරුවා ලැබුණු පසු වෙනදාට වඩා ඔබේ වියදම් වැඩි වීම නිසැකය. එනිසා ඒ සඳහා ඔබ සුදානම් දැයි ඔබ දෙදෙනාගේ වත්කම් පිළිබද සැමියාද සමග සාකච්චා කර ඔබ එයට සුදානම් දැයි තහවුරු කර ගන්න.


දරු සුරතල් බැලීමට ඔබ කෙතරම් නොඉවසිලිමත් වුවත් ඔබ මෙවැනි දේවල් පිළිබඳ සළකා නොබලුවහොත් දරුවා ලැබුණු පසු ඔබට ගැටළු රාශියකට මුහුණ දීමට සිදු වේ. එනිසා එවැනි ගැටළු ඇති වීමට ඉඩ නොතබා මේ දේවල් ගැන හොඳින් සළකා බලා දරුවකු පිලිබඳ සිතුවොත් අනිවාර්යයෙන්ම ඔබේ සතුට දෙගුණ වනු ඇත.


මෙම ලිපියේ පළමු කොටස සදහා :-

දරුවෙක් හදන්න පෙර ඔබෙන් ඇසිය යුතු ප්‍රශ්න 14 ක් – 1 කොටස

SHARE

NO COMMENTS