දියුණුවේ රහස ඉරිසියාව නොව උත්සහයයි

Goodhousekeeping.lk කියවන අපි හැමෝම උත්සහ කරන්නේ ජීවිතේ දියුණුව කරා ගමන් කරන්නයි. ඔබේ සුන්දර රූපය රැකගන්න, ඔබේ ශරීර සෞක්‍යය රැකගන්න, මානසික ශක්තිය වැඩි කර ගන්න අපි හැම වෙලේම ඔබට උපදෙස් දෙනවා. ලංකාවේ අපි බොහෝ දෙනෙක්ට තිබෙන විශාල අඩු පාඩුවක් තමයි මානසිකව පවතින සංකූලතා. ලෝකයේ දියුණු යැයි සම්මත රට වලට වඩා අපේ රට වල මිනිස්සු තමන් දියුණුවීම කියන වැදගත් කාරනාවට වඩා උත්සහ කරන්නේ තව කෙනෙක් දියුණු වෙනවා නම් ඒ මනුස්සයාගේ දියුණුවට අකුල් හෙලීමටයි.


fb- like-beg


මේ ලිපිය ලියන්න හේතු වුනේ…..

පසුගිය දිනවල පුවතක් පල වුනා ඔබ දකින්න ඇති එක්තරා මහත්මයෙක් අක්කර දෙකක කුඩා ඉඩමක බොහොම අමාරුවේන් කෙසෙල් වවලා. ජලය නැති මේ මහා නියගයේ ඔහු වගා ලිඳක් කපාගෙන කලෙන් වතුර ඇදලා දාල තමා මේ වගාව කරලා තිබෙන්නේ. කොතරම් වෙහෙසක්ද? තමාගේ දියුණුව වෙනුවෙන් මිනිස්සු කැප විය යුතුයි.

ඉතින් අස්වැන්න නෙලන්න කිට්ටුව යමෙක් වත්තට ඇවිත් මුළු කෙහෙල් යායම කපා දමලා. ඔය වගේ මීට පෙර ගස්ලබු යායකට වස තෙල් වගයක් ගහලා තිබෙනවා දැක්කා. තව කෙනෙක් දියුණු වෙද්දී මෙවැනි ක්‍රියා කිරීම කොතරම් අප්‍රිය ජනකද? ඒ වගේම කොතරම් පහත්ද?


අපේ ජීවිතෙත් මීට දෙවෙනි නැහැ….

අපි රාත්‍රියට බලන කතාවේ පටන් ජනතාව තුල පැතිරිලා තියෙන්නේ මොකද්ද? ඉරිසියාව. අම්මා සහ දුවලා එකිනෙකාට ඉරිසියයි. ලේලිගේ පවුල කඩලා දාන්න නැන්දම්මා කුමන්ත්‍රන කරනවා. අක්කගේ දරුවා ඉගෙන ගන්න කැමති නම් නංගි ඒ දරුවට කට කතා හදනවා. මානසිකව වට්ටලා අධ්‍යාපනය නැති කර දමන්නට. කාර්යාලයක ඉන්න ගැහැණු ළමයෙක් ලස්සනයි නම් වැඩට දක්ෂ නම් ප්‍රධානියාට කේලම් කියනව ඇය අස්කර දමන්නට. හොඳම යෙහෙළියෝ වගේ දිවෙන් දිව ගාගෙන ඉන්නවා නමුත් පොඩ්ඩක් එහාට ගිය ගමන් “ අපෝ එයාද..එයාට කොල්ලෝ මෙච්චරක් ඉන්නවා. එයාල අඩු කුලේ” මොකක් හරි වරදක් කියනවා.


මෙයින් හානි වෙන්නේ ඉරිසියා කරන කෙනාටමයි…

අනුන් වනසන්න වැය වෙන්නේ ඔබේ දියුණුවට යෙදිය හැකි කාලයයි. එම කාලය කාටවත් වැඩක් නැතුව අපතේ යනවා. ඒ වගේම කිසිම කෙනෙක් කැමති නැහැ නිකරුනේ තමාව විනාශ කරන්න යන කෙනෙක්ට. එවිට සිද්ධ වෙන්නේ මොකද්ද ? ඔබව හසු වුනොත් විශාල විනාශ වලට මුහුණ දෙන්න සිදු වෙනවා. ඉහත සිද්ධියේදී දැන් පොලිසිය පර්යේෂණ පවත්වනවා. කරපු කෙනා අහු වුනොත් හිර දඬුවම් නියම වෙනවා. ඒ වගේමයි ඒ කරන වෙලේ අතට හසු වුනා නම් විශාල අනතුරක් සිද්ධ වෙන්න තිබුනා.


කෙනෙක් ඔබට වඩා දියුණු වෙලා නම්…..

ඔබ මොහොතකටවත් හිතුවද මේ අනුන්ට කතා හදන්න, අනුන්ව වට්ටවන්න වැය කරන කායික සහ මානසික වෙහෙස තමන් දියුණු වෙන්න යෙදුවා නම් කොතරම් කදීමද කියල? කෙට්ටු ගැහැණු ළමයෙක්ට ඉරිසියා කරලා ඇයට කැමති අය තරහා කරන්න හදනවාට වඩා හොඳයි ඒ කාලේ වැය කරලා අන්තර්ජාලය බලලා ව්‍යායාම සහ ආහාර සටහන් ටිකක් ඉගෙනගෙන තමන්ගේ බර අඩු කර ගන්න උත්සහ කරා නම්.

තව කෙනෙක්ගේ ව්‍යාපාරය විනාශ කරන්න උත්සහ කරාට වඩා හොඳයි තමනුත් අධ්‍යනය කරලා, ඒ අදාළ කෙනාගෙන් උපදෙසුත් අරගෙන තමනුත් අලුත් යමක් පටන් ගත්තා නම්. එතකොට තමන්ට සල්ලිත් ලැබෙනවා. ඔබේ තවත් ඇයට ප්‍රතිලාභ ලැබෙනවා. එයින් ඔබට විශාල කීර්තියක්, ගෞරවයක් වගේම ලොකු ආශීර්වාදයක් ජීවිතේට ලැබෙනවා.


නීතියෙන් ගැලවුනත්….

ඇතැම් උදවිය හිතනවා කටකතාවක් පැතිරුවට නීතියට හසු වෙන්නේ නැහැ. නිර්නාමික දුරකථන ඇමතුම් දීල කෙනෙක්ගේ විවාහ ජීවිතේ නැති කලාට නීතියට අහු වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ ආරක්ෂිතයි කියල. නැහැ. ඔබ වැරදියි. අප දීර්ඝ කාලයක් තිස්සේ දැක තිබෙනවා අනුන්ගේ ජීවිත විනාශ කළ මිනිසුන්ට අත් වූ ඉරණම. ඔවුන් ජීවිතේ ගොඩක් විනාශ වලට මුහුණ දුන්නා. ව්‍යාජ FB පිටු හදාගෙන ගැහැණු ළමයින්ට මඩ පෝස්ටර් ගසපු එක පුද්ගලයෙක් අකාලයේ මිය ගියා. එදා හැමෝම කීවේ ඔහුට පල දුන්නේ ගැහැණුන් විසින් කළ සාපය කියලයි.

තවත් මහත්මයෙක් බොහෝ දෙනෙක්ගේ පවුල් අවුල් කළා. මොකද ඔහුගේ විවාහ ජීවිතය යහපත් මට්ටමක තිබුනේ නැහැ. ඒ ඔහුගේ සල්ලාල ජීවන රටාව නිසයි. එතුමාගේ ප්‍රියතම දරුවා හදිස්සියේ මියැදුනා. ඔහු විශ්වාස කළා මේ තමන් අනුන්ගේ පවුල් අවුල් කළ නිසා පල දුන් කර්මයක් ලෙස.

ඔවු ඔබ කෙනෙක්ව ඉරිසියාව නිසා විනාශ කරන්න හිතෙනවා නම් දෙපාරක් හිතන්න. මේ මනුස්සයා මොන තරම් වෙහෙසකින්ද මේ හැම දෙයක්ම ගොඩ නගන්න ඇත්තේ කියල. මේ දේවල් විනාශ කරහම ඒ මනුස්සයට දැනෙන ශෝකය යම් දිනක මගේ ජීවිතේ අළු කරන කුණාටුවක් වෙලා මට ආපිට එනවා කියන ධර්මතාවය නිතරම ඔලුවට ගන්න.

ජීවත් වෙන විට, හම්බ කරන්න කර්මාන්තයක් කරන විට, හැමවිටම සාධාරණය ගැන සිතා කටයුතු කරන්න. ඔබ සැමට සුබ දවසක්.

SHARE

NO COMMENTS